The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

අමෙරිකානු ජනාධිපති සම්මාන : ස්වාධීනත්වයේ පදක්කම: ‘මැජික්’ ජොන්සන් හා ලයනල් මෙසී ට

T

The Leader Desk

January 6, 2025 • 12:41 PM

අමෙරිකානු ජනාධිපති සම්මාන : ස්වාධීනත්වයේ පදක්කම: ‘මැජික්’ ජොන්සන් හා ලයනල් මෙසී ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතින් ධවල මන්දිරයේදී මේ පදක්කම් පිරිනමා ඇත්තේ විශේෂ උත්සවයකදී.
  • ක්‍රීඩාව, දේශපාලනය, ආගන්තුක සත්කාරය, සිවිල් අයිතීන්, LGBTQ+ වෙනුවෙන් කතා කිරීම හා විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි වඩාත්ම ජනප්‍රිය පුද්ගලයන් 19 දෙනෙකුට මේ පදක්කම් මගින් ‌ගෞරවය පුදකර තිබෙනවා.
  • මේ පදක්කම්ලාභීන් අමෙරිකාවේ සාර්ථකත්වය, වටිනාකම හෝ ආරක්ෂාව, ලෝක සාමය හෝ අනෙකුත් සැලකිය යුතු සමාජීය, පොදු හෝ පෞද්ගලික උත්සාහයන් වෙනුවෙන් ආදර්ශවත් දායකත්වයක් ලබා දී ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.
  • බාස්කට්බෝල් තරග බිමේ එදා මෙදා තුර සිටි ශ්‍රේෂ්ඨතම ‘පොයින්ට් ගාඩ්’ ක්‍රීඩකයා ලෙසින් නිතර හැඳින්වෙන 65 හැවිරිදි ජොන්සන්, තමාට HIV වෛරස් රෝගය තිබෙන බවට නිවේදනය කරමින් 1991 වසරේදී හදිසියේ ම ක්‍රීඩාවෙන් සමුගැනීමට පෙර Los Angeles Lakers කණ්ඩායම සමග පස් වතාවක් NBA ශූරයෙක් බවට පත්වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතින් ධවල මන්දිරයේදී මේ පදක්කම් පිරිනමා ඇත්තේ විශේෂ උත්සවයකදී.
 
ක්‍රීඩාව, දේශපාලනය, ආගන්තුක සත්කාරය, සිවිල් අයිතීන්, LGBTQ+ වෙනුවෙන් කතා කිරීම හා විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි වඩාත්ම ජනප්‍රිය පුද්ගලයන් 19 දෙනෙකුට මේ පදක්කම් මගින් ‌ගෞරවය පුදකර තිබෙනවා. මේ පදක්කම්ලාභීන් අමෙරිකාවේ සාර්ථකත්වය, වටිනාකම හෝ ආරක්ෂාව, ලෝක සාමය හෝ අනෙකුත් සැලකිය යුතු සමාජීය, පොදු හෝ පෞද්ගලික උත්සාහයන් වෙනුවෙන් ආදර්ශවත් දායකත්වයක් ලබා දී ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.
 
“අපේ රටේ උසස්ම සිවිල් ගෞරවය වන ස්වාධීනත්වයේ පදක්කම සැබැවින්ම අතිවිශේෂ පුද්ගලයන් කණ්ඩායමකට පිරිනැමීමේ ගෞරවය ජනාධිපති වශයෙන් අවසාන වතාවට මට හිමිව තිබෙනවා. මේ අතිවිශේෂ පුද්ගලයන් ඔවුන්ගේ පූජනීය පරිශ්‍රමයන් අමෙරිකාවේ සංස්කෘතිය හා කාරණාවන් හැඩගැස්සුම පිණිස යොදා තිබෙනවා” යනුවෙන් ජෝ බයිඩන් සිය කතාව ආරම්භ කරමින් පවසා තිබෙන්නේ පදක්කම්ලාභීන් සියලු දෙනාට තනි තනිව ස්තූති කරමින්.
 
බාස්කට්බෝල් තරග බිමේ එදා මෙදා තුර සිටි ශ්‍රේෂ්ඨතම ‘පොයින්ට් ගාඩ්’ ක්‍රීඩකයා ලෙසින් නිතර හැඳින්වෙන 65 හැවිරිදි ජොන්සන්, තමාට HIV වෛරස් රෝගය තිබෙන බවට නිවේදනය කරමින් 1991 වසරේදී හදිසියේ ම ක්‍රීඩාවෙන් සමුගැනීමට පෙර Los Angeles Lakers කණ්ඩායම සමග පස් වතාවක් NBA ශූරයෙක් බවට පත්වුනා. 1996 වසරේදී NBA ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් 50 දෙනාගෙන් කෙනෙකු ලෙස ගෞරවයට පාත්‍ර වූ ජොන්සන් 2021 වසරේදී NBA 75 වැනි සංවත්සරික කණ්ඩායමට තෝරා ගනු ලැබුවා. Naismith Memorial Basketball Hall of Fame පදවියෙන් දෙවරක් පිදුම් ලැබූ ජොන්සන් ඔහුගේ තනි ක්‍රීඩා දිවිය වෙනුවෙන් 2002 වසරේ ද, සිහින කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් 2010 වසරේ ද ගෞරවනීය තත්ත්වය හිමිකර ගත්තා.
fcf393f0 cace 11ef b2f5 cf2599ee0264ඉයවින් ‘මැජික්’ ජොන්සන්
 
තරග බිමෙන් සමුගැනීමෙන් පසුව මේ සුපිරි බාස්කට්බෝල් ක්‍රීඩකයා HIV/AIDS රෝග වැළැක්වීම වෙනුවෙන් දේශකයෙක් බවට පත්වුනා. ඔහුගේ පරාර්ථකාමී කාර්යයන් විසින් අඩු පහසුකම් ඇති ප්‍රජාවන්ට උපකාර කරන්නේ ‘මැජික් ජොන්සන් පදනම’ හරහා. 


සිය ක්‍රීඩා දිවියෙන් පසුව ජොන්සන් වෘත්තීය බාස්කට්බෝල් කණ්ඩායම් කිහිපයකම අයිතිකරුවන්ගේ සමූහයට බැඳුනා.

 

මතභේදයන් රැසකින් ඇරඹි අවසානයේ මෙසී කිරුළු පැළඳි ලෝක කුසලානය (වීඩියෝ)ලයනල් මෙසී 
පාපන්දු ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ අතිවිශිෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන 37 හැවිරිදි ලයනල් මෙසී තනි වාර්තා ගණනාවක්ම පිහිටුවා තිබෙන්නේ ‘බැලන් ඩෝ’ සම්මාන අටක් සහ ‘FIFA ලෝකයේ හොඳම ක්‍රීඩකයා’ සම්මානය අට වතාවක් ජයග්‍රහණය කරමින්. වෘත්තීය පාපන්දු ඉතිහාසයේ වැඩිම සම්මාන හා කිරුළු හිමිකර ගෙන සිටින මෙසී UEFA චැම්පියන්ස් ලීග් හතරක් ද, Copa America ශූරතා දෙකක් ද සහ FIFA ලෝක කුසලානය ඇතුළු කණ්ඩායම් කුසලාන 45ක් හිමිකර ගෙන තිබෙනවා.

අමෙරිකානු MLS පාපන්දු තරගාවලියේ Inter Miami සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු පූර්ණ ක්‍රීඩා වාරයේදී මෙසී තරග 19කදී ගෝල් 20ක් සහ ගෝල් ලබා ගැනීමට සහාය වීම් 16ක් වාර්තා කිරීමෙන් පසුව 2024 ලීගයේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා ලෙස නම් කෙරුනා. එහිදී ඔහුගේ කණ්ඩායම ලකුණු 74ක මෙහෙයුමක යෙදෙමින් ලීග් වාර්තාවක් ද බිහිකළා.

රොනාල්ඩෝගෙන් ඡන්දය නොලැබුනත් මෙසී 2023 හොඳම පාපන්දු ක්‍රීඩකයා වෙයි 

මෙසී ඔහුගේ ‘ලියෝ මෙසී පදනම’ මගින් ලොව වටා ළමයින් වෙනුවෙන් සෞඛ්‍ය සත්කාරය හා අධ්‍යාපන වැඩසටහන්වලට ආධාර කරන අතර UNICEF හොඳහිත තානාපතිවරයෙකු ලෙස ද කටයුතු කරනවා.

මෙසී ධවල මන්දිරයේ පැවති පදක්කම් පිරිනැමීමේ උත්සවයට පැමිණියේ නැහැ. කළින් යොදා ගත් කාර්යයන් හේතුවෙන් තමාට පැමිණීමට නොහැකි බවත් මේ පදක්කම සඳහා නම් කිරීම තමාට ඉතාමත් ලොකු ගෞරවයක් බවත් ලයනල් මෙසී ධවල මන්දිරයට ස්තූති කිරීමේ ලිපියක් යවමින් කියා තිබෙනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අමෙරිකානු ජනාධිපති සම්මාන : ස්වාධීනත්වයේ පදක්කම: ‘මැජික්’ ජොන්සන් හා ලයනල් මෙසී ට | The Leader