The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ස්වදේශික ක්‍රීඩිකාවට ඔලිම්පික් යන්න උදව් කළ සයිප්‍රස් ජිම්නාස්ටික්ස් විනිසුරුවරියට සිවු වසරක තහනමක්

T

The Leader Desk

February 9, 2025 • 2:25 PM

ස්වදේශික ක්‍රීඩිකාවට ඔලිම්පික් යන්න උදව් කළ සයිප්‍රස් ජිම්නාස්ටික්ස් විනිසුරුවරියට සිවු වසරක තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සයිප්‍රස් ජාතික රිද්මයාානුකූල ජිම්නාස්ටික්ස් විනිසුරුවරියකට සිවු වසරක තහනමක් පනවා තිබෙනවා.
  • වසරේදී සයිප්‍රසය වෙනුවෙන් තරග කිරීම ආරම්භ කළ රුසියාවේ උපන් ටුගොලුකෝවා, පැරිසියේ පැවති ක්‍රීඩා උළෙලේ තනි සෑම ඉරියව් තරගාවලිය අවසන් කළේ 16 වැනි ස්ථනයෙන්.
  • පුහුණු කිරීමේ ක්‍රියාවන් හැර ජිම්නාස්ටික්ස් ක්‍රීඩාවට අදාළ සියලු ක්‍රියාකාරකම්වල නියැලීම සඳහා ට්‍රීකමිටී ට වසර හතරකට සුදුසුකම් නැති බවට අවධාරණය කරන බවට FIGයේ ජිම්නාස්ටික්ස් සදාචාර ප්‍රතිපත්ති පදනම නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙනවා.
  • ට්‍රීකමිටී කළ වරදට යුරෝපීය ජිම්නාස්ටික්ස් වගකිවයුතු බව ද FIG කියා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සයිප්‍රස් ජාතික රිද්මයාානුකූල ජිම්නාස්ටික්ස් විනිසුරුවරියකට සිවු වසරක තහනමක් පනවා තිබෙනවා.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ යුරෝපීය සුදුසුකම් ලැබීමේ අවසාන ස්ථානය 16 හැවිරිදි වියේ පසුවන වීර ටුගොලුකෝවා (Vera Tugolukova) ට ලැබීම සහතික කිරීම පිණිස විනිසුරු එවන්ගේලියා ට්‍රීකමිටී (Evangelia Trikomiti) යුරෝපීය ශූරතාවලියේදී ලකුණු වෙනස් කළ බව ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනය (FIG) විසින් සොයාගෙන තිබෙනවා.

2022 වසරේදී සයිප්‍රසය වෙනුවෙන් තරග කිරීම ආරම්භ කළ රුසියාවේ උපන් ටුගොලුකෝවා, පැරිසියේ පැවති ක්‍රීඩා උළෙලේ තනි සෑම ඉරියව් තරගාවලිය අවසන් කළේ 16 වැනි ස්ථනයෙන්.

පුහුණු කිරීමේ ක්‍රියාවන් හැර ජිම්නාස්ටික්ස් ක්‍රීඩාවට අදාළ සියලු ක්‍රියාකාරකම්වල නියැලීම සඳහා ට්‍රීකමිටී ට වසර හතරකට සුදුසුකම් නැති බවට අවධාරණය කරන බවට FIGයේ ජිම්නාස්ටික්ස් සදාචාර ප්‍රතිපත්ති පදනම නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රීකමිටී කළ වරදට යුරෝපීය ජිම්නාස්ටික්ස් වගකිවයුතු බව ද FIG කියා සිටිනවා.

පරීක්ෂණ කටයුතු වෙනුවෙන් වැයවූ යුරෝ 8,000ක මුදල ආපසු ගෙවන ලෙසට ද FIGය යුරෝපීය ජිම්නාස්ටික් ආයතනයට නියෝග ක‌ර තිබෙනවා.

2024 මැයි මස බුඩාපෙස්ට් හි පැවති යුරෝපීය ශූරතාවලියේ සුපිරි ජූරියේ සභාපතිනිය ලෙස කටයුතු කළ ට්‍රීකමිටී, පෝලන්තයේ ලිලිආනා ලෙවින්ස්කා (Liliana Lewinska) ට ඉහළින් ටුගොලුකෝවා ට ඔලිම්පික් සුදුසුකම ලබා දීම තහවුරු කිරීම පිණිස විනිසුරුවන්ගේ කාර්යයට අනිසි ලෙස බාධා කර තිබෙන බව හෙළි වී තිබෙනවා.

ට්‍රීකමිටී මීට කළින් 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ විනිසුරුවරියක ලෙස ක්‍රියා කර ඇති අතර ඇයගේ සිවු වසරක තහනම සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කිරීමට පෙර නීතිඥයන්ගෙන් උපදෙස් ගන්නා බව යුරෝපීය ජිම්නාස්ටික් ආයතනය පවසනවා.

ට්‍රීකමටීගේ දියණිය ක්‍රිස්ටලෙනී (Chrystalleni) 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සයිප්‍රසය නියෝජනය කළ අතර දිල්ලියේ පැවති 2010 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිද්මයානුකූල ජිම්නාස්ටික්ස් රන් පදක්කම් දෙකක් දිනා ගත්තා.


(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...