The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වැරදි බරැති මිටිය වැදීමෙන් නරඹන්නෙක් මරුට

T

The Leader Desk

January 29, 2025 • 11:36 AM

වැරදි බරැති මිටිය වැදීමෙන් නරඹන්නෙක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිද්ධිය වාර්තා වන්නේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයට අයත් කොලරාඩෝ ස්ප්‍රිංස් සරසවියේ (University of Colorado – Colorado Springs) පැවති යොවුන් ජවන හා පිටිය ක්‍රීඩා උළෙලෙන්.
  • මාරක මිටියේ බර කිලෝග්‍රෑම් 7.26ක් පමණ වනු ඇතැයි පැවසෙනවා.
  • හැවිරිදි වේඩ් ලැංස්ටන් (Wade Langston) ලෙසින් හඳුනා ගෙන තිබෙන මේ පුද්ගලයා පියෙක් හා සැමියෙකු ලෙසින් කැපවුණු ප්‍රියමනාප කෙනෙකු බව ඥාතීන් පවසනවා.
  • “ඔහු තමා ඇතුළු වන සෑම කාමරකටම සිනහව ගෙන ආ සැබැවින්ම අපූරු පුද්ගලයෙක්” යනුවෙන් ලැංස්ටන්ගේ ලේලිය වන Tamara Rocha දැනටමත් ඩොලර් 7,500කට වැඩි මුදලක් එකතු වී තිබෙන GoFundMe උත්සාහයට ලියමින් පවසා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිද්ධිය වාර්තා වන්නේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයට අයත් කොලරාඩෝ ස්ප්‍රිංස් සරසවියේ (University of Colorado – Colorado Springs) පැවති යොවුන් ජවන හා පිටිය ක්‍රීඩා උළෙලෙන්.

e2f817bbab0264cf49a6a37a94018a27මිටිය විසිකිරීමේ තරගවලට යොදා ගැනෙන වානේ දම්වැලක් සහිත ලෝහවලින් තැනූ බෝලය, මේ ගෘහස්ථ තරගාවලියේ සහතික කරන ලද ආරක්ෂිත සීමාවෙන් ඔබ්බට නියම මඟෙන් පිට පියාසර කරමින් නරඹන්නන් අතරට ගොස් මේ පුද්ගලයාගේ ශරීරයේ වැදී තිබෙනවා. ඔහු එතැනම මිය ගොස් තිබෙන්නේ ගුවනේ ආ බෝලයෙන් ඔහුගේ බිරිඳ හා පුතා ආවරණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ. මාරක මිටියේ බර කිලෝග්‍රෑම් 7.26ක් පමණ වනු ඇතැයි පැවසෙනවා.

මිය ගිය පුද්ගලයා කොලරාඩෝ ප්‍රාන්තය වටා සිටින උසස් පාසල් වයසේ ක්‍රීඩකයන් වෙනුවෙන් සත්කාරකත්වය දැරූ කොලරාඩෝ එක්සත් මලල ක්‍රීඩා සමාජයේ (Colorado United Track Club) තරගකරුවෙකුගේ පියෙක්. 57 හැවිරිදි වේඩ් ලැංස්ටන් (Wade Langston) ලෙසින් හඳුනා ගෙන තිබෙන මේ පුද්ගලයා පියෙක් හා සැමියෙකු ලෙසින් කැපවුණු ප්‍රියමනාප කෙනෙකු බව ඥාතීන් පවසනවා.


“ඔහු තමා ඇතුළු වන සෑම කාමරකටම සිනහව ගෙන ආ සැබැවින්ම අපූරු පුද්ගලයෙක්” යනුවෙන් ලැංස්ටන්ගේ ලේලිය වන Tamara Rocha දැනටමත් ඩොලර් 7,500කට වැඩි මුදලක් එකතු වී තිබෙන GoFundMe උත්සාහයට ලියමින් පවසා තිබෙනවා.
 
6796aa5ce7777.image
මෙම අරමුදල උසස් පාසල් ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වන ලැංස්ටන්ගේ පුතාගේ කොලේජ් උපකාරක පංති සඳහා උපකාර වනු ඇතැයි එම පෝස්ටුවේ දැක්වෙනවා. කොලරාඩෝ එක්සත් මලල ක්‍රීඩා සමාජයේ පුහුණුකරු Erik Huffman විසින් ලැංස්ටන්ගේ පවුල වෙනුවෙන් ආරම්භ කර තිබෙන තවත් GoFundMe උත්සාහයක් ඩොලර් 10,500කට වැඩි මුදලක් රැස්කර තිබෙනවා.
 
ජාත්‍යන්තර ජවන හා පිටිය ක්‍රීඩාවන්ගේ පාලක මණ්ඩලය වන ලෝක මලල ක්‍රීඩා ආයතනය (World Athletics) ට අනුව, මිටිය විසිකිරීමේ වැඩිහිටි තරගවලට යොදා ගැනෙන මිටියේ බර ප්‍රමාණය පිරිමින් සඳහා රාත්තල් 16ක් සහ කාන්තාවන් වෙනුවෙන් රාත්තල් 9ක් වනවා.
hq720
 
ජවන හා පිටිය තරගවලදී මාරක අනතුරු පිළිබඳව අසන්නට ලැබෙන්නේ කලාතුරෙකින්. අමෙරිකාවේ ඉලනොයි ප්‍රාන්තයේ Wheaton College හි 2017 වසරේ පැවති කොලේජ් ක්‍රීඩා උළෙලකදී මිටිය වැදීමෙන් ශිෂ්‍යයෙක් මිය ගියා.
 
2005 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවති අමෙරිකානු ජවන හා පිටිය ශූරතාවලියේ පුහුණුවීම් අතරතුර යගුලියක් වැදීමෙන් නිලධාරියෙක් මිය ගියා. නරඹන්නාට මරු කැඳවූ මිටිය විසිකළ ක්‍රීඩකයා කවුරුන්ද යන්න තරග සංවිධායකයන් හෙළි කර නැහැ. මේ මරණයත් සමග තරගාවලිය අහෝසි කර තිබෙනවා. 

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...