The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලොව වඩාත්ම සරාගී පාපන්දු ක්‍රීඩිකාවගේ ඡායාරූපවලින් සමාජ මාධ්‍ය ඇවිස්සෙයි

T

The Leader Desk

February 15, 2025 • 3:44 PM

ලොව වඩාත්ම සරාගී පාපන්දු ක්‍රීඩිකාවගේ ඡායාරූපවලින් සමාජ මාධ්‍ය ඇවිස්සෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙනී සිටීමකින් සමාජ මාධ්‍යය ක්ෂණිකව ආකර්ෂණය කර ගත්තා.
  • Tezenis නමැති ප්‍රධාන පෙලේ ඉතාලි මෝස්තර කාන්තා යට ඇඳුම් ලාංජනය සමග එක්ව සිටින 26 හැවිරිදි ලේමන් ඇගේ ප්‍රාණවත් ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් හි බෙදා ගත්තා.
  • මේ ස්විට්සලන්ත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩිකාවගේ ඡායාරූපවලින් ඇගේ මිලියන 16.7ක ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් විස්මයෙන් ප්‍රබෝධමත් වුණා.
  • මේ දෙදෙනා ම ඔවුන් ක්‍රීඩා කරමින් සිටි එංගලන්තයේ ‘ඇස්ටන් විලා’ පාපන්දු සමාජයෙන් ඉවත්ව ඉතාලියේ ‘යීවෙන්චස්’ (Juventus) ක්‍රීඩා සමාජයට එක්වූයේ එදා මෙදා තුර පාපන්දු සමාජ මාරුවීමක යෙදුනු පළමු පෙම්වතා සහ පෙම්වතිය ලෙස ඉතිහාසගත වෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙනී සිටීමකින් සමාජ මාධ්‍යය ක්ෂණිකව ආකර්ෂණය කර ගත්තා.

Tezenis නමැති ප්‍රධාන පෙලේ ඉතාලි මෝස්තර කාන්තා යට ඇඳුම් ලාංජනය සමග එක්ව සිටින 26 හැවිරිදි ලේමන් ඇගේ ප්‍රාණවත් ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් හි බෙදා ගත්තා.

‌මේ ඉදිරිපෙල ක්‍රීඩිකාව වැලන්ටයින් දිනයට කලින්, කළු පැහැති රේන්ද ඇඳුම් කට්ටලයකින් කැමරාව ඉදිරියේ පෙනී සිටි අතර එම ඡායාරූපවලට ලක්ෂ පහකට වැඩි මනාප (likes) ලැබී තිබුණා. “Tezenis සමග මගේ පළමු වැලන්ටයින් දිනය” යනුවෙන් ලේමන් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබෙනවා.

Alisha Lehmann kdkd
මේ ස්විට්සලන්ත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩිකාවගේ ඡායාරූපවලින් ඇගේ මිලියන 16.7ක ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් විස්මයෙන් ප්‍රබෝධමත් වුණා.

ලේමන්, ‘ඇස්ටන් විලා’ (Aston Villa) කණ්ඩායමේ හිටපු තරුවක් වන ඩග්ලස් ලුවිස් (Douglas Luiz) සමග ප්‍රේමයෙන් වෙලී සිටිනවා. මේ දෙදෙනා ම ඔවුන් ක්‍රීඩා කරමින් සිටි එංගලන්තයේ ‘ඇස්ටන් විලා’ පාපන්දු සමාජයෙන් ඉවත්ව ඉතාලියේ ‘යීවෙන්චස්’ (Juventus) ක්‍රීඩා සමාජයට එක්වූයේ එදා මෙදා තුර පාපන්දු සමාජ මාරුවීමක යෙදුනු පළමු පෙම්වතා සහ පෙම්වතිය ලෙස ඉතිහාසගත වෙමින්.

xddfgdryt

26 හැවිරිදි ලුවිස් එංගලන්තයේ සිට ඉතාලිය ට මාරු වූයේ පවුම් මිලියන 50ක ගිවිසුමකින්. අනතුරුව ඔහු සතියකට පවුම් ලක්ෂයක් වටිනා කොන්ත්‍රාත්තුවකට අත්සන් කළ බව වාර්තා වනවා. ලේමන් ඉතාලි කණ්ඩායමට බැඳුනේ පවුම් මිලියන 42ක මුදලකට.

තම ආදරවන්තයා සමග ඉතාලියේ ජීවිතය විඳින ඇය මේ ක්‍රීඩා වාරයේදී යීවෙන්චස් කණ්ඩායම වෙනුවෙන් තරග 21කට සහභාගි වී ගෝල් තුනක් ලබා ගෙන තිබෙනවා.

ඉතාලියේ ලේමන්ගේ ක්‍රීඩාව එසේ වූව ද ඇයගේ බ්‍රසීල පෙම්වතාගේ තත්ත්වය එතරම් සතුටුදායක නැහැ. යීවෙන්චස් කණ්ඩායමේ තරග ආරම්භක ක්‍රීඩකයන් 11 දෙනා අතරට පිවිසීමට ඔහු මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. ලුවිස් මේ ක්‍රීඩා වාරයේදී Serie A තරග මෙතෙක් ආරම්භ කර තිබෙන්නේ දෙවතාවක් පමණයි.

xfye56
කාන්තා සුපර් ලීගයේ (WSL) ඉහළින්ම වැජඹුනු ක්‍රීඩිකාවකි එලීෂ ලේමන්. ඇය කලක් තිස්සේ සමාජ මාධ්‍යයේ අනුගාමිකයන් විශාල ලෙස රැස්කරගෙන සිටින්‌නේ අඛණ්ඩව අඩ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටීමෙන්. කැමරාව ඉදිරියට යාමට ඇය ලජ්ජා වන්නේ නැහැ. සංචාරය කිරීමට අසීමිත කැමැත්තක් දක්වන ඇය ලොව වටා යන සෑම තැනකදීම ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය ලබනවා.

ලෝකයේ වඩාත්ම අනුගමනය කරන පාපන්දු ක්‍රීඩිකාව වනුයේ ලේමන්. ඇය පළඳින පාපන්දු කමිසයක් තමා වෙත එවිය හැකිදැයි සුප්‍රසිද්ධ රැප් ගායකයෙකු හා නළුවකු වන ඩ්රේක් (Drake) අතීතයේ දිනයෙක ලේමන්ගෙන් ඉල්ලා තිබුණා. වරක් ලොව ‘ඒ’ ලැයිස්තුවේ කීර්තිමත් පුද්ගලයෙක් ඔහු සමග රාගයේ රාත්‍රියක් ගත කිරීම පිණිස ඇයට පවුම් 90,000ක මුදලක් දීමට කැමැත්ත පළ කර තිබුණා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...