The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර අයිස් හොකී තරගාවලියක් අවලංගු කරයි

T

The Leader Desk

January 7, 2025 • 10:28 AM

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර අයිස් හොකී තරගාවලියක් අවලංගු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම තරගාවලියට ඊශ්‍රායල ජාතික කණ්ඩායමේ සහභාගීත්වය හේතුවෙන්, එම අවලංගු කිරීම සිදු කර ඇතැයි, එරට මාධ්‍ය පවසයි.
  • පසුගිය ආසන්න කාලවකවානුවේ, ඔස්ට්‍රේලියාව තුළ යුදෙව් විරෝධී ප්‍රහාරවල වර්ධනයක් දක්නට විය.
  • ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ සිදු වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ගාසා තීරයේ යුද්ධය ඇරඹි තැන් සිට, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර දිගින් දිගටම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය.
  • ඊට ප්‍රතිචාර ලෙස රජය, ඔස්ට්‍රේලියානු වැසි යුදෙව්වන්ගේ ආරක්ෂාව පතා ප්‍රමාණවත් පියවර නොගත් බවට ද චෝදනා එල්ල වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එම තරගාවලියට ඊශ්‍රායල ජාතික කණ්ඩායමේ සහභාගීත්වය හේතුවෙන්, එම අවලංගු කිරීම සිදු කර ඇතැයි, එරට මාධ්‍ය පවසයි.
 
ඊශ්‍රායල ජාතික අයිස් හොකී කණ්ඩායම ද එම තරගාවලියට සහභාගී වීමේ අපේක්ෂාවෙන් පසු විය. එහෙත්, එම කණ්ඩායමේ  ආරක්ෂාව පතා තරගාවලිය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩා බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
ක්‍රීඩාවෙන් පිට ගෝලීය ගැටළු පිලිබඳ අදහස් දැක්විය නොහැකි යැයි, ඔස්ට්‍රේලියානු අයිස් හොකී සම්මේලනය කියා සිටිය ද, ඒ සම්බන්ධ පැහැදිලි හේතු දක්වමින් ඔවුන් ජාත්‍යන්තර අයිස් හොකී සම්මේලනය වෙත ඊ -මේල් පණිවුඩයක් යවා ඇතැයි, මාධ්‍ය පවසයි. 
 
ice hockey


ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර දී ලබන අප්‍රේල් මස එම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබිණි.   

පසුගිය ආසන්න කාලවකවානුවේ, ඔස්ට්‍රේලියාව තුළ යුදෙව් විරෝධී ප්‍රහාරවල වර්ධනයක් දක්නට විය. වත්මන, එරට, එම ප්‍රහාරවලට එරෙහි විශේෂ කාර්ය බලකායයක් ද පිහිටුවා තිබේ.

2023 ඔක්තෝබර 7 දා, ඊශ්‍රායලයේ සිදු වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ගාසා තීරයේ යුද්ධය ඇරඹි තැන් සිට, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර දිගින් දිගටම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය. ඊට ප්‍රතිචාර ලෙස රජය, ඔස්ට්‍රේලියානු වැසි යුදෙව්වන්ගේ ආරක්ෂාව පතා ප්‍රමාණවත් පියවර නොගත් බවට ද චෝදනා එල්ල වේ.

Prime Minister Anthony Albanese speaks to media during a doorstop event in the Gympie Region, Monday, January 06, 2025. (AAP Image/Russell Freeman) NO ARCHIVINGඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්

 

කෙසේ වෙතත්, තරගාවලිය අවලංගු කිරීමට සිදුවීම  කණගාටුවට කරුණක් බවත්, ඕස්ට්‍රේලියාවේ වෙසෙන සියලු යුදෙව් ජාතිකයින් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අද පැවසීය. 

"මෙම තීරණය ගෙන ඇත්තේ රජය නොව ඔස්ට්‍රේලියා අයිස් හොකී සම්මේලනය යි," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. 
  
(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...