The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනය ජය භූමියක් ද ? | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

T

The Leader Desk

February 6, 2025 • 6:12 AM

ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනය ජය භූමියක් ද ? | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන් අනතුරුව එදා මෙදා තුර ටෙස්ට් තරග 47ක් ගිය සතියේ අවසන් වූ ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගය වන විට එහි පවත්වා තිබුණු අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණයන් 27ක් ද (57.14%) ජය පරාජයෙන් තොරව තරග නිමාවූ අවස්ථා හයක් ද වාර්තා වී ඇත.
  • ගාල්ල ක්‍රීඩාංගනයේ ඔස්ට්‍රේලියා තරග ජය ගැනීමේ ප්‍රතිශතය 57.44% කි.
  • ඔවුන් තරග හතක් ක්‍රීඩා හතරක් ජයග්‍රහණය කොට පරාජය වී ඇත්තේ තරග දෙකක් පමණි.
  • ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 2004 වසරේ මාර්තු 8 වෙනිදා පැවැති තරගය ඔස්ට්‍රේලියානුවන් ලකුණු 197කින් ජයග්‍රහණය කළේ දඟපන්දු යවන්නන්ට උචිත ලෙස සකස් කරන තණතීරු තමන්ට අභියෝගයක් නොවන බව පසක් කර දෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන් අනතුරුව එදා මෙදා තුර ටෙස්ට් තරග 47ක් ගිය සතියේ අවසන් වූ ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගය වන විට එහි පවත්වා තිබුණු අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණයන් 27ක් ද (57.14%) ජය පරාජයෙන් තොරව තරග නිමාවූ අවස්ථා හයක් ද වාර්තා වී ඇත.

ගාල්ල ක්‍රීඩාංගනයේ ඔස්ට්‍රේලියා තරග ජය ගැනීමේ ප්‍රතිශතය 57.44% කි. ඔවුන් තරග හතක් ක්‍රීඩා හතරක් ජයග්‍රහණය කොට පරාජය වී ඇත්තේ තරග දෙකක් පමණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

2004 වසරේ මාර්තු 8 වෙනිදා පැවැති තරගය ඔස්ට්‍රේලියානුවන් ලකුණු 197කින් ජයග්‍රහණය කළේ දඟපන්දු යවන්නන්ට උචිත ලෙස සකස් කරන තණතීරු තමන්ට අභියෝගයක් නොවන බව පසක් කර දෙමිනි. එම තරගයේදී ශේන් වෝන් සහ ස්ටුවට් මැක්ගීල් අතරේ කඩුලු පහළොවක් බෙදී ගිය අතර ෂේන් ඔවුන් ඉනිම දෙකේදීම කඩුලු පහ බැගින් ලබා ගත්තේය.

උවමනාවටත් වඩා දඟපන්දු යවන්නන්ට උචිත තණ තීරු සකසන නිසා මෙම ක්‍රීඩාංගනයේ 2017 වසරෙන් පසු තරග ජය පරාජයෙන් අවසන් වීමක් සිදුවී නොමැත.

අල්ජසීරා නාලිකාවේ සිදුකරන හෙළිදරව් කිරීම නොවන්නට ගාල්ලේ විවිධ කණ්ඩායම්වලට උචිත පරිදි, ඔට්ටු තබන්නන්ගේ බලපෑමට යටත්ව තණ තීරු සකසන බව හෙළි වන්නේ නැත. එම හෙළිදරව් කිරීමේදී වීඩියෝ සාක්ෂි මගින් ඉන්දියාවට වාසිදායක වන ආකාරයට පිටිය සැකසීමක් මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

 

ජයනන්ද වර්ණවීර
එම හෙළිදරව් කිරීම නිසා ක්‍රීඩාංගණය භාරව සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර ඇතුළු කිහිපදෙනෙකුටම වසර තුනක ක්‍රිකට් පරිපාලන තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සහ ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පනවන ලදි.

එසේම ගිය වසරේ නොවැම්බර් මාසයේ Galle marvels කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට පත් වන්නේ ද ක්‍රීඩකයෙකු විසින් සිදුකරන ලද තරග මුදලට පාවාදීමේ චෝදනාවක් මතය.

ඔට්ටුකරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනවල නිල අනුග්‍රාහකයන් බවට පත්වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳ සැක සංකා ජනිත වීම් හුදෙක් සාමාන්‍ය සිදුවීමක් ලෙස සැලකිය හැකිය.


Rasanga
(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
විධායක අධ්‍යක්ෂ
ජාතික මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය

prasadrharischandra@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...