The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාසල් නෙට්බෝල් ශත සංවත්සරය සැමරෙන කොළඹ කාන්තා - මහනුවර උසස් බාලිකා තරගය හෙට

T

The Leader Desk

January 31, 2025 • 12:23 PM

පාසල් නෙට්බෝල් ශත සංවත්සරය සැමරෙන කොළඹ කාන්තා - මහනුවර උසස් බාලිකා තරගය හෙට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ කාන්තා විදුහල (Colombo Ladies’ College) සහ මහනුවර උසස් බාලිකා විදුහල (Kandy Girls’ High School) අතර හෙට (පෙබරවාරි 1) පැවැත්වෙන නෙට්බෝල් තරගය මෙරට නෙට්බෝල් ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරනවා.
  • ශ්‍රී ලාංකේය නෙට්බෝල් ක්‍රීඩාවේ මුල, මහනුවර උසස් බාලිකා විදුහලේ දූරදර්ශී ගුරුවරියක වූ ජෙනී ග්‍රීන් (Jenny Green) මහත්මිය 1921 වසරේදී එම ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීම දක්වා ඈතට දිව යනවා.
  • මීට අමතරව, මේ තරගයට තවත් වැදගත්මක් එක්වන්නේ එය කොළඹ කාන්තා විදුහලට වසර 125ක් පිරීමේ උත්සවයන්හි නිල ආරම්භය ද සලකුණු කරන බැවින්.
  • දිවයින පුරා නෙට්බෝල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට පුරෝගාමී වූ ජෙනී ග්‍රීන් මහත්මිය සහ මේ පාසල් දෙක අතර ප්‍රථම වරට 1925 වසරේ නෙට්බෝල් තරගය පැවැත්වෙද්දී කොළඹ කාන්තා විදුහලේ විදුහල්පතිනියව සිටි ග්වේන් ඔපී (Gwen Opie) මෙනවිය මෙහිදී ගෞරවාදරයට ලක්වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ කාන්තා විදුහල (Colombo Ladies’ College) සහ මහනුවර උසස් බාලිකා විදුහල (Kandy Girls’ High School) අතර හෙට (පෙබරවාරි 1) පැවැත්වෙන නෙට්බෝල් තරගය මෙරට නෙට්බෝල් ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරනවා.

 

ශ්‍රී ලාංකේය නෙට්බෝල් ක්‍රීඩාවේ මුල, මහනුවර උසස් බාලිකා විදුහලේ දූරදර්ශී ගුරුවරියක වූ ජෙනී ග්‍රීන් (Jenny Green) මහත්මිය 1921 වසරේදී එම ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීම දක්වා ඈතට දිව යනවා.

ශ්‍රී ලංකාවේ පාසල් දෙකක් අතර ප්‍රථම නෙට්බෝල් තරගය මහනුවර උසස් බාලිකා සහ කොළඹ කාන්තා විදුහල් කණ්ඩායම් අතර ක්‍රීඩා කර තිබෙන්නේ 1925 වසරේ පෙබරවාරි මාසයේ. 

ඒ අනුව, හෙට පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් නෙට්බෝල් තරග බිමේ දීර්ඝ කාලීන සම්ප්‍රදායකට අත්තිවාරම දැමූ පුරෝගාමී ඉසව්වක ශත සංවත්සර තරගය යි. 

Colombo Ladies College 1කොළඹ කාන්තා විදුහල් කණ්ඩායම
මෙය හුදෙක් ක්‍රීඩා තරගයක් ම නොව පසුගිය වසර සියය තුළ ශ්‍රී ලංකාවේ නෙට්බෝලයේ විකසනය හැඩගැස්වූ පොහොසත් සම්ප්‍රදායක පිළිබිඹුවක් ද වනවා. කොළඹ කාන්තා විදුහල් ක්‍රීඩාංගණයේ පැවැත්‌වෙන මේ ශත සංවත්සරික තරගයෙන් මේ පාසල් දෙක අතර ක්‍රීඩා සුහදශීලිත්වය සහ තරගකාරිත්වය පමණක්‌ නොව ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවේ පූර්ණ ඉතිහාසයක් ද සංකේතවත් වනවා.

මීට අමතරව, මේ තරගයට තවත් වැදගත්මක් එක්වන්නේ එය කොළඹ කාන්තා විදුහලට වසර 125ක් පිරීමේ උත්සවයන්හි නිල ආරම්භය ද සලකුණු කරන බැවින්. දිවයින පුරා නෙට්බෝල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට පුරෝගාමී වූ ජෙනී ග්‍රීන් මහත්මිය සහ මේ පාසල් දෙක අතර ප්‍රථම වරට 1925 වසරේ නෙට්බෝල් තරගය පැවැත්වෙද්දී කොළඹ කාන්තා විදුහලේ විදුහල්පතිනියව සිටි ග්වේන් ඔපී (Gwen Opie) මෙනවිය  මෙහිදී ගෞරවාදරයට ලක්වනවා.

100 වැනි සංවත්සරය සංකේතවත් කිරීම පිණිස මේ තරගය ‘ග්වේන් ඔපී අනුස්මරණ අභියෝග කුසලානය’ (Gwen Opie Memorial Challenge Shield) ලෙස නැවත නම් කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ කාන්තා විදුහ‌ලේ ක්‍රීඩාව නගාසිටුවීම පිණිස ඔපී මෙනවියගේ කැපවීම හා මේ පාසල් දෙක අතර සංකේතාත්මක තරගය ස්ථාපිත කිරීම සඳහා වූ ඇයගේ මූලිකත්ව කාර්යභාරය අද නෙට්බෝල් ප්‍රජාව තුළ දිගටම අනුනාද වන උරුමයක්.

හෙට තරගයේ විශේෂ අමුත්තා වන තමාරා ධර්මකීර්ති හේරත් මහත්මිය ද ලාංකේය නෙට්බෝල් ක්‍රීඩාවේ යුග කාන්තාවක්. කොළඹ කාන්තා විදුහලේ වැදගත් ආදි ශිෂ්‍යාවක වන ඇය ප්‍රකට ක්‍රීඩා කාන්තාවක් හා මෙරට ක්‍රීඩා පරිපාලනයේ නායිකාවක්. හිටපු ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක වන තමාරා, නෙට්බෝල් සහ හොකී යන ක්‍රීඩා දෙකේ ම ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. විදුහලේදී මලල ක්‍රීඩා, ටෙනිස් සහ හොකී ක්‍රීඩාවන්හි විශිෂ්ට දස්කම් දැක්වූ ඇය මේ සියලු ක්‍රීඩාවන්හි පාසල් වර්ණ දිනා ගෙන සිටිනවා.

ක්‍රීඩාවේ කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා ගත් උත්සාහය අගය කරමින් ඇයට වසර 2000දී ජාත්‍යන්තර ඔලිම්පික් සම්මානයක් පිරිනැමුවා. නෙට්බෝල් සංගම්වල ජාත්‍යන්තර සම්මේලනයට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ද වූ තමාරා ධර්මකීර්ති-හේරත් ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

මීට අමතරව ඒ මහත්මිය 1996 සිට 2004 දක්වා ද, අනතුරුව නැවත වතාවක් 2005 සිට 2006 දක්වා ද ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනියව සිටියා. ආසියානු ඔලිම්පික් කවුන්සලයේ කාන්තා කමිටුව, ජාතික ක්‍රීඩා කවුන්සලය හා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමග ද ක්‍රියාකාරීව මැදිහත්ව සිටියා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාසල් නෙට්බෝල් ශත සංවත්සරය සැමරෙන කොළඹ කාන්තා - මහනුවර උසස් බාලිකා තරගය හෙට | The Leader