The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

චැම්පියන්ස් කුසලානය: ඇෆ්ගනිස්තාන තරගය වර්ජනය කරන්නැයි එංගලන්ත දේශපාලනඥයින්ගෙන් බලකිරීමක්

T

The Leader Desk

January 8, 2025 • 12:45 PM

චැම්පියන්ස් කුසලානය: ඇෆ්ගනිස්තාන තරගය වර්ජනය කරන්නැයි එංගලන්ත දේශපාලනඥයින්ගෙන් බලකිරීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටලිබාන්වරු 2021 වසරේදී ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසුව කාන්තාවන්ට ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙන්නේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කළ යුතු බවට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) සිය අනුබද්ධිත රටවලට පනවා තිබෙන නීතිරීතිය නොසලකා හරිමින්.
  • එංගලන්ත පිරිමි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 26 වැනිදා ලාහෝරයේදී ඇෆ්ගනිස්තානය සමග තරග වැදීමට නියමිතයි.
  • මේ වෙනුවෙන් එක්සත් වූ ජාත්‍යන්තර ප්‍රතිචාරයක් කැඳවා සිටින ECB ප්‍රධාන විධායක නිලධාරී Richard Gould, ටලිබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් හා තරුණියන්ට සලකන ආකාරය පිළිබඳව ECBය ඉතාමත් දැඩි අප්‍රසාදය පළ කරන බව කියා සිටිනවා.
  • “සියලු සාමාජික රටවල් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් කැපවිය යුතු බව ICC ව්‍යවස්ථාවෙන් නියෝග කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ටලිබාන්වරු 2021 වසරේදී ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසුව කාන්තාවන්ට ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙන්නේ කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කළ යුතු බවට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) සිය අනුබද්ධිත රටවලට පනවා තිබෙන නීතිරීතිය නොසලකා හරිමින්.
 
එංගලන්ත පිරිමි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 26 වැනිදා ලාහෝරයේදී ඇෆ්ගනිස්තානය සමග තරග වැදීමට නියමිතයි. එංගලන්ත ප්‍රතිසංස්කරණ නායක Nigel Farage සහ හිටපු කම්කරු පක්ෂ නායක Jeremy Corbyn වැනි පුද්ගලයන් ඇතුළු House of Commons හා House of Lords යන දෙපර්ශවයේ සන්ධානයක්, ටලිබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ තරුණියන්ට හා කාන්තාවන්ට බියවද්දන ආකාරයෙන් සැලකීමට එරෙහිව හඬ නගන ලෙසට ECB ට බලකර තිබෙනවා.
සරණාගත ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කරන්නැයි ඉල්ලීමක්
 
ටලිබාන්වරුන්ගේ ප්‍රතිපත්ති එසේ තිබියදී ඇෆ්ගනිස්තානය දිගටම ICCයේ අනුමැතිය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් බිමේ තරග කරමින් සිටිනවා. මේ වෙනුවෙන් එක්සත් වූ ජාත්‍යන්තර ප්‍රතිචාරයක් කැඳවා සිටින ECB ප්‍රධාන විධායක නිලධාරී Richard Gould, ටලිබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් හා තරුණියන්ට සලකන ආකාරය පිළිබඳව ECBය ඉතාමත් දැඩි අප්‍රසාදය පළ කරන බව කියා සිටිනවා.

“සියලු සාමාජික රටවල් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් කැපවිය යුතු බව ICC ව්‍යවස්ථාවෙන් නියෝග කර තිබෙනවා. මේ කැපවීමට අනුව ඇෆ්ගනිස්තානය සමග ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග කිසිවක් ක්‍රීඩා නොකරමින් ECBය ඔවුන්ගේ ආකල්පය පවත්වා ගෙන ගොස් තිබෙනවා.”
 
“ICCය තුළ තවදුරට ජාත්‍යන්තරව ක්‍රියා කිරීමේ එකඟත්වයක් නැති බැවින් එවැනි පියවරක් ගන්නා ලෙසට කියා සිටිමින් ECBය දිගටම ක්‍රියාකාරීව කටයුතු කරනවා. තනි සාමාජිකයන් විසින් ගන්නා ද්විපාර්ශ්වික ක්‍රියා මාර්ගයන්ට වඩා ICCය සම්බන්ධ වී කරන පුළුල් ප්‍රවේශය සැලකිය යුතු ආකාරයේ වැඩි තද බලපෑමක් ඇති කරනවා.”
ක්‍රිකට් ලෝකයේ ආදරය දිනා ගත් ඇෆ්ගනිස්තානය
 
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින (ODI) ශ්‍රේණිග කිරීම්වල අට වැනි ස්ථානය දක්වා ඉහළට පිවිසෙමින් මෑත වසරවල ප්‍රමුඛත්වයක් අත්කර ගෙන සිටිනවා. 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය පරාජය කළ ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසියේ ඔස්ට්‍රේලියාව තරගාවලියෙන් ඉවතට විසි කිරීමට සමත් වෙමින්.

කාන්තාවන්ගේ මානව අයිතීන් පිරිහීමේ තත්ත්වය උපුටා දක්වමින් ඔස්ට්‍රේලියාව පසුගිය වසරේදී ඇෆ්ගනිස්තානය ට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 තරගමාලාවක් අහෝසි කළා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...