The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

කැනඩාවේ ජනප්‍රිය බැඩ්මින්ටන් පුහුණුකාරිනියගෙන් ක්‍රීඩකයන්ට සාර්ථක පුහුණුවක්

T

The Leader Desk

January 11, 2025 • 5:36 PM

 කැනඩාවේ ජනප්‍රිය බැඩ්මින්ටන් පුහුණුකාරිනියගෙන්  ක්‍රීඩකයන්ට සාර්ථක පුහුණුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම වැඩමුළුව පැවැත්වුනේ විදුහලේ තරුණ හා උත්සාහවන්ත සහජ කුසලතා ඇති ක්‍රීඩකයන් ඉලක්ක කරගෙන.
  • ඔහු සාමාන්‍යයෙන් වාර්ෂික පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ බණ්ඩාරවෙල නගරයේ වූව ද මෙවර එය පාසලේ පවත්වන ලෙසට දියණියට උපදෙස් දී තිබුණා.
  • බැඩ්මින්ටන්, ස්කොච්, ටේබල් ටෙනිස් හා ටෙනිස් ක්‍රීඩාවන්ගේ සංයෝජනයක් වන Racketlon ක්‍රීඩාවේ හිටපු ලෝක ශූරියක වන පියුමිකා ඇගේ පියා කැනඩාවේ පවත්වා ගෙන යන යොවුන් බැඩ්මින්ටන් ඇකඩමියේ නියෝජ්‍ය ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු කරනවා.
  • පියුමිකා විසින් පවත්වන ලද පුහුණු වැඩසටහන මගින් ප්‍රධාන වශයෙන් ආවරණය කළේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ජයග්‍රාහී උපාය මාර්ග, ආබාධ වළක්වා ගැනීම හා බොහෝ විට සිදුවන බැඩ්මින්ටන් ආබාධවලින් පුනරුත්ථාපනය වීම මෙන්ම පිටියෙන් පිටත උසස් පුහුණු තාක්ෂණය ඇතුළු වැදගත් කාරණා.
අකුරු ප්‍රමාණය (Font Size):
විදුහලේ පැවැත්වූවා. එම වැඩමුළුව පැවැත්වුනේ විදුහලේ තරුණ හා උත්සාහවන්ත සහජ කුසලතා ඇති ක්‍රීඩකයන් ඉලක්ක කරගෙන.
 
පියුමිකා, සාන්ත තෝමස් විදුහලේ සිප්සතර හැදෑරූ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පුහුණුකරුවකු වන ධර්ශන ප්‍රනාන්දුගේ බාලම දියණිය යි. ඔහු සාමාන්‍යයෙන් වාර්ෂික පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ බණ්ඩාරවෙල නගරයේ වූව ද මෙවර එය පාසලේ පවත්වන ලෙසට දියණියට උපදෙස් දී තිබුණා.
b3c8e551 7c4b 425f 8b61 ca12c9c21ab3බැඩ්මින්ටන්, ස්කොච්, ටේබල් ටෙනිස් හා ටෙනිස් ක්‍රීඩාවන්ගේ සංයෝජනයක් වන Racketlon ක්‍රීඩාවේ හිටපු ලෝක ශූරියක වන පියුමිකා ඇගේ පියා කැනඩාවේ පවත්වා ගෙන යන යොවුන් බැඩ්මින්ටන් ඇකඩමියේ නියෝජ්‍ය ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස  කටයුතු කරනවා.

පියුමිකා විසින් පවත්වන ලද පුහුණු වැඩසටහන මගින් ප්‍රධාන වශයෙන් ආවරණය කළේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ජයග්‍රාහී උපාය මාර්ග, ආබාධ වළක්වා ගැනීම හා බොහෝ විට සිදුවන බැඩ්මින්ටන් ආබාධවලින් පුනරුත්ථාපනය වීම මෙන්ම පිටියෙන් පිටත උසස් පුහුණු තාක්ෂණය ඇතුළු වැදගත් කාරණා.

සිය අද්විතීය කෘතහස්ථ භාවයෙන් පියුමිකා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුලේ බාලක බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට මඟ පෙන්වද්දී ඇයගේ සිත් බඳනාසුලු පුහුණු කිරීමේ මනා පළපුරුද්ද පැහැදිලිව ප්‍රදර්ශනය වුනා. පියුමිකා විසින් පවත්වන ලද පුහුණු වැඩසටහන ඇගේ පියා විසින් පසුගිය වසරේ මාර්තු මාසයේ මේ ස්ථානයේ ම පැවැත්වූ දෙදින වැඩමුළුවක දිගුවක්. තම පියාගේ අඩිපාරේ යමින් පියුමිකා ද බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ක්‍රියාශීලීව සිටින්නේ අතීතයේ ක්‍රීඩිකාවක ලෙසින් හා වර්තමානයේ පුහුණුකාරිනියක ලෙස කටයුතු කරමින්.

කැනේඩියානු ජාතික පුහුණු කිරීමේ සහතික වැඩසටහනේ දෙවැනි මට්ටමේ සහතික ලාභියකු වන පියුමිකා සතුව ටොරොන්ටෝ සරසවියේ කායික චලන යාන්ත්‍ර විද්‍යාවේදී උපාධිය ද, එංගලන්තයේ බ්‍රයිටන් විශ්ව විද්‍යාලයෙන් භෞතචිකිත්සාවේ මාස්ටර්ස් හා පේශි හා සන්ධි ශාරිරික උසස් චිකිත්සාවේ ඩිප්ලෝමාවක් ද තිබෙනවා.

භෞතචිකිත්සකවරියක ලෙස කැනඩාවේ ලියාපදිංචිව සිටින පියුමිකා ප්‍රනාන්දු කැනඩාවේ ඇගේ පියාගේ යොවුන් බැඩ්මින්ටන් ඇකඩමියේ නියෝජ්‍ය ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස පසුගිය වසර 16 තිස්සේ වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා.

1fd3f121 9c1d 4f77 b493 616dde3df7be
351d61f8 2a8c 43bd 8c48 9dfed015d738
6039df28 b227 498e b734 e451d6ba6870
 
 
warnan Gunasekara
 (සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
 gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...