The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දිමුත් කරුණාරත්න: ඓතිහාසික ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව රැගෙන ගිය නායකයාගේ සමුගැනීම

T

The Leader Desk

February 4, 2025 • 4:34 PM

දිමුත් කරුණාරත්න: ඓතිහාසික ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව රැගෙන ගිය නායකයාගේ සමුගැනීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවන ටෙස්ට් තරගයෙන් පසුව සිය ක්‍රිකට් දිවියට සමුදීමට නියමිත ය.
  • එම තරගය ඔහු ක්‍රීඩා කරන 100 වන ටෙස්ට් තරගය යි.
  • වසරේදී උපත ලැබූ ෆ්‍රෑන්ක් දිමුත් මධුෂංක කරුණාරත්න, 2012 වසරේදී පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ලැබුවේ තම අවසන් තරගය ක්‍රීඩා කරනු ලබන ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වීම විශේෂත්වයකි.
  • කොළඹ සාන්ත ජෝසෆ් විදුහලේ ආදි සිසුවෙකු වන දිමුත් කරුණාරත්න, 2008 වසරේදී පළමු පෙළ තරග ක්‍රීඩා කිරීම සඳහා SSC ක්‍රීඩා සමාජයට එක්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙවන ටෙස්ට් තරගයෙන් පසුව සිය ක්‍රිකට් දිවියට සමුදීමට නියමිත ය.

එම තරගය ඔහු ක්‍රීඩා කරන 100 වන ටෙස්ට් තරගය යි.

1988 වසරේදී උපත ලැබූ ෆ්‍රෑන්ක් දිමුත් මධුෂංක කරුණාරත්න, 2012 වසරේදී පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ලැබුවේ තම අවසන් තරගය ක්‍රීඩා කරනු ලබන ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වීම විශේෂත්වයකි.

කොළඹ සාන්ත ජෝසෆ් විදුහලේ ආදි සිසුවෙකු වන දිමුත් කරුණාරත්න, 2008 වසරේදී පළමු පෙළ තරග ක්‍රීඩා කිරීම සඳහා SSC ක්‍රීඩා සමාජයට එක්විය.

dryt56

පළමු පෙළ ක්‍රීඩා දිවිය

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දැක්වූ දක්ෂතා හේතුවෙන් කොළඹ SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට දිමුත් කරුණාරත්නට අවස්ථාව හිමි විය.

ක්‍රීඩා දිවියේ පළමු වසරේදී මැද පෙළ පිතිකරුවෙකු ලෙස එතරම් ලකුණු අතරට පැමිණීමට නොහැකි වුව ද, 2009 වසරේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස්වීම් ලැබීමෙන් අනතුරුව සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට දිමුත්ට හැකි විය.

සිය පළමු පෙළ තරග දිවියේ පළමු ශතකය කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව රැස් කළ දිමුත්, එම තරග වාරයේදී ලකුණු 1,186ක් රැස් කළේ, ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 56.54ක් ලෙස තබා ගනිමිනි.

මෙම දක්ෂතාව නිසා ශ්‍රී ලංකා A කණ්ඩායමට එක්වීමට දිමුත් කරුණාරත්නට අවස්ථාව හිමි වූ අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි වර්නන් ෆිලෙන්ඩර් වැනි ප්‍රබල පන්දු යවන්නන්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී ලකුණු 184ක් රැස් කිරීමට ඔහු සමත් විය.

kjsrtw
එක්දින කණ්ඩායමට ලද කැඳවීම

දිමුත් කරුණාරත්නට පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමි වූයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව 2011 වසරේ ජූලි මස 09 වන දා මැන්චෙස්ටර්හිදී පැවති එක්දින තරගයට ලද කැඳවීමත් සමග යි. එම තරගයේදී ඔහුට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 04ක් පමණි.

එතැන් සිට දිමුත් මේ දක්වා එක්දින තරග 50කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු ඉනිම් 46කදී ලකුණු 1,316ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 17ක් ඇතුළත්ව තිබේ.

ටෙස්ට් කණ්ඩායම දක්වා පැමිණි ගමන් මග

2012 වසරේදී දිමුත් කරුණාරත්නට ටෙස්ට් කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාවූයේ, නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී ය. පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියත් ඔහු දෙවන ඉනිමේදී ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය.

2014 වසරේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවති ටෙස්ට් තරගයේදී දිමුත් කරුණාරත්න සිය පළමු ටෙස්ට් ශතකය (ලකුණු 152) රැස් කිරීමට සමත් විය.

ටෙස්ට් තරග 99කදී ශතක 16ක් සහ අර්ධ ශතක 39ක් සමගින් ලකුණු 7,172ක් රැස් කර ඇති දිමුත් කරුණාරත්න ටෙස්ට් ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ, 2021 වසරේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව රැස් කළ ලකුණු 221යි.

fe5f| දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 99කදී ශතක 16ක් සහ අර්ධ ශතක 39ක් සමගින් ලකුණු 7,172ක් රැස් කර තිබේ.
දිමුත්ගේ නායකත්වය සහ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණය

දිමුත් කරුණාරත්න 2019 සිට 2024 දක්වා ටෙස්ට් තරග 30කදී ශ්‍රී ලංකාව මෙහෙයවී ය. එහිදී ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 12ක් ජයග්‍රහණය කරනු ලැබුවේ තරග 06ක් ජය පරාජයෙන් තොරව අවසන් කරමිනි.

2019 වසරේදී දිමුත්ගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම එරටදී ම පරාජය කරමින් ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ආසියානු රට ලෙස ය.

2021 වසරේදී දිමුත් කරුණාරත්න ICC වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානය සඳහා නම් කෙරිණි. එමෙන් ම, එම වසරේදී තුන් වන වැඩි ම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙසින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක ටෙස්ට් කණ්ඩායමට ද ඇතුළත් කරන ලදී.

එම වසරේදී දිමුත් කරුණාරත්න ශතක 04ක් සමගින් ලකුණු 902ක් රැස් කළේ, පිතිකරණ සාමාන්‍යය 69.38ක පවත්වා ගනිමිනි.

2024 සැප්තැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව ඔහු රැස් කළ අර්ධ ශතකයෙන් පසුව දිමුත් කරුණාරත්න සිය අවසන් ටෙස්ට් තරග හතේදී රැස් කළේ ලකුණු 182ක් පමණි.

| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...