The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නෙඕමි ගර්මා: ඩොලර් මිලියනයක් වටිනා පාපන්දු ක්‍රීඩිකාව

T

The Leader Desk

January 30, 2025 • 7:53 AM

නෙඕමි ගර්මා: ඩොලර් මිලියනයක් වටිනා පාපන්දු ක්‍රීඩිකාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය මේ නව ලෝක වාර්තාව පිහිටුවා තිබෙන්නේ සැන් ඩිඒගෝ වේව් (San Diego Wave) පාපන්දු සමාජයේ සිට එංගලන්තයේ ශූරියන් වන චෙල්සී (Chelsea) කණ්ඩායමට එක්වෙමින්.
  • හැවිරිදි මේ ක්‍රීඩිකාව චෙල්සී පාපන්දු ක්‍රීඩා සමාජයට බැඳී තිබෙන්නේ පවුම් 900,000ක (ඩොලර් මිලියන 1.1) වටිනාකමින් යුත් අවුරුදු හතර හමාරක ගනුදෙනුවකට අත්සන් කරමින්.
  • මීට කළින් ඔවුන් 2020 වසරේදී ඩෙන්මාර්කයේ පෙනීලි හාඩ (Pernille Harder) සමග ඩොලර් 355,000කට ද, 2024 වර්ෂයේදී කොලොම්බියාවේ මයිරා රමීරස් (Mayra Ramirez) සමග ඩොලර් 542,000කට ද අත්සන් කළා.
  • ගර්මා අමෙරිකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම 44 වතාවක් නියෝජනය කර තිබෙන අතර එම කණ්ඩායම 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් මෙහෙයුමේ සෑම මිනිත්තුවක් ම ඇය ක්‍රීඩා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය මේ නව ලෝක වාර්තාව පිහිටුවා තිබෙන්නේ සැන් ඩිඒගෝ වේව් (San Diego Wave) පාපන්දු සමාජයේ සිට එංගලන්තයේ ශූරියන් වන චෙල්සී (Chelsea) කණ්ඩායමට එක්වෙමින්.

24 හැවිරිදි මේ ක්‍රීඩිකාව චෙල්සී පාපන්දු ක්‍රීඩා සමාජයට බැඳී තිබෙන්නේ පවුම් 900,000ක (ඩොලර් මිලියන 1.1) වටිනාකමින් යුත් අවුරුදු හතර හමාරක ගනුදෙනුවකට අත්සන් කරමින්. 

සැම්බියාවේ රේචල්  කුන්ඩනැන්ජී
පාපන්දු ක්‍රීඩිකාවන් එක් ක්‍රීඩා සමාජයකින් තවත් ක්‍රීඩා සමාජයකට මාරු වීමේ මීට කළින් තිබූ වාර්තාව වූයේ සැම්බියාවේ රේචල් කුන්ඩනැන්ජී (Racheal Kundananji) නමැති ආක්‍රමණශීලී ක්‍රීඩිකාව ඩොලර් 788,000කට ස්පාඤ්ඤ්යේ Madrid CFF කණ්ඩායමේ සිට අමෙරිකාවේ Bay FC කණ්ඩායමට එක්වීම.

ගර්මාගේ අත්සන් කිරීම චෙල්සී කණ්ඩායම මේ වාර්තාව බිඳ දැමූ තෙවැනි අවස්ථාවයි. මීට කළින් ඔවුන් 2020 වසරේදී ඩෙන්මාර්කයේ පෙනීලි හාඩ (Pernille Harder) සමග ඩොලර් 355,000කට ද, 2024 වර්ෂයේදී කොලොම්බියාවේ මයිරා රමීරස් (Mayra Ramirez) සමග ඩොලර් 542,000කට ද අත්සන් කළා.

ගර්මා අමෙරිකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම 44 වතාවක් නියෝජනය කර තිබෙන අතර එම කණ්ඩායම 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් මෙහෙයුමේ සෑම මිනිත්තුවක් ම ඇය ක්‍රීඩා කළා.

2023 වසරේ ඔස්ට්‍රේලියාව හා නවසිලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ ද USWNT වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ ගර්මා එහිදී වසරේ අමෙරිකානු පාපන්දු ක්‍රීඩිකාව ලෙස ද ගෞරවයට පාත්‍ර වුනා.

අන්තර් සමාජ තරග මට්ටමේදී සැන් ඩිඒගෝ වේව් කණ්ඩායමේ මංගල තරග වාරයට පෙර ජාතික කාන්තා පාපන්දු ලීග් (NWSL) දළ සටහනේ පළමු තෝරා ගැනීම වූයේ ද මේ ආරක්ෂක ක්‍රීඩිකාව.

2022 වර්ෂයේදී ඇය වසරේ ආධුනික ක්‍රීඩිකාව ලෙස හා NWSL වසරේ ආරක්ෂක ක්‍රීඩිකාව වශයෙන් නම් කෙරුනේ ඇයගේ පළමු ක්‍රීඩා වාර දෙකේදී වීම විශේෂත්වයක්. 2023 වසරේදී ගර්මා NWSL පළිහ දිනා ගත් වේව් කණ්ඩායමේ සාමාජිකාවක වූ අතර ඊළඟ වසරේදී ජගත් පාපන්දු සම්මේලනයේ හොඳම සම්මාන (FIFA’s Best Awards) උළෙලේ වසරේ හොඳම ක්‍රීඩිකාව සඳහා ඇයගේ නම යෝජනා කෙරුනා. සැන් ඩිඒගෝ වේව් කණ්ඩායම වෙනුවෙන් ඇය තරග 72කට ක්‍රීඩා කර තිබෙනවා.

 

HL3 2232 6rd0QnYD copy

ආසනල් කණ්ඩායමට එරෙහිව ඉරිදා ලන්ඩනයේ ස්ටැම්ෆඩ් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී චෙල්සී කණ්ඩායම ගෝල් 1-0කින් ජය ගත් තරගයේදී චෙල්සී ක්‍රීඩා ලෝලීන්ට හඳුන්වා දුන් නෙඕමි ගර්මා, ඇයගේ අලුත් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළඳිනු ඇත්තේ අංක 16 කමිසය.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...