The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'නිහඬතාව තවදුරටත් විකල්පයක් නෙවෙයි!'

T

The Leader Desk

February 13, 2025 • 2:16 PM

'නිහඬතාව තවදුරටත් විකල්පයක් නෙවෙයි!'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • International Olympic Committee (IOC) - ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ වීමෙන් පසුව ප්‍රකාශයක් කරන ඔලිම්පික් බොක්සිං ශූරී ඉමාන් කලීෆ් (Imane Khelif), සත්‍යය ජයගන්නා තුරු තමා සටන් කරන බව ප්‍රකාශ කරනවා.
  • බොක්සිං ක්‍රීඩාවේ ලිංගීය සුදුසුකම ආරක්ෂා කිරීම සඳහා සැලකිලිමත් වීම උපුටා දක්වමින් ස්විට්සලන්ත නීතිපතිවරයා හමුවේ පැමිණිල්ලක් ගොනු කළ බව ජාත්‍යන්තර බොක්සිං සංගමය - International Boxing Association (IBA) - සඳුදා නිවේදනය කළා.
  • කාන්තා බොක්සිං තරගාවලියට තමා සුදුසු බව ඇය සැමවිටම අවධාරණය කර තිබෙනවා.
  • ජාත්‍යන්ත‌ර බොක්සිං සංගමය නැවත වරක් අසත්‍ය හා අපහාසාත්මක පදනම් විරහිත චෝදනා නගා තිබෙන බව කලීෆ් සමාජ මාධ්‍යයෙන් කියා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

- International Olympic Committee (IOC) - ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ වීමෙන් පසුව ප්‍රකාශයක් කරන ඔලිම්පික් බොක්සිං ශූරී ඉමාන් කලීෆ් (Imane Khelif), සත්‍යය ජයගන්නා තුරු තමා සටන් කරන බව ප්‍රකාශ කරනවා.

බොක්සිං ක්‍රීඩාවේ ලිංගීය සුදුසුකම ආරක්ෂා කිරීම සඳහා සැලකිලිමත් වීම උපුටා දක්වමින් ස්විට්සලන්ත නීතිපතිවරයා හමුවේ පැමිණිල්ලක් ගොනු කළ බව ජාත්‍යන්තර බොක්සිං සංගමය - International Boxing Association (IBA) - සඳුදා නිවේදනය කළා.

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ද තරග කළ කලීෆ් ලෝක ශූරතාවලියේ රිදී පදක්කම්ලාභිනියක ද වනවා. කාන්තා බොක්සිං තරගාවලියට තමා සුදුසු බව ඇය සැමවිටම අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්ත‌ර බොක්සිං සංගමය නැවත වරක් අසත්‍ය හා අපහාසාත්මක පදනම් විරහිත චෝදනා නගා තිබෙන බව කලීෆ් සමාජ මාධ්‍යයෙන් කියා සිටිනවා.


“පදනමක් නැති බොරු සහ වැරදි තොරතුරු පතුරුවා හැරීම තුළින් පෞද්ගලික හා දේශපාලනික න්‍යායපත්‍ර ඉදිරියට ගෙන යාම සඳහා අවසරයක් නැතුව මගේ නම සහ ප්‍රතිරූපය පාවිච්චි කරන අමිහිරි මාර්ගයක මම අවුරුදු දෙකක් තිස්සේ ගමන් කරමින් සිටිනවා” යනුවෙන් ඇය පවසනවා.

 

“නමුත් නිහඬතාව තවදුරටත් විකල්පයක් නෙවෙයි.”

t32edd

“මම කොහේවත් යන්නේ නැහැ. මම බොක්සිං වළල්ල තුළ සටන් කරනවා. මම උසාවියේ සටන් කරනවා. සත්‍යය ප්‍රතික්ෂේප කළ නොහැකි වනතුරු මම ප්‍රසිද්ධියේ සටන් කරනවා” යනුවෙන් ඉමාන් කලීෆ් වැඩිදුරටත් සඳහන් කරනවා.


කලීෆ් සහ ඇගේ කණ්ඩායම දැන් තත්ත්වය සමාලෝචනය කරමින් සිටින අතර ඇයගේ අයිතීන් සුරක්ෂිත කිරීම පිණිස නීති ක්‍රියාමාර්ගයන්ට පිවිසීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

නීතිමය පියවර ගන්නා බවට IBA කරන ප්‍රකාශය ඔවුන් IOCයට එරෙහිව ක්‍රියාත්මක කර තිබෙන මෙහෙයුමේ තවත් එක් උදාහරණයක් පමණක් බව IOCය කියනවා.
මේ අතර, IBA පැමිණිල්ල ලැබුණු බව ස්විට්සලන්තයේ නීතිපති කාර්යාලය තහවුරු කර තිබෙනවා.

සබැඳි පුවතක් :
කලීෆ් හා ලින් බොක්සිං ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් වරම් දුන් IOCයට එරෙහිව IBA නඩු මගට

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...