The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චැම්පියන්ස් කුසලානය: පාකිස්තාන ජාතික ක්‍රීඩාංගණයේ ඉන්දියා කොඩිය නෑ

T

The Leader Desk

February 17, 2025 • 11:06 AM

චැම්පියන්ස් කුසලානය: පාකිස්තාන ජාතික ක්‍රීඩාංගණයේ ඉන්දියා කොඩිය නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්තු 9 වැනිදා දක්වා දිවෙන මේ තරගාවලිය දශක තුනකට ආසන්න කාලයකට පසුව පාකිස්තානය ගෝලීය ක්‍රිකට් තරගාවලියකට සත්කාරකත්වය දක්වන ප්‍රථම අවස්ථාවයි.
  • ටලිබාන් රජය විසින් කාන්තාවන්ට ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගනිස්තානය සමග තරගය වර්ජනය කරන ලෙසට බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් 160කට වැඩි දෙනෙක් ඉල්ලා සිටියා.
  • මේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ කාලය 2023 වසරේදී අවසන් වූයේ ශ්‍රී ලංකාවේ අවාසනාවට.
  • චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා වන කණ්ඩායම් අට තීරණය කෙරෙන තරගාවලිය ලෙස නම් කර තිබුණේ 2023 ලෝක කුසලාන තරගාවලිය.
අකුරු ප්‍රමාණය (Font Size):

මාර්තු 9 වැනිදා දක්වා දිවෙන මේ තරගාවලිය දශක තුනකට ආසන්න කාලයකට පසුව පාකිස්තානය ගෝලීය ක්‍රිකට් තරගාවලියකට සත්කාරකත්වය දක්වන ප්‍රථම අවස්ථාවයි. කෙසේ වෙතත්, දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන දේශපාලන අවිනිශ්චිතභාවය හේතුවෙන් අසල්වැසි රට ට ඒම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ බැවින් ඉන්දියා කණ්ඩායමේ සියලු තරග පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ.


ටලිබාන් රජය විසින් කාන්තාවන්ට ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගනිස්තානය සමග තරගය වර්ජනය කරන ලෙසට බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් 160කට වැඩි දෙනෙක් ඉල්ලා සිටියා.

පාකිස්තානයේ ක්‍රීඩා කෙරෙන තරග පැවැත්වෙනුයේ ලාහෝර්, කරච්චි හා රාවල්පින්ඩි නගරවල. ඉන්දියාව, පාකිස්තානය, නවසිලන්තය හා බංග්ලාදේශය ‘ඒ’ කොටසේ තරග වදින අතර ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව තරග කරන්නේ ‘බී’ කොටසේ.

AFP 20250102 36RW66Z v1 HighRes CricketAusInd 1737446993

මේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ කාලය 2023 වසරේදී අවසන් වූයේ ශ්‍රී ලංකාවේ අවාසනාවට. 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා වන කණ්ඩායම් අට තීරණය කෙරෙන තරගාවලිය ලෙස නම් කර තිබුණේ 2023 ලෝක කුසලාන තරගාවලිය. එම තරගාවලියේ ලීග් අදියරේ ඉහළටම පිවිසි කණ්ඩායම් අට චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලැබුවා.


ශ්‍රී ලංකාවට මේ තරගාවලිය යාන්තමින් අහිමි වූයේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) මත. අට, නවය සහ දහය ස්ථානවලට පත්වූ කණ්ඩායම් එකම ලකුණු ප්‍රමාණය (4) ලබා ගත්ත ද, බංග්ලාදේශය (-1.087 NRR) අවසාන සුදුසුකම් ස්ථානය හිමිකර ගත්තා. ශ්‍රී ලංකාව (-1.419 NRR) නව වැනි ස්ථානයෙන් තරගාවලිය අවසන් කළ අතර නෙදර්ලන්තය (-1.825 NRR) දහවන ස්ථානයට පත්වුණා.

බටහිර ඉන්දීය කොදෙව් පිලට 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ බැවින් ඔවුන්ට 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට කොහෙත්ම අවස්ථාවක් තිබුණේ නැහැ.

මේ අතර, පාකිස්තානයේ ජාතික ක්‍රීඩාංගණයේ ප්‍රදර්ශනය වන චැම්පියන්ස් කුසලානයට සහභාගි වන රටවල ජාතික කොඩි අතර ඉන්දියා ජාතික ධජය නොතිබීම නිසා මතභේදයක් හටගෙන තිබෙනවා. කරච්චි නුවරින් ලැබුණු වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මතුවී තිබෙන්නේ ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනා අතර එය පැතිර යමින්.

චැම්පියන්ස් කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයක ඉන්දියා කොඩිය ප්‍රදර්ශනය නොවීමෙන් සමහර ක්‍රීඩා ලෝලීන් විස්මයට පත්ව සිටින අතර මේ නිසා සමාජ මාධ්‍යයේ උණුසුම් වාද විවාද ඇතිව තිබෙනවා. ඉන්දියා කණ්ඩායම ඔවුන්ගේ සියලු තරග ඩුබායි හි ක්‍රීඩා කිරීම මීට හේතුව වීමට ඉඩ තිබෙන බව එම ක්‍රීඩා ලෝලීන් අනුමාන කරනවා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...