එකම තරගයක ලෝක වාර්තා දෙකක් බිඳ දමමින් ඉතිහාසගත සිටිනවා.
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 5,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මේ 24 හැවිරිදි ක්‍රීඩකයා කෙටි ධාවන මීටර් 1500, කෙටි ධාවන සැතපුම, මීටර් 2000 හා මීටර් 3000 ඉසව්වල වර්තමාන ලෝක වාර්තාලාභියා යි.
ප්‍රංශයේ ලියිවා නුවර පෙරේදා සන්ධ්‍යාවේදී ඔහු, 1954 වසරේ ජෝන් ලැන්ඩි (John Landy) ට පසුව එකම තරගයේ සැතපුම හා මීටර් 1500 ලෝක වාර්තා පිහිටුවීමට සමත් වූ පළමු ක්‍රීඩකයා බවට පත්වුණා.

ඉන්යබ්‍රිට්සන්ගේ මේ ජයග්‍රහණය වාර්තා වන්නේ ඔහුගේ ප්‍රතිවාදියා වන අමෙරිකාවේ යොරේඩ් නෙගස් (Yared Nuguse) නිව්යෝක් නගරයේ මිල්රෝස් ක්‍රීඩා උළෙලේදී (Millrose Games) 3:46.63ක ලෝක ගෘහස්ථ සැතපුම වාර්තාවක් බිහිකර දින පහකට පසුව.
මේ සැතපුමේ ලෝක වාර්තාව ලියිවා නුවරදී 3:45.14ක කාලයක් සටහන් කරමින් මකා දමන අතරතුර ඉන්යබ්‍රිට්සන් ලෝක ගෘහස්ථ මීටර් 1500 ඉසව්වේ ද 3:29.63ක නව ලෝක වාර්තාවක් පිහිටුවූවා.
සමහර ලෝක වාර්තා වසර ගණනාවක්, එසේත් නැත්නම් දශක ගණනාවක් පවතිනවා. මේ කතාවේ එන ලෝක වාර්තාව පැවතුනේ දින පහක් පමණයි.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



