The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දේශසීමා නැති ක්‍රිකට් කණ්ඩායම සමග තරගයෙන් ඇෆ්ගන් ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරයේ දොරටු විවර වේවිද?

T

The Leader Desk

January 28, 2025 • 5:02 AM

දේශසීමා නැති ක්‍රිකට් කණ්ඩායම සමග තරගයෙන් ඇෆ්ගන් ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරයේ දොරටු විවර වේවිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය ක්‍රීඩා කෙරෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එදින සවස ආරම්භ වන කාන්තා ‘අළු බඳුන’ දිවා-රාත්‍රී තරගයට පෙර. ඇෆ්ගනිස්තානය අතහැර පැමිණීමෙන් පසුව කණ්ඩායමක් ලෙස එකතු වීමට මේ ක්‍රීඩිකාවන්ට ලැබුණු ප්‍රථම අවස්ථාවයි මේ.
  • ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා තබන කුඩා පියවරක් ලෙසින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නික් හාක්ලි (Nick Hockley) මේ තරගය වර්ණනා කරන්නේ එය ගෝලීය සංවාදයක් ආරම්භ විය යුතු ‘බලාපොරොත්තුවේ සැබෑ ආලෝකයක්’ බව සඳහන් කරමින්.
  • මෙහිදී කණ්ඩායමේ නායිකාව සපාන් බවට නිවේදනය කෙරුනා.
  • ඒ නිසා, පළමු කොටස වන්නේ දැනුවත් වීම බව මම හිතනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


දැන්, ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින්ගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමක් (Afghanistan Women’s XI) දේශසීමා නැති ක්‍රිකට් කණ්ඩායමක් (Cricket Without Borders XI) සමග එළඹෙන බ්‍රහස්පතින්දා පෙරවරුවේ මෙල්බර්න් හි ජංෂන් ඔ්වල් (Junction Oval) ක්‍රීඩාංගණයේදී විස්සයි20 ප්‍රදර්ශන තරගයක් පවත්වනවා. මෙය ක්‍රීඩා කෙරෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එදින සවස ආරම්භ වන කාන්තා ‘අළු බඳුන’ දිවා-රාත්‍රී තරගයට පෙර. 

ඇෆ්ගනිස්තානය අතහැර පැමිණීමෙන් පසුව කණ්ඩායමක් ලෙස එකතු වීමට මේ ක්‍රීඩිකාවන්ට ලැබුණු ප්‍රථම අවස්ථාවයි මේ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා තබන කුඩා පියවරක් ලෙසින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නික් හාක්ලි (Nick Hockley) මේ තරගය වර්ණනා කරන්නේ එය ගෝලීය සංවාදයක් ආරම්භ විය යුතු ‘බලාපොරොත්තුවේ සැබෑ ආලෝකයක්’ බව සඳහන් කරමින්.

AA1xUWZUහාක්ලි අද ජංෂන් ඔ්වල් හි දී කතා කළේ ඔහුගේ පසෙකින් නාහිඩා සපාන් (Nahida Sapan) සහ ෆිරූසා අමිරි (Firooza Amiri) යන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනා සිටියදී.

හාක්ලි අද ජංෂන් ඔ්වල් හි දී කතා කළේ ඔහුගේ පසෙකින් නාහිඩා සපාන් (Nahida Sapan) සහ ෆිරූසා අමිරි (Firooza Amiri) යන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනා සිටියදී. මෙහිදී කණ්ඩායමේ නායිකාව සපාන් බවට නිවේදනය කෙරුනා. දේශසීමා රහිත ක්‍රිකට් ප්‍රධානී ක්ලෙයා කැනන්, අධ්‍යක්ෂ කෙන් ජේකබ්ස් හා ඔස්ට්‍රේලියාවේ විදෙස් කටයුතු සඳහා ෆෙඩරල් නියෝජ්‍ය ඇමති ටිම් වොට්ස් ද මේ අවස්ථාවට සහභාගි වූයේ මේ තරගයේ සංවිධානය ක්‍රිකට් ඔස්ට්‍රේලියා, දේශසීමා නැති ක්‍රිකට් සහ ඔස්ට්‍රේලියානු රජය අතර ඒකාබද්ධ උත්සාහයක් වන බැවින්.

ඇෆ්ගනිස්තාන කාන්තාවන් සඳහා අනාගතයේදී ක්‍රීඩා කිරීමේ බොහෝ අවස්ථාවන්ට මං විවර වන පළමුවැන්න බවට මේ තරගය පත්වනු ඇතැයි අපේක්ෂා කරන හාක්ලි, මේ මස මුලදී එංගලන්ත ක්‍රිකට් නායිකා හැද නයිට් (Heather Knight) සරණාගත ඇෆ්ගන් ක්‍රීඩිකාවන් මෙල්බර්න් නගරයේ හමුවීමෙන් පසුව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) ද මේ ප්‍රතිපත්තිය දියුණු කිරීමට සහයෝගය දැක්වීම පිණිස උනන්දුවෙන් සිටින බව දන්වා සිටියා. 

5087 ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නික් හාක්ලි


“මෙය පළමු පියවර බව මම හිතනවා” යනුවෙන් හාක්ලි ප්‍රකාශ කරනවා. “කාන්තා ‘අළු බඳුන’ තරගාවලිය සඳහා අපේ ECB සගයන් මෙහි පැමිණ සිටිනවා. ඔස්ට්‍රේලියාවෙන් මෙන්ම එංගලන්තයෙන්ද සහයෝගය ලැබීමක් ගැන සාකච්ඡා පැවැත්වෙනවා. ඒ නිසා, පළමු කොටස වන්නේ දැනුවත් වීම බව මම හිතනවා. නමුත් බ්‍රහස්පතින්දා දවස ඉතාමත් ප්‍රබෝධමත් එකක් වේවි කියලයි මම හිතන්නේ. එයින් සංවාද බොහොමයක් ඇති වෙමින් මෙය වාර්ෂික ඉසව්වක් වී අවසානයේ මේ කණ්ඩායමට ජාත්‍යන්තර වේදිකාවේ තරග කිරීමට හැකිවේවි කියා මම ප්‍රාර්ථනා කරනවා.”

5072

“අසීරු වාතාවරණයන් යටතේ අලුත් රටක පදිංචියට පැමිණ භාෂාව කතා නොකර ඔවුන් විඳින අපහසුතාවන් වටහා ගන්න අපි කාටවත් පුළුවන් කියා මම හිතන්නේ නැහැ. මම පෙළඹී සිටින්නේ ඔවුන් තුළ තිබෙන පහසුවෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වීම හා ක්‍රීඩාවට තිබෙන ආදරය යන ගුණාංග නිසා. මේ තරගයෙන් ලෝකයා දැනුවත් වීම ආරම්භ වී බලාපොරොත්තුවේ සැබෑ ආලෝකයක් මතුවනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.”

“මේ ක්‍රීඩිකාවන් ඔවුන්ගේ නම් සහ අංකවලින් යුත් ක්‍රීඩා කමිස පළමු වතාවට දුටු අවස්ථාවේ ඔවුන්ගේ මුහුණුවල තිබුනු පිබිදීම මා  දැක්කා. ඒක ඔවුන්ට කොච්චර වටිනවා ද කියා මට දැනුනා. ඒ නිසා මෙය මේ කණ්ඩායමට ඇත්තෙන්ම සාර්ථක ගමනක පළමු පියවර වනු ඇතැයි පමණක් නොව ලෝකය වටා තිබෙන ස්ථානවලදී සෑම කාන්තාවකට හා තරුණියකටම ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැතැයි යන සාධකය ද මේ තරගයෙන් දීප්තමත්ව ඉස්මතු වනු ඇතැයි මම අපේක්ෂා කරනවා.”

 

1719844220565 Afghanistan Womens TeamAfghanistan Women’s XI කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවීම පිළිබඳව මේ ක්‍රීඩිකාවන් දෙදෙනා ම සිටියේ උතුරා ගිය ප්‍රීතියෙන්.

සපාන් Carnegie කණ්ඩායම වෙනුවෙන් මෙල්බර්න් හි සමාජ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි අතර අමිරි ක්‍රීඩා කරමින් සිටියේ Dandenong කණ්ඩායමට. නමුත් Afghanistan Women’s XI කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවීම පිළිබඳව මේ ක්‍රීඩිකාවන් දෙදෙනා ම සිටියේ උතුරා ගිය ප්‍රීතියෙන්.

“මෙය සැබැවින්ම අපට විශේෂයි. විශේෂයෙන් ඇෆ්ගන් කාන්තාවන්ට. ඒ, මෙය සියලුම ඇෆ්ගන් කාන්තාවන්ට ‌ෙඑතිහාසික වන අවස්ථාවක් නිසා” යනුවෙන් සපාන් කියනවා. “මේ තරගය වෙනුවෙන් අපට ලොකු බලාපොරොත්තු තියෙනවා. මොකද, ඇෆ්ගන් කාන්තාවන්ට, ඔවුන්ගේ අධ්‍යාපනයට, ක්‍රීඩාවට හා අනාගතයට දොරටු විවර කරන්න මේ තරගයට පුළුවන් වන නිසා. මෙය අපේ පළමු හා අවසාන තරගය වනවා දකින්න අපට උවමනා නැහැ. අපට තව තරග අවශ්‍යයි. අපට මීට වඩා සහයෝගය අවශ්‍යයි.”

Afghan cricket women s team

ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙනුවෙන් කැපී පෙනෙන හඬක් බවට පත්ව සිටින අමිරි, පළමු වතාවට එක්වීමට කණ්ඩායමට හැකිවීම පිළිබඳව මහත් සතුටට පත්ව සිටිනවා.

“අපි නියෝජනය කරන්න සැරසෙන්නේ ඇෆ්ගනිස්තානයේ සිටින අයිතීන් අහිමි කරන ලද මිලියන ගණනින් යුත් ඇෆ්ගන් කාන්තාවන්ව” යනුවෙන් ඇය ප්‍රකාශ කරනවා.

“අපේ සියලු දේවල් අත්හැර, සියලු දේවල් ඇෆ්ගනිස්තානයේදී අහිමි කරගෙන ඇවිත් අවුරුදු තුනකට පස්සේ නැවත එකට එකතු වෙන්න ලැබුනු මේ අවස්ථාව අපට ඉතාම විශේෂයි. අපි සොයන්නේ ජයග්‍රහණය යි!”

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...