The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මැද සොරකම් කළ ටෙනිස් ක්‍රීඩිකාවගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන සොයාගනී

T

The Leader Desk

February 1, 2025 • 1:47 PM

 ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මැද සොරකම් කළ ටෙනිස් ක්‍රීඩිකාවගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන සොයාගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කුසලාන පොලිසිය භාරයේ තිබෙන බව ඇය X සමාජ මාධ්‍යයේ පෝස්ටුවකින් ප්‍රකාශ කරනවා.
  • ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම යුගල ටෙනිස් ක්‍රීඩිකාවක වන ෂ්රයිව, තමාගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන කිහිපයක් තාවකාලිකව තබා තිබූ මෝටර් රථය සොරකම් කර ඇති බව කළින් පවසා තිබුණා.
  • රසවත් කතන්දරයක් බඳු ෂ්රයිවගේ ක්‍රීඩා දිවියේදී ඇය කාන්තා යුගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 21ක් දිනා ගත් අතර මෙයින් 20ක් ම ඇය ජයග්‍රහණය කළේ තවත් ශ්‍රේෂ්ඨ ටෙනිස් ක්‍රීඩිකාවක වන මාටිනා නව්රතිලෝවා සමග.
  • ෂ්රයිව ට ඇගේ නැතිවූ කුසලාන හමුවූ පුවත දැකීමෙන් පසුව නව්රතිලෝවා X වේදිකාවෙන් මෙසේ ප්‍රකාශ කර තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


එම කුසලාන පොලිසිය භාරයේ තිබෙන බව ඇය X සමාජ මාධ්‍යයේ පෝස්ටුවකින් ප්‍රකාශ කරනවා.

ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම යුගල ටෙනිස් ක්‍රීඩිකාවක වන ෂ්රයිව, තමාගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන කිහිපයක් තාවකාලිකව තබා තිබූ මෝටර් රථය සොරකම් කර ඇති බව කළින් පවසා තිබුණා.

ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ලැව්ගිනි පැතිර තිබීම නිසා තම නිවසින් ඉවත් වූ ෂ්රයිව සොරකම සිදුවන අවස්ථාවේ හෝටලයක නතර වී සිටියා. ඇය දැන් නැවත බ්‍රෙන්ට්වුඩ් හි ඇගේ නිවසට පැමිණ සිටිනවා.

රසවත් කතන්දරයක් බඳු ෂ්රයිවගේ ක්‍රීඩා දිවියේදී ඇය කාන්තා යුගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 21ක් දිනා ගත් අතර මෙයින් 20ක් ම ඇය ජයග්‍රහණය කළේ තවත් ශ්‍රේෂ්ඨ ටෙනිස් ක්‍රීඩිකාවක වන මාටිනා නව්රතිලෝවා සමග. මීට අමතරව ෂ්රයිව, මිශ්‍ර යුගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් ද හිමිකර ගැනීමට සමත් වුණා.

ෂ්රයිව ට ඇගේ නැතිවූ කුසලාන හමුවූ පුවත දැකීමෙන් පසුව නව්රතිලෝවා X වේදිකාවෙන් මෙසේ ප්‍රකාශ කර තිබුණා.

“ඒක හරිම විශිෂ්ටයි!!!පොලිසියට ජයවේවා!!!”

ඊට පිළිතුරු වශයෙන් ෂ්රයිව ඇයගේ දීර්ඝ කාලීන තරග සහකාරියට මෙසේ කීවා.

“අද මට දැනෙන්නේ අපි තවත් ප්‍රධාන තරගාවලියක් ජයග්‍රහණය කළ හැඟීමක්!”

ෂ්රයිව කාන්තා යුගල ටෙනිස් පිටියේ ඔස්ට්‍රේලියානු විවෘත ශූරතා හතක්, විම්බ්ල්ඩන් විවෘත ශූරතා පහක්, අමෙරිකානු විවෘත ශූරතා පහක් සහ ප්‍රංශ විවෘත ශූරතා හතරක් දිනා ගත්තා. මීට අමතරව ඇය ස්පාඤ්ඤයේ එමිලියෝ සැන්චස් සමග 1987දි ප්‍රංශ විවෘත මිශ්‍ර යුගල ශූරතාවක් ද ඇගේ ජයග්‍රහණ ගොන්නට එක්කර ගත්තා.

1984 වසරේදී ෂ්රයිව සහ නව්රතිලෝවා එම වසරේ සියලුම කාන්තා යුගල ප්‍රධාන තරගාවලියන් හතර ජය ගත්තේ කැලැන්ඩර් ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ දිනා ගනිමින්.

 

සැබැඳි පුවත්

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මැද ටෙනිස් ක්‍රීඩිකාවගේ කාරය සහ පදක්කම් සොරකම් කරයි

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...