The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්ලෙරෙසා ෂීල්ඩ්ස්: ලොව පළමු අවිවාදිත හෙවිවෙට් බොක්සිං රැජින

T

The Leader Desk

February 5, 2025 • 3:22 PM

ක්ලෙරෙසා ෂීල්ඩ්ස්: ලොව පළමු අවිවාදිත හෙවිවෙට් බොක්සිං රැජින

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය ලෝක හෙවිවේට් බොක්සිං රැජින බවට ද පත්වූයේ අමෙරිකාවේ ම ඩැනිඑලා පර්කින්ස් (Danielle Perkins) පරාජය කරමින්.
  • සහ 2016 වසරවල ඔලිම්පික් ක්‍රීඩා උළෙලන් හි රන් පදක්කම් දිනා ගත් ෂීල්ඩ්ස් තරගයේ 10 වැනි සහ අවසාන වටය නිමාවීමට තත්පර කිහිපයක් පමණක් තිබියදී ප්‍රබල දකුණත් පහරක් මගින් මෙතෙක් අපරාජිත සිටි පර්කින්ස්ව බිම හෙලුවේ ඇගේ වෘත්තීය අපරාජිත ක්‍රීඩා වාර්තාව ජයග්‍රහණ 16ක් දක්වා වර්ධනය කර ගනිමින්.
  • ‌ විනිසුරුවන්ගෙන් ලැබුණු ලකුණු 97-92, 99-90 සහ 100-89ක මේ ජයග්‍රහණයත් සමග ක්ලෙරෙසා ෂීල්ඩ්ස් එදා මෙදා තුර අවිවාදයෙන් පිළිගැනෙන පළමු හෙවිවේට් බොක්සිං ශූරිය ලෙස ඉතිහාස පොතේ අලුත් පිටුවක් නිර්මාණය කළා.
  • හැවිරිදි ෂීල්ඩ්ස් මේ ජයග්‍රහණයෙන් පසුව බොක්සිං ක්‍රීඩාවේ හෙවිවේට්, මිඩ්ල්වේට් හා ලයිට්-මිඩ්ල්වේට් යන එකිනෙකට වෙනස් අංශ තුනේ අවිවාදිත ලෝක ශූරිය බවට පත්වූ පළමු බොක්සිං ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා ලෙසින් ද ඉතිහාසගත වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය ලෝක හෙවිවේට් බොක්සිං රැජින බවට ද පත්වූයේ අමෙරිකාවේ ම ඩැනිඑලා පර්කින්ස් (Danielle Perkins) පරාජය කරමින්. කාන්තා හෙවිවේට් කිරුළ සඳහා මේ තරගය පැවතියේ මිචිගන් ප්‍රන්තයේ ෆ්ලින්ට් නගරයේ.

zxdgw

2012 සහ 2016 වසරවල ඔලිම්පික් ක්‍රීඩා උළෙලන් හි රන් පදක්කම් දිනා ගත් ෂීල්ඩ්ස් තරගයේ 10 වැනි සහ අවසාන වටය නිමාවීමට තත්පර කිහිපයක් පමණක් තිබියදී ප්‍රබල දකුණත් පහරක් මගින් මෙතෙක් අපරාජිත සිටි පර්කින්ස්ව බිම හෙලුවේ ඇගේ වෘත්තීය අපරාජිත ක්‍රීඩා වාර්තාව ජයග්‍රහණ 16ක් දක්වා වර්ධනය කර ගනිමින්. ‌

විනිසුරුවන්ගෙන් ලැබුණු ලකුණු 97-92, 99-90 සහ 100-89ක මේ ජයග්‍රහණයත් සමග ක්ලෙරෙසා ෂීල්ඩ්ස් එදා මෙදා තුර අවිවාදයෙන් පිළිගැනෙන පළමු හෙවිවේට් බොක්සිං ශූරිය ලෙස ඉතිහාස පොතේ අලුත් පිටුවක් නිර්මාණය කළා.

29 හැවිරිදි ෂීල්ඩ්ස් මේ ජයග්‍රහණයෙන් පසුව බොක්සිං ක්‍රීඩාවේ හෙවිවේට්, මිඩ්ල්වේට් හා ලයිට්-මිඩ්ල්වේට් යන එකිනෙකට වෙනස් අංශ තුනේ අවිවාදිත ලෝක ශූරිය බවට පත්වූ පළමු බොක්සිං ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා ලෙසින් ද ඉතිහාසගත වුණා.

zdtw45

පසුගිය සතියේ තමාගේ උරහිසේ හටගත් ආබාධයක් පිළිබඳව තරගයෙන් පසුව අනාවරණය කළ ෂීල්ඩ්ස්, තමාට වම් අතේ ශල්‍යකර්මයකට යාමට සිදුවනු ඇතැයි කියා සිටියා.

සිය පළමු තරග පහ ම ජය ගෙන සිටි පර්කින්ස් ට ඇගේ ප්‍රතිවාදිනියට වඩා බර සහ උස ප්‍රමාණයේ වාසියක් තිබුණ ද, තරගය පුරා ම ඇය සිටියේ ෂීල්ඩ්ස් ට දෙවැනි වෙමින්.

 warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...