The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

'මෙහෙම ගියොත් ටෙස්ට් තරග නැතිවෙලා යයි'

T

The Leader Desk

January 7, 2025 • 4:55 PM

'මෙහෙම ගියොත් ටෙස්ට් තරග නැතිවෙලා යයි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තෙන්ම කම්පනයක්'' මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය X ගිණුමේ තබා තිබු සටහනකි.
  • ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි මාස 16ක කාලය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට් තරග සංඛ්‍යාව සම්බන්ධයෙන් මේ වන විට සැලකිය යුතු අවධානයක් යොමු වී තිබේ.
  • මෙවර ICC ටෙස්ට් ශුරතාවලියේ ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 05 වන ස්ථානයේ ය.
  • ජනවාරි 29 වැනිදා සිට පෙබරවාරි 10 වැනිදා දක්වා ටෙස්ට් තරග දෙකක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්තෙන්ම කම්පනයක්'' මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය X ගිණුමේ තබා තිබු සටහනකි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි මාස 16ක කාලය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට් තරග සංඛ්‍යාව සම්බන්ධයෙන් මේ වන විට සැලකිය යුතු අවධානයක් යොමු වී තිබේ.

මෙවර ICC ටෙස්ට් ශුරතාවලියේ ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 05 වන ස්ථානයේ ය.

srt4

මෙම වසරේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරගාවලි මොනවා ද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අනාගත තරගාවලි සැලසුම් කිරීම යටතේ ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන තරග සංඛ්‍යාව සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

2025 ජනවාරි 29 වැනිදා සිට පෙබරවාරි 10 වැනිදා දක්වා ටෙස්ට් තරග දෙකක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.

එම ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැවත ජාත්‍යන්තර පිටියේ ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට මාස 05 කට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව තිබේ.

මෙම වසරේ ජුලි මාසයේ දී ශ්‍රී ලංකාව බංගලාදේශ කණ්ඩායම සමග මෙරටදී ටෙස්ට් තරග දෙකකට මෙන්ම තරග 03 බැගින් වූ එක්දින සහ විස්සයි 20 තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතය.

බංගලාදේශ තරග සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග තරග 03 බැගින් වූ එක්දින සහ විස්සයි 20 තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරිමටත් නියමිතව තිබේ.

එමෙන්ම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී අයර්ලන්ත කණ්ඩායම සමග තරග 03 බැගින් වූ එක්දින සහ විස්සයි 20 තරගාවලියකට මුහුණ දීමට නියමිතයි.

නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 03 බැගින් වූ එක්දින සහ විස්සයි 20 තරගාවලියක් සඳහා පකිස්ථානය බලා යාමට නියමිතව තිබේ.

ඒ අනුව 2025 වසරේදී ආසියානු කුසලාන තරගාවලිය හැර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන්නේ ටෙස්ට් තරග 04ක්, එක්දින සහ විස්සයි 20 තරග 24 කට පමණයි.

fge546| 2025 වසරේදී ආසියානු කුසලාන තරගාවලිය හැර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන්නේ ටෙස්ට් තරග 04ක්, එක්දින සහ විස්සයි 20 තරග 24 කට පමණයි
'මේක නීරස වසරක් '

මෙම වසරේ ජුලි මාසයේදී බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කිරිම සඳහා 2026 වසරේ ජුනි මාසය දක්වා බලා සිටීමට සිදුවේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එම ටෙස්ට් තරගාවලිය ද ඇතුළුව ශ්‍රී ලංකා කණ්ඩායමට 2026 වසරේදී ද ක්‍රීඩා කිරීමට ඇත්තේ ටෙස්ට් තරග 04ක් පමණයි. අනෙක් ටෙස්ට් තරග 02ක ඉන්දියාව සමග අගෝස්තු මාසයේදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

සමාජ මාධ්‍ය පරිශීලකයින් පවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ICC තරගාවලි සැලසුම් කිරීම සම්බන්ධයෙන් අදහස් පළකර තිබුණි.

"ශ්‍රී ලංකාවට එතරම් ගුණාත්මක ප්‍රතිවාදීන් හෝ සැලසුම් කිරීම් නොමැති වත්මන් ඉදිරි තරගාවලි සැලසුම් කිරීම් සමඟ 2025 වසර ක්‍රිකට් සඳහා නීරස වසරක් වනු ඇත, මම මෙය පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පමණක් අනුගමනය කරන කෙනෙකු ලෙස ය"

මේ අතර ක්‍රිකට් තරග නරඹන්නෙකු වන ශවීන්ද්‍ර පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ ක්‍රිකට් තරගාවලි සැලසුම් කිරීමේදී එක්දින සහ විස්සයි 20 තරගවලට මෙන්ම ටෙස්ට් තරග සඳහා ද ඉඩක් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය උනන්දු විය යුතු බවයි.

"ඉස්සරහට මාස 18ක් ඇතුලත ශ්‍රී ලංකාව සෙල්ලම් කරන්නේ ටෙස්ට් තරග 06ක් විතරක් නම් ඒක ටෙස්ට් තරග බලන්න කැමති ප්‍රේක්ෂකයින්ට විතරක් නෙමේ ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට වුනත් කරන ලොකු අපරාධයක්.''

''වන් ඩේ මැච් වගේ නෙමෙයි ටෙස්ට් මැචස්වල දී තියෙන්නේ වෙනම දෙයක්. උදාහරණයක් විදිහට දැන් ඉවර වුන ඔස්ට්‍රේලියා - ඉන්ඩියා ටෙස්ට් සීරිස් එක බලන්න. මිනිස්සු කැමති ටෙස්ට් මැචස් බලන්න." ශවින්ද්‍ර පැවසුවේය.

sfgt34

'ඇයි තරුණ ක්‍රීඩකයින් ටෙස්ට් තරග සෙල්ලම් කරන්න ඕන?'

මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රොෂාන් අබේසිංහ කියා සිටියේ ඉදිරි තරග සැලසුම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇති සීමිත ටෙස්ට් තරග දෙස බලන කළ තරුණ ක්‍රීඩකයින් ටෙස්ට් තරගවලට ක්‍රීඩා කිරීමට යොමු වන්නේ ඇයි ද යන්න ප්‍රශ්නය මතුවන බවයි.

"මේ අවුරුද්දේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 04යි ක්‍රීඩා කරන්නේ. ඒ ටෙස්ට් තරග ක්‍රීඩා කරන දවස් 20 වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් දවස් 365 පුරාවට ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒ ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රීඩා කරන නිසා ලීග් තරගාවලි ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැහැ.''

''මේ වගේ කරුණු බලද්දී ඇයි අපේ තරුණ ක්‍රීඩකයින් ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න ඕන ? කියන ප්‍රශ්නය ඇතිවෙනවා. ඒ අයට පුළුවන්නේ විස්සයි 20 ක්‍රීඩා කරලා ලීග් තරගාවලි වලට ක්‍රීඩා කරන්න.''

''මේ ආකාරයෙන් ගියොත් අපේ ටෙස්ට් ක්‍රීඩාව නැතිවෙලා යයි. එහෙම වුනොත් පළමු පෙළ තරගාවලි මෙන්ම පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවට පවා හානියක් සිදුවෙන්න පුළුවන්" ඔහු පැවසුවේය.

ටෙස්ට් තරග අවම මට්ටමින් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඔහු දැක්වුයේ මෙවන් අදහසකි.

''දැන් සුදු පන්දුවෙන් සහ රතු පන්දුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කියලා වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අද කාලයේ රටවල්වලට වෙන් වෙන් වශයෙන් විස්සයි 20 සහ ටෙස්ට් ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කරන්න කියලා වෙනම කණ්ඩායම් ඉන්නවා. ඒ වගේම ටෙස්ට් තරගවලට ක්‍රීඩා කරන සහ විස්සයි 20 තරගවලට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ඇතුළත්ව එක්දින තරග සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම හැදිලා තියෙන්නේ.''

''මොකද අද වෙනකොට IPL වගේ විස්සයි 20 ලිග් තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කරන නිසා ගොඩක් රටවල ක්‍රීඩකයින් මේ තරගාවලි නියෝජනය කරනවා. හැබැයි මම විශ්වාස කරන්නේ කොච්චර ක්‍රීඩකයින් ක්‍රීඩා කලත් මේ තරගවලට ගොඩක් ක්‍රීඩකයින් ඉන්නවා ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න බලාගෙන ඉන්නේ.' රොෂාන් අබේසිංහ පැවසුවේය.

මේ වගේ කරුණු බලද්දී ඇයි අපේ තරුණ ක්‍රීඩකයින් ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න ඕන ?

ghy45| මේ වගේ කරුණු බලද්දී ඇයි අපේ තරුණ ක්‍රීඩකයින් ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න ඕන ?

'අඩුම තරග 10ක් ක්‍රීඩා කළ යුතුයි'

මේ අතර එක් රටක් සෑම වසරකම ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කළ යුතු බවට තමන් යෝජනා කරන බවත්, මුල්‍ය අතින් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන රටවල් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මැදිහත් වී සහනයක් වීම සඳහා යම් අරමුදලක් පිහිටුවා කටයුතු කළ යුතු බවට තමන් යෝජනා කරන බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ මෙහිදී පැවසුවේය.

''මම යෝජනා කරනවා ICC එක නීතියක් ගෙන්න ඕන ඔය ICC ටෙස්ට් ශුරතාවලියත් එක්ක එක රටක් අඩුම තරමින් අවුරුද්දට ටෙස්ට් තරග 10ක් හෝ ක්‍රීඩා කරන්න ඕන කියලා.''

''එහෙම යෝජනා කළොත් සමහර කණ්ඩායම් වලට ගැටළු සහගත තත්ත්වයක් එනවා. මොකද අද මුදල් හම්බ වෙන්නේ ක්‍රිකට් හරහා නෙමෙයි රූපවාහිනී විකාශන අයිතීන් හරහා. අපි උදාහරණයක් විදිහට හිතමු සිම්බාබ්වේ සහ අයර්ලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වුවා කියලා. එතකොට මේ තරගාවලිය පවත්වන රටේ ක්‍රිකට් ආයතනයට යම් පාඩුවක් වෙන්න පුළුවන්.''

''ඒ නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 'ටෙස්ට් ෆන්ඩ්' කියලා අරමුදලක් පිහිටුවලා ඒ වගේ කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගවලදී වියදම් වන මුදල් වලින් කොටසක් දැරීමට කටයුතු කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක් කියලා මම දකිනවා.''

''ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මම යෝජනා කරපු දේ එක්ක තවත් දේවල් ඇතුළත් කරලා අවුරුද්දකට ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කරන්න ඉඩ සලසලා දුන්නොත් මේ තත්ත්වය හොඳ අතට හරවා ගන්න පුළුවන්.' ඔහු පැවසුවේය.

(සටහන | දිනුක් හේවාවිතාරණ)
BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...