The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

නාසි සිරකඳවුරෙන් දිවි රැකගත් ඔලිම්පික් ක්‍රීඩකයා මිය යයි

T

The Leader Desk

January 13, 2025 • 11:03 AM

නාසි සිරකඳවුරෙන් දිවි රැකගත් ඔලිම්පික් ක්‍රීඩකයා මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිවුවැනි ස්ථානය හිමිකර ගත් ප්‍රංශ ඔරු පැදීමේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනාගෙන් කෙනෙකි ලිබ්රැන්චු.
  • ජාතික ක්‍රීඩක අට දෙනාගේ දෙවතාවක ශූරයෙකු ද වන ඔහු සිය පළමු කිරුළ 1946 වසරේ දිනා ගත්තේ ඔහුගේ සහෝදරයන් දෙදෙනා ද පැත්තකින් තබා ගෙන ඔරු පදිමින්.
  • ජර්මනිය ට බලෙන් යැවුනු කම්කරුවෙකු බවට පත්වීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු නාසි බලධාරීන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටියා.
  • මට ඔ්න කළේ ඔවුන් සමග සටන් කරන්නයි” ලැබ්රැන්චු 2023 වසරේදී පවසා තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

1948 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිවුවැනි ස්ථානය හිමිකර ගත් ප්‍රංශ ඔරු පැදීමේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනාගෙන් කෙනෙකි ලිබ්රැන්චු. ජාතික ක්‍රීඩක අට දෙනාගේ දෙවතාවක ශූරයෙකු ද වන ඔහු සිය පළමු කිරුළ 1946 වසරේ දිනා ගත්තේ ඔහුගේ සහෝදරයන් දෙදෙනා ද පැත්තකින් තබා ගෙන ඔරු පදිමින්.

1943 වසරේදී චාල්ස් ඩි ගෝල් ජනරාල්වරයාගේ නිදහස් ප්‍රංශ හමුදාවට බැඳීම පිණිස උතුරු අප්‍රිකාව ට පලා යාමට උත්සාහ කරමින් සිටියදී ලිබ්රැන්චු අත්අඩංගුවට පත්වුනා. ජර්මනිය ට බලෙන් යැවුනු කම්කරුවෙකු බවට පත්වීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු නාසි බලධාරීන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටියා.

 

“මට ජර්මනියට යන්න උවමනා වුනේ නැහැ. මට ඔ්න කළේ ඔවුන් සමග සටන් කරන්නයි” ලැබ්රැන්චු 2023 වසරේදී පවසා තිබුනා.

බූහෙන්වෝල්ඩ් (Buchenwald) සිරකඳවුරට ප්‍රවාහනය කරමින් සිටියදී ලෙබ්රැන්චු ට ඔහුගේ පියා මොහොතකට ඇස ගැසුනා. සිරකරුවන් නිහඬ කිරීමට නාසි හමුදාවන් උත්සාහ කරමින් සිටියදීත්, දෙදෙනා “පසුව හමුවෙමු” යන වචන හොර රහසේ හුවමාරු කර ගැනීමට සමත් වුනා. 

 
බූහෙන්වෝල්ඩ් දක්වා ගමනට කම්පා කරවන දින තුනක් ගතවුනා. හරක් ගාල්කර තිබූ මැදිරිය තදවෙන්න පුරවා සිටි පුද්ගලයන්ගෙන් භාගයක්ම මිය ගිය අතර අනෙක් අය පණ බේරාගත්තේ හරක් මැදිරියේ දොරවල සවිකර තිබූ අගුලුවල තිබෙන තෙතමනය ලෙවකමින් යැයි ලැබ්රැන්දු අතීතය මෙනෙහි කරමින් ප්‍රකාශ කර තිබුනා.
 
Bildschirmfoto 2022 07 21 um 15 11 21
 
1945 වසරේ අප්‍රේල් මාසයේ යුද්ධයේ අවසානය ළංවෙමින් තිබියදී, නාසින් විසින් මරණයට දක්කාගෙන යමින් සිටි සිරකරු පෙළපාළියකින් පලා ගිය ලැබ්රැන්චුව අමෙරිකානු හමුදාවන් විසින් පසුව බේරාගෙන තිබුණා.
ඔහු නැවත ප්‍රංශය ට පැමිණි අවස්ථාවේදී ඔහුගේ පියා පැරිස් මෙට්රෝ දුම්රිය ස්ථානයේදී ඔහුව පිලිගත්තේ එදා පුතා සහ පියා ගිවිස ගත් නැවත හමුවීමේ පොරොන්දුව සම්පූර්ණ කරමින්.

“මම ප්‍රංශයේ විමුක්තිය වෙනුවෙන් සටන් කළා. ඊට පස්සෙ ක්‍රීඩාවේදී මම ප්‍රංශය වෙනුවෙන් සටන් කළා” යනුවෙන් ලැබ්රැන්චු 2023 වසරේදී BFM රූපවාහිනියට කියා තිබුනා.
 
OBIT Roger Lebranchu 400x267
2024 වසරේදී ඔලිම්පික් පහන රැගෙන යාමට ලැබුනු වටිනා අවස්ථාව ආවර්ජනය කරමින් ලැබ්රැන්චු “එය විශිෂ්ට ගෞරවයක්” ලෙස විස්තර කර තිබුනේ “මම සාමය ගෙන එනවා” යනුවෙන් හද සසල කරවන ප්‍රකාශයක් ද එක් කරමින්.
ලැබ්රැන්චුගේ මරණයෙන් පසුව, දෙවැනි ලෝක යුද්ධයේ නාසි සිරකඳවුරුවල දුක්විඳ තවමත් පණපිටින් සිටින එකම ඔලිම්පික් ක්‍රීඩකයා ලෙසින් දැන් ඉතිරිව සිටින්නේ ඊශ්‍රායලයේ 88 හැවිරිදි ෂෝල් ලඩේනි (Shaul Ladany). 
 
බර්ගන්-බෙල්සන් (Bergen-Belsen) නාසි සිරකඳවුරෙන් දිවි ගලවා ගත් පුද්ගලයෙකු ද වන ලඩේනි, 1972 ලමියුනික් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඊශ්‍රායල් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ද දිවි රැකගත්තා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...