The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බොබ් මාලි: පාපන්දුවට පෙම් බැඳි සුන්දර ගායකයා

T

The Leader Desk

February 8, 2025 • 3:22 PM

බොබ් මාලි: පාපන්දුවට පෙම් බැඳි සුන්දර ගායකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ ජැමෙයිකාවේ උපත ලද බොබ් මාලි සංගීත ලෝකය කම්පා කරවමින් 1981 වසරේදී මිය ගියේ 36 වැනි වියේ පසුවෙමින් සිටියදී.
  • බොහෝ දෙනා බොබ් මාලිව දන්නේ ගායකයෙක්, ගීත රචකයෙක්, රෙගේ සංගීයේ පුරෝගාමියෙක් හා සංස්කෘතික සංකේතයක් ලෙස.
  • එහෙත් මාලි ට සංගීතය තරමට ම පාපන්දු ක්‍රීඩාව ද වැදගත්ව තිබූ බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.
  • කෙනෙක් ඔබව තදින් බිම දැමුවොත් එයින් යුද්ධයක හැඟීමක් ඇතිවෙනවා.” “ඔහු පාපන්දු ක්‍රීඩා කරනවා බලා සිටීම විස්මය දනවන්නක්” යනුවෙන් මාලිගේ ඡායාරූප ශිල්පියා හා සමීප මිතුරෙකු වන ඩෙනිස් මොරිස් BBC Sport ට ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

සබඳතාවක්.

1945 වසරේ ජැමෙයිකාවේ උපත ලද බොබ් මාලි සංගීත ලෝකය කම්පා කරවමින් 1981 වසරේදී මිය ගියේ 36 වැනි වියේ පසුවෙමින් සිටියදී.

“ඔබට මාව හඳුනා ගන්න අවශ්‍ය නම්, ඔබ... මමයි මගේ වේලර්ස්ටයි (Bob Marley and the Wailers) එරෙහිව පාපන්දු ක්‍රීඩා කළ යුතුයි” බොබ් මාලි වරක් මාධ්‍යවේදියෙකුට කියා තිබුණා.

බොහෝ දෙනා බොබ් මාලිව දන්නේ ගායකයෙක්, ගීත රචකයෙක්, රෙගේ සංගීයේ පුරෝගාමියෙක් හා සංස්කෘතික සංකේතයක් ලෙස. එහෙත් මාලි ට සංගීතය තරමට ම පාපන්දු ක්‍රීඩාව ද වැදගත්ව තිබූ බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.

මාලි කවරවිටකවත් පාපන්දුවෙන් දුරස්ව සිටියේ නැහැ. ලැබුණු සෑම අවස්ථාවකදී ම ඔහු පන්දුවට පයින් ගසමින් සෙල්ලම් කළා. එය ඔහුගේ ගීත පටිගත කරන කාලය අතරතුර හෝ ඔහු ප්‍රසංග වේදිකාවට නැගීමට පෙර හෝ එසේත් නැත්නම් තම මිතුරන් සමග උද්‍යානයක සිටින විට හෝ සිදුවුණා.

මේ ලස්සන ක්‍රීඩාව විසින් මාලිව සංගීතයෙන් මුදාහැරියේ ඔහුගේ පෞරුෂයේ වඩාත් තරගකාරී පැත්තට තට්ටු කිරීමට ඉඩ සලසමින්.

1980 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී බොබ් මාලි මෙසේ කියා සිටියා:

fgert


“පාපන්දුවට ආදරය කිරීමට පෙර මම සංගීතයට ආදරය කරනවා. මම පළමුව පාපන්දු ක්‍රීඩාවට ආදරය කළොත් එය භයානක විය හැකියි. මම සංගීතයට ආදරෙයි. ඊට පස්සෙ පාපන්දුවට ආදරෙයි. පාපන්දු ක්‍රීඩා කරමින් ගීත ගායනා කිරීම අනතුරුදායකයි. මොකද, පාපන්දු ක්‍රීඩාව ඉතා ප්‍රචණ්ඩ වෙනවා. මම සිංදු කියන්නේ සාමය, ආදරය හා එවැනි සියලු දේ ගැනයි. පාපන්දු ක්‍රීඩාවේදී මොනව හරි දෙයක් වෙන්න පුළුවනි. කෙනෙක් ඔබව තදින් බිම දැමුවොත් එයින් යුද්ධයක හැඟීමක් ඇතිවෙනවා.”


“ඔහු පාපන්දු ක්‍රීඩා කරනවා බලා සිටීම විස්මය දනවන්නක්” යනුවෙන් මාලිගේ ඡායාරූප ශිල්පියා හා සමීප මිතුරෙකු වන ඩෙනිස් මොරිස් BBC Sport ට ප්‍රකාශ කළා.


“මම කවදාවත් එයා පාපන්දු ක්‍රීඩා කරන කොට පිංතූර ගත්තේ නැහැ. මොකද, මට ඔ්න වුනේ එයා සෙල්ලම් කරන හැටි බලා ඉන්න විතරයි. ඒක එයාගෙ ප්‍රීතිය නිසායි මම ඔහේ බලාගෙන හිටියේ. ඊටත් එයාට විවේකීව ඉන්න ලැබුණු එකම අවස්ථාවත් එයයි. ඒ වෙලාව තමයි මම ඇත්තටම මගේ කැමරාව පැත්තකට දැමුවේ.”


මාලි බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්තය වන පේලේගේ සැන්ටොස් පාපන්දු සමාජයේ ක්‍රීඩා ලෝලියෙකුව සිටිය ද, ‘ටොට්නම් හොට්ස්ප’ නමැති එංගලන්ත ක්‍රීඩා සමාජ කණ්ඩායමට ද සහයෝගය පළ කළා. ඔහු 1978 වසරේ සිට දශකයක කාලයක් එම කණ්ඩායමේ සිටි ආජන්ටිනා මැදපෙල ක්‍රීඩක ඔසී ආඩිල්ස් (Ossie Ardiles)ගේ ක්‍රීඩා ලෝලියෙකුව සිටියා.

ye5y656

බොබ් මාලිගේ තවත් සමීප මිතුරෙකු වන කීර්තිමත් ප්‍රධාන කෝකියෙකු වන ලීවි රූට්ස් සමග ද BBC Sport කතා කර තිබුණා. හැත්තෑ ගණන්වල මැද කාලයේ ලන්ඩනයේ බැටසී උද්‍යානයේ සෙල්ලම් කළ මිත්‍ර පාපන්දු තරගයකදී මාලි ට එරෙහිව පන්දුව ආරක්ෂා කිරීමට ක්‍රීඩා කළ අන්දම ඔහු මෙසේ විස්තර කරනවා.

“මාලි ඒ ගැන දැඩි අවධානයකින් හිටියා. පන්දුව පාමුල තබා ගෙන, ඔබ වෙත දිව එන ඔහුගේ එකම ඉලක්කය වී තිබුණේ ඔබව පසුකර ගෙන ගොස් දැල වෙතට පන්දුව එල්ල කිරීමයි. ඔහු, පාපන්දුව හා සංගීතය යන ඔහුගේ තද ආශාවන් දෙකේ ම මාස්ටර් කෙනෙකුව සිටියා.”

බොබ් මාලි 1981දී මිය ගියේ, පාපන්දු තරගයක් අතරතුර ඔහුගේ පාඇඟිල්ලක් යට හටගෙන තිබූ සමේ පිළිකාවක් සොයා ගෙන සිවු වසරකට පසුව.

ජැමෙයිකානු ජාතික කාන්තා කණ්ඩායම බේරාගත් මාලිගේ දියණිය

cfhe56g

‘රෙගේ ගර්ල්ස්’ (Reggae Girlz) නමින් හැඳින්වෙන ජැමෙයිකානු කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම 2018 වසරේදී ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ප්‍රංශයේ පැවති ඔවුන්ගේ පළමු කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබුවා.

එය එසේ සිදුවීමට මං විවර කළ ප්‍රධාන හස්තය වූයේ බොබ් මාලිගේ දියණිය වන සෙඩෙල්ලා මාලි (Cedella Marley). අභාවප්‍රාප්ත පියාණන්ගේ ගීත තැටි ලේබලවල ප්‍රධාන විධායක නිලධාරිනිය සහ මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන ඇය, ජැමෙයිකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට මුදල්මය සහයෝගය ලබා දුන්නා.

කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම විශාල මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියදී බොබ් මාලි පදනම සමග 2014දී කණ්ඩායමේ තානාපතිනිය බවට පත්වූ සෙඩෙල්ලා මාලි, ඇයගේ පෞද්ගලික ධනය කණ්ඩායම වෙනුවෙන් ආයෝජනය කිරීමට පටන් ගත්තා.

“මම අත දමන යම් දෙයක් සාර්ථක වීම ගැන මගේ පියා පුදුම වෙන එකක් නැහැ. ‘ඒ මගේ කෙල්ල’ කියලා එයා කියාවි” යනුවෙන් සෙඩෙල්ලා 2018 වසරේදී BBC Sport ට පැවසුවා.


ආයොක්ස් පාපන්දු කණ්ඩායමේ ජාතික ගීය බවට පත්වූ මාලිගේ ගීතය

වේල්සයේ කාඩිෆ් සිටි (Cardiff City) කණ්ඩායම 2008 වසරේ ගිම්හානයේ ඔවුන්ගේ ක්‍රීඩා වාරයට පෙර අවසන් මිත්‍ර තරගය නෙදර්ලන්තයේ ආයොක්ස් (Ajax) කණ්ඩායම සමග ක්‍රීඩා කළා. තරගයෙන් පසුව සත්කාරක කාඩිෆ් ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණයෙන් පිටව යනතුරු ආයොක්ස් ක්‍රීඩා ලෝලීන්ව සංවිධායකයන් විසින් ක්‍රීඩාංගණයේ රඳවා ගෙන සිටියා.

ආයොක්ස් ක්‍රීඩා ලෝලීන් සන්සුන්ව තබා ගැනීම පිණිස ඔවුන්ට සංගීතය ඇසීමට කටයුතු යොදන ලෙසට ක්‍රීඩාංගණයේ නිවේදකයාට භාරකර තිබූ අතර දැඩි රෙගේ සංගීත ලෝලියෙකු වූ ඔහු තෝරා ගත්තේ බොබ් මාලිගේ Three Little Birds ගීතය.

ඒ අවස්ථාවේදී අයොක්ස් ක්‍රීඩා ලෝලීන් නටමින්, අත්පුඩි ගසමින් එම ගීතයේ පද මතුරන්නට පටන් ගත් බව සඳහන්. ඉක්බිති එය අයොක්ස් පාපන්දු සමාජයේ ගීතය බවට පත්ව තිබෙනවා. 2018 වසරේදී බොබ් මාලිගේ පුතා වන කයි-මානි මාලි (Ky-Mani Marley) අයොක්ස් කණ්ඩායමේ තරගයක් නැරඹීමට ඇම්ස්ටඩෑම් නුවර Johan Cruyff Arena රංග භූමියට පැමිණි අවස්ථාවේ ඔහුට තරගය මැද විරාමයේදී Three Little Birds ගීතය ගායනා කිරීමේ ගෞරවය ලබා දුන් අතර කයි-මානි එම ගීතය ගයද්දී නරඹන්නන් ද ඔහු සමග එක්ව එම ගීතය ගායනා කළ බව පැවසෙනවා.

බොබ් මාලිගේ පාපන්දු ඇඳුම්

බොබ් මාලි සංගීත වේදිකාවේ නොසිටින සෑම මොහොතකම ඔහු නිතරම පැළඳ සිටියේ ඒ මොහොතේ ම පාපන්දුවක් රැගෙන එතැනම ක්‍රීඩා කිරීමට සූදානම් ඇඳුමක්.

නිතරම කැපී පෙනෙන පාපන්දු ට්‍රැක්සූට් සහ ජැමෙයිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ සිට බ්‍රසීලයේ සංකේතාත්මක කහ පැහැති පාපන්දු ජර්සිය දක්වා විවිධාකාරයේ පාපන්දු කමිස ඇඳ සිටීමෙන්, පාපන්දු ක්‍රීඩාවට බොබ් මාලිගේ තිබුණු ආදරය ඔහුගේ ඇඳුම් පැළඳුම්වලින් විද්‍යාමාන වුණා.

පාපන්දු ක්‍රීඩාවේ නියැලී සිටි පුද්ගලයන් පිරිවරා ගෙන සිටි බොබ් මාලි, 1970 ගණන්වලදී ඔහුගේ සංචාරක කළමනාකරු වශයෙන් ජැමෙයිකානු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක ඇලන් කෝල් (Allan “Skill” Cole) පත්කර ගත්තා.


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බොබ් මාලි: පාපන්දුවට පෙම් බැඳි සුන්දර ගායකයා | The Leader