The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජොෂ් ඉන්ග්ලිස් : දෙවැනියට වේගවත්ම මංගල ටෙස්ට් ශතකලාභියා

T

The Leader Desk

February 1, 2025 • 3:21 PM

ජොෂ් ඉන්ග්ලිස් : දෙවැනියට වේගවත්ම මංගල ටෙස්ට් ශතකලාභියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පන්දු 90කට පමණක් මුහුණ දෙමින් ඔහු මේ වාර්තාගත ශතකය ලබා ගත්තේ ශ්‍රී ලංකාව ට එරෙහිව ගාල්ලේ දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ.
  • දෙවැනි දින තරගයේදී ඔස්ට්‍රේලියාව ට කඩුලු 6 ට ලකුණු 654ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවකට යාමට උපකාරයක් වෙමින් පන්දු 94කින් ලකුණු 102ක් රැස්කළ ඉන්ග්ලිස් දශකයක කාලයකට පසුව මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයක ශතකයක් ලබා ගත් පළමු ඔස්ට්‍රේලියානුවා බවට පත්වුණා.
  • සුදු පන්දුවෙන් ජාත්‍යන්තර තරග 55කට (ODI - 26/ T20 – 29) ක්‍රීඩා කර තිබෙන ඉන්ග්ලිස් ශ්‍රී ලංකාවේදී ඔහුගේ මංගල ටෙස්ට් වරම් ලබන බව දැනගත් මොහොතේ සිටියේ නත්තල් දින උදෑසනක සතුටු වන කුඩා ළමයෙකු විලසින්.
  • තමාගේ වේලාව පැමිණ තිබෙන බව ඉන්ග්ලිස් ට දැණුනේ මේ සතිය මුල ඔහුගේ හෝටල කාමරයට තට්ටු කරන හඬ ඇසුනු විට.
අකුරු ප්‍රමාණය (Font Size):

පත්ව සිටිනවා. පන්දු 90කට පමණක් මුහුණ දෙමින් ඔහු මේ වාර්තාගත ශතකය ලබා ගත්තේ ශ්‍රී ලංකාව ට එරෙහිව ගාල්ලේ දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ.

දෙවැනි දින තරගයේදී ඔස්ට්‍රේලියාව ට කඩුලු 6 ට ලකුණු 654ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවකට යාමට උපකාරයක් වෙමින් පන්දු 94කින් ලකුණු 102ක් රැස්කළ ඉන්ග්ලිස් දශකයක කාලයකට පසුව මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයක ශතකයක් ලබා ගත් පළමු ඔස්ට්‍රේලියානුවා බවට පත්වුණා.

සුදු පන්දුවෙන් ජාත්‍යන්තර තරග 55කට (ODI - 26/ T20 – 29) ක්‍රීඩා කර තිබෙන ඉන්ග්ලිස් ශ්‍රී ලංකාවේදී ඔහුගේ මංගල ටෙස්ට් වරම් ලබන බව දැනගත් මොහොතේ සිටියේ නත්තල් දින උදෑසනක සතුටු වන කුඩා ළමයෙකු විලසින්. ඉක්බිති ඔහු ගාලු තණතීරුවේ පිතිකරණයේ යෙදුනේ නත්තල් කතාන්දරයේ එන රුඩොල්ෆ් නමැති පිණිමුවා ස්ලෙජය මෙහෙයවන ආකාරයෙන්.

Josh Inglis
තමාගේ වේලාව පැමිණ තිබෙන බව ඉන්ග්ලිස් ට දැණුනේ මේ සතිය මුල ඔහුගේ හෝටල කාමරයට තට්ටු කරන හඬ ඇසුනු විට.  “කාමරේ සුද්ධ කරන අය ඒ වනවිටත් ඇවිත් ගිහිං තිබූ නිසා මම හිතුවේ මේ ‘ඩොඩ්’ (තේරීම් නිලධාරී ටෝනි ඩොඩ්මේඩ්) කියලා. මගේ සහකාරිය මෙගාන් මගේ පුතා ඔස්කා එක්ක කාමරේ හිටියා. මම සාලයට ගියාම ‘ඩොඩ්’ මට සුභ පණිවුඩය කිවුවා. මම නත්තල් දවස උදේ ප්‍රීතියෙන් ඉන්න කුඩා ළමයෙක් වගේ මෙගාන් ළඟට දිවුවා. ගිහිං එයාට මේ පුවත දැන්නුවා” යනුවෙන් ඉන්ග්ලිස් දෙවැනි දින තරගයෙන් පසුව කියා සිටියා.

29 හැවිරිදි ජොෂ් ඉන්ග්ලිස් ට ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ දොරටු විවර වූයේ සෑම් කොන්ස්ටස්ගේ වියදමින් හා ට්‍රැවිස් හෙඩ් ආරම්භක පිතිකරුවකු ලෙස උසස් වීමක් ලැබුනු නිසාවෙන්. ඉන්ග්ලිස් අංක 5 පිතිකරු ලෙස කඩුල්ලට පිවිසියේ ස්ටීවන් ස්මිත් ලකුණු 141කට දැවී ගිය අවස්ථාවේ. ඒ වන විටත් ඔස්ට්‍රේලියාව තරගයට ශක්තිමත් අඩිතාලමක් දමා තිබූ අතර උස්මාන් කවාජා සිටියේ ඔහුගේ මංගල ද්විත්ව ශතකයට වැඩි ඈතකින් නෙවෙයි.

vbnftyu

කවාජා අවසානයේ ඒ ඉම් සලකුණට පැමිණ ඉන්ග්ලිස් සමග පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146ක සබඳතාවක් ගොඩනැගුවා. ඉන්ග්ලිස් ඔහුගේ ඉනිම ස්ථාවරව ආරම්භ කළේ ඔහුගේ පළමු ලකුණු 15 සඳහා පන්දු 21කට මුහුණ දෙමින්. එහෙත් ඉක්මණින් වේගවත් වූ ඔහු ලකුණු තිස්ගණන්වලට පිවිස පන්දු 51කින් අර්ධ ශතකය ලබා ගත්තා. නමුත් ශතකය කරා යාමට ඔහුට උවමනා වූයේ තව පන්දු 39ක් පමණයි. ඒ අතරතුර කවාජා දැවී ගිය අතර ඔහු ආපසු ක්‍රීඩාගාරයට ගියේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම වයසැති ටෙස්ට් ද්විත්ව ශතකලාභියෙක් ලෙස නම සටහන් කරමින්.

ඉන්ග්ලිස්ගේ ශතකය වාර්තා වූයේ ඔස්ට්‍රේලියානු ඉනිමේ 132 වැනි ඔ්වරයේ. ඒ වන විට ලකුණු පුවරුවේ දිස්වෙමින් තිබුනේ කඩුලු 4කට මුළු ලකුණු 566ක්. මෙය ජොෂ් ඉන්ග්ලිස්ගේ පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාවේ අට වැනි ශතකය වූ අතර ඊට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළත්ව තිබුණා.

fwrdec
මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයක වේගවත්ම ශතකයේ හිමිකරුවා වන්නේ ඉන්දියාවේ ෂිකර් ධවාන්. ඔස්ට්‍රේලියාව ට එරෙහිව 2013 වසරේදී ඔහු ශතකය වාර්තා කළේ පන්දු 85කින්. ඉන්ග්ලිස් පන්දු 90ක් සමග දෙවැනි ස්ථානයට පත්වීමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ඩ්වේන් ස්මිත් දැන් තෙවැනි ස්ථානය දක්වා පහතට ගොස් තිබෙනවා. වසර 2004දී දකුණු අප්‍රිකාව ට එරෙහිව ඩ්වේන් ශතකය වාර්තා කළේ පන්දු 93කට මුහුණ දෙමින්. මේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේ සිටින්නේ 2018 වසරේදී කොදෙව් පිලට එරෙහිව ශතකයක් ලබා ගැනීම පිණිස පන්දු 99කට මුහුණ දුන් ඉන්දියාවේ ප්‍රිත්වි ෂෝ.

ජොෂ් ඉන්ග්ලිස්ගේ 108.51 ආක්‍රමණික වේගය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම මංගල ශතකලාභීන් අතර සටහන්ව තිබෙන ඉහළම දක්ෂතාවයි.

එංගලන්තයේ උපත ලබා නව යොවුන් වියේදී ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඉන්ග්ලිස් මංගල ටෙස්ට් තරගයක ශතකයක් වාර්තා කළ 21 වැනි ඔස්ට්‍රේලියානුවා සහ 2015 වසරේ ඇඩම් වෝග්ස්ගෙන් පසුව පළමුවැන්නා ද වනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...