The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
ක්‍රීඩා

නිවසට එල්ල වූ ප්‍රහාරවලින් පසුව එංගලන්ත ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රීඩකයා රටින් පලා යයි

T

The Leader Desk

January 16, 2025 • 11:47 AM

නිවසට එල්ල වූ ප්‍රහාරවලින් පසුව එංගලන්ත ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රීඩකයා රටින් පලා යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජේම්ස් වින්ස් බිග් බෑෂ් ලීගයේ (Big Bash League) ‘සිඩ්නි සික්සර්ස්’ (Sydney Sixers) කණ්ඩායමේ වැඩිම කාලයක් ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයෙක්.
  • ඔහු එම කණ්ඩායම වෙනුවෙන් සිය දෙවැනි ශතකය පසුගිය දෙසැම්බර් 26 වැනිදා ‘මෙල්බර්න් ස්ටාස්’ කණ්ඩායමට එරෙහිව වාර්තා කළා.
  • එංගලන්ත භූමියේදී 2019 ලෝක කුසලානය දිනා ගත් එංගලන්ත ක්‍රිකට් සංචිතයේ සාමාජිකයෙකු වන 33 හැවිරිදි මේ පිතිකරුවාගේ හැම්ප්ෂ ක්‍රීඩා සමාජ මූලස්ථානය අසල පිහිටි පවුලේ නිවසට පසුගිය වසරේදී දෙවතාවක් පහර දී තිබෙනවා.
  • ‌මේ ප්‍රහාරයන් නිසා ඔහුගේ තරුණ පවුල භීතියට පත්ව සිටින බව පවසන වින්ස් මේ ප්‍රහාර සිදුවන්නේ වැරදි හඳුනා ගැනීමක් නිසා යැයි බ්‍රිතාන්‍යයේ ‘ඩේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පතට කියා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අනුව ඔහු දශකයක කාලයක් තිස්සේ දැරූ හැම්ප්ෂ (Hampshire) කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්ව ඩුබායි බලා පිටත්ව යනවා. 

වින්ස් ට 2025 එංගලන්ත දේශීය පළමු පෙල ප්‍රාන්ත ශූරතාවලිය හෝ රතු පන්දුවේ ක්‍රීඩා වාරය අහිමි වූව ද ඔහු දිගටම සුදු පන්දුවේ සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩා කරමින් T20 Blast තරගාවලියේදී හැම්ප්ෂ කණ්ඩායමට නායකත්වය දීමට නියමිතයි.

ජේම්ස් වින්ස් බිග් බෑෂ් ලීගයේ (Big Bash League) ‘සිඩ්නි සික්සර්ස්’ (Sydney Sixers) කණ්ඩායමේ වැඩිම කාලයක් ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයෙක්. ඔහු එම කණ්ඩායම වෙනුවෙන් සිය දෙවැනි ශතකය පසුගිය දෙසැම්බර් 26 වැනිදා ‘මෙල්බර්න් ස්ටාස්’ කණ්ඩායමට එරෙහිව වාර්තා කළා. වින්ස් මේ ක්‍රීඩා වාරයේ ඔහුගේ අවසාන තරගය ‘සිඩ්නි සික්සර්ස්’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ පසුගිය සතියේ.

qd2

 

එංගලන්ත භූමියේදී 2019 ලෝක කුසලානය දිනා ගත් එංගලන්ත ක්‍රිකට් සංචිතයේ සාමාජිකයෙකු වන 33 හැවිරිදි මේ පිතිකරුවාගේ හැම්ප්ෂ ක්‍රීඩා සමාජ මූලස්ථානය අසල පිහිටි පවුලේ නිවසට පසුගිය වසරේදී දෙවතාවක් පහර දී තිබෙනවා.

‌මේ ප්‍රහාරයන් නිසා ඔහුගේ තරුණ පවුල භීතියට පත්ව සිටින බව පවසන වින්ස් මේ ප්‍රහාර සිදුවන්නේ වැරදි හඳුනා ගැනීමක් නිසා යැයි බ්‍රිතාන්‍යයේ ‘ඩේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පතට කියා තිබෙනවා.

වින්ස් 2009 වසරේදී ප්‍රථම වතාවට හැම්ප්ෂ කණ්ඩායම නියෝජනය කරන විට ඔහුගේ වයස වී තිබුනේ අවුරුදු 18ක්. එම ප්‍රාන්තය වෙනුවෙන් ඔහු ලකුණු 22,000කට වැඩියෙන් ලබා ගෙන තිබෙනවා.

 

Blast තරගාවලියේ එදා මෙදා තුර වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටින වින්ස් සියලු ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාවේදී 55 වතාවක් එංගලන්තය නියෝජනය කර ඇති අතර හැම්ප්ෂ ක්‍රීඩා සමාජයේ T20 ශූරතා ජයග්‍රාහී කණ්ඩායම් තුන ට ම ක්‍රීඩා කර තිබෙනවා. 

පාකිස්තාන සුපර් ලීග් T20 තරගාවලියේ ‘කරච්චි කිංග්ස්’ කණ්ඩායමේ මේ ක්‍රීඩා වාරය වෙනුවෙන් ද ජේම්ස් වින්ස් රඳවා ගෙන තිබෙන්නේ පවුම් 100,000ක කොන්ත්‍රාත්තුවකින්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...