The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාපන්දු ඉතිහාසයේ වඩාත්ම මිල අධික නේමාගේ ගෝලය

T

The Leader Desk

January 31, 2025 • 3:39 PM

පාපන්දු ඉතිහාසයේ වඩාත්ම මිල අධික නේමාගේ ගෝලය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙසේ බ්‍රසීලය ට නැවත පැමිණ සිටින්නේ සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ ‘අල් හිලාල්’ (Al Hilal) කණ්ඩායම සමග ගතකළ බලාපොරොත්තු සුන්වූ මාස 18ක කාලයකින් පසුව.
  • වසරේ පැරිස් සැන්-ජමෑන් සිට අල් හිලාල් වෙත ඩොලර් මිලියන 94කට (යුරෝ මිලියන 90) මාරුවී යාමෙන් පසුව නේමා ට සහභාගි වීමට හැකිවූයේ තරග හතකට පමණයි.
  • සෞදියේ අල් හිලාල් ක්‍රීඩා සමාජය සමග ඔහු සිටි කාලය, නිතර නිතර හටගන්නා ශරීර සෞඛ්‍ය ප්‍රශ්නවලින් පිරී තිබූ අතර නේමා අවසන් වතාවට තරගකාරීව පෙනී සිටියේ 2023 වසරේ නොවැම්බරයේ.
  • ඒ හුදෙකලා ගෝලය පාපන්දු ඉතිහාසයේ එක් වඩාත්ම මිල අධික ගෝලයක් ලෙසින් සටහන් වීමට ඉඩ තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සමග නැවත එක්ව සිටිනවා.

ඔහු මෙසේ බ්‍රසීලය ට නැවත පැමිණ සිටින්නේ සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ ‘අල් හිලාල්’ (Al Hilal) කණ්ඩායම සමග ගතකළ බලාපොරොත්තු සුන්වූ මාස 18ක කාලයකින් පසුව.

නේමා ගත් මේ පියවර ඔහුගේ ගෝලීය වික්‍රමාන්විත සංචාරයේ අවසානය සලකුණු කරන්නක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

drt4gg
නව යොවුන් වියේ සිටියදී පළමු වරට සැන්ටොස් කණ්ඩායමේ කැපීපෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්වූ නේමා, ස්පාඤ්ඤයේ බාසිලෝනා හා ප්‍රංශයේ පැරිස් සැන්-ජමෑන් යන ක්‍රීඩා සමාජ සමග ගතකළ කාලයන් ද ඇතුළත් එතරම් සාර්ථක නොවූ ගමනකින් පසුව ඔහුගේ ක්‍රීඩා දිවිය යළි ප්‍රාණවත් කර ගැනීම පිණිස දැන් සැන්ටොස් ක්‍රීඩා සමාජය වෙත යොමුව සිටිනවා.

නේමා ‘අල් හිලාල්’ ක්‍රීඩා සමාජයෙන් අඟහරුවාදා සමුගත්තේ ඔවුන්ගේ සහයෝගයට කෘතඥතාව පළකරන අතරතුර ක්‍රීඩා පිටියේ මීට වඩා හොඳ බලපෑමක් වීමට නොහැකි වීම පිළිබඳව තම කලකිරීම පිළිගන්නා සමාජ මාධ්‍ය පෝස්ටුවක් තබමින්.

xdft4f
32 හැවිරිදි මේ ඉදිරිපෙල ක්‍රීඩකයා සෞදි අරාබියේදී ගතකළේ ආබාධවලින් පිරුණු ක්‍රීඩා ජීවිතයක්. 2023 වසරේ පැරිස් සැන්-ජමෑන් සිට අල් හිලාල් වෙත ඩොලර් මිලියන 94කට (යුරෝ මිලියන 90) මාරුවී යාමෙන් පසුව නේමා ට සහභාගි වීමට හැකිවූයේ තරග හතකට පමණයි.

සෞදියේ අල් හිලාල් ක්‍රීඩා සමාජය සමග ඔහු සිටි කාලය, නිතර නිතර හටගන්නා ශරීර සෞඛ්‍ය ප්‍රශ්නවලින් පිරී තිබූ අතර නේමා අවසන් වතාවට තරගකාරීව පෙනී සිටියේ 2023 වසරේ නොවැම්බරයේ.

ඔහු කෙරෙහි ඉහළ බලාපොරොත්තු තබා තිබියදී සෞදි වෘත්තීය පාපන්දු තරග බිමේ ගෝල් දැල සොයා ගැනීමට නේමා ට හැකිවූයේ එක් වරක් පමණයි. ඒ, ආසියානු පාපන්දු සම්මේලන (AFC) ශූරතාවලියේ නසාජි මැසන්ඩාරන් කණ්ඩායමට එරෙහි තරගයේ. කෙසේ වෙතත්, අවසානයේ එම ගෝලයෙන් අල් හිලාල් කණ්ඩායමට තිබුනේ අඩු වැදගත්කමක් පමණයි.

ඒ හුදෙකලා ගෝලය පාපන්දු ඉතිහාසයේ එක් වඩාත්ම මිල අධික ගෝලයක් ලෙසින් සටහන් වීමට ඉඩ තිබෙනවා. නේමා අල් හිලාල් ක්‍රීඩා සමාජයට මාරු වූ මුදල වන ඩොලර් මිලියන 94 ට අමතරව එම ක්‍රීඩා සමාජය වැටුප් වෙනුවෙන් ඔහුට ඩොලර් මිලියන 100ක මුදලක් ගෙවා තිබෙන අතර මෙයින් පෙනී යන්නේ ඔහුගේ එකම ගෝලය වෙනුවෙන් අල් හිලාල් ක්‍රීඩා සමාජයට ඩොලර් මිලියන 200කට ආසන්න මුදලක් වැය වූ බව.

සෞදි අරාබියේ නේමාගේ කෙටි ක්‍රීඩා දිවිය තුළ ඔහු ලීග් තරග ආරම්භ කළේ තෙවතාවක් පමණයි. මේ හේතුවෙන් සෞදියට ඔහුගේ පැමිණීම මෑත වසරවල සිදුවූ එක් වඩාත්ම විශාල අසාර්ථක ක්‍රීඩක මාරුවක් ලෙස ඉතිහාසගත වනවා.

බලාපොරොත්තු වූ පරිදි ක්‍රීඩා කිරීමට අපොහොසත් වූ ඉහළ මට්ටමේ කොන්ත්‍රාත් අත්සන්වලට දැන් නේමාගේ නමත් එක්වන අතර මේ ලැයිස්තුවේ සිටින අනෙකුත් ක්‍රීඩකයන් වනුයේ Ousmane Dembele, Philippe Coutinho, Antoine Griezmann, Eden Hazard, Nicolas Pepe, Joao Felix, Jack Grealish, Alexis Sanchez සහ Antony.

සැන්ටොස් ක්‍රීඩා සමාජය සමග එක්වීමෙන් නේමා තුළ තිබෙන සුපිරි දක්ෂතා යළි මුවහත් වීමට ඉඩ තිබෙනවා. මේ බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයා 2003 වසරේදී පළමුව එම සමාජයේ යොවුන් සංචිතයට එක්වූ අතර පසුව 2009 වසරේදී ඔහුගේ මංගල ජ්‍යෙෂ්ඨ තරගයට ක්‍රීඩා කළා. බ්‍රසීලයේදී ඔහු ප්‍රදර්ශනය කළ හපන්කම් නිසා 2013 වසරේදී ඔහුට බාසිලෝනා කණ්ඩායමේ දොරටු විවර වූ අතර නේමා ගෝලීය සුපිරි තරුවක් බවට පත්වූයේ එහිදී. ඉක්බිති ඔහු පැරිස් සැන්-ජමෑන් හා අල් හිලාල් ක්‍රීඩා සමාජ වෙත මාරු වූයේ වාර්තා බිඳු දැමුනු මුදල් ගිවිසුම්වලින්.

අමෙරිකාවේ ‘ඉන්ට මයාමි’ කණ්ඩායමේ සිටින තම හිටපු බාසිලෝනා කණ්ඩායම් සගයන් සමග නැවත එක්වීමේ හැකියාවකට ඉඩ තබමින් නේමා සහ සැන්ටොස් ක්‍රීඩා සමාජය අතර තිබෙන්නේ කෙටි කාලීන ගිවිසුමක් බවට වාර්තා වනවා.

අල් හිලාල් කණ්ඩායම සමග තිබෙන පරිච්ඡේදය අවසන් කරන නේමා, බ්‍රසීලය ට පැමිණීමෙන් තමාගේ පාපන්දු දක්ෂතාව නැවත සොයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

xdfgt456h
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාපන්දු ඉතිහාසයේ වඩාත්ම මිල අධික නේමාගේ ගෝලය | The Leader