The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දඟ පන්දුවෙන් පමණක් ක්‍රීඩා කරමින් අමෙරිකාව හා ඕමානය ඉතිහාසගත වෙයි

T

The Leader Desk

February 19, 2025 • 8:52 AM

දඟ පන්දුවෙන් පමණක් ක්‍රීඩා කරමින් අමෙරිකාව හා ඕමානය ඉතිහාසගත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරගය පිලකට ඕවර 50 බැගින් වූවද සම්පූර්ණ තරගය ක්‍රීඩා කෙරුනේ ඕවර 61ක් පමණයි.
  • ‌මේ සියලු ඕවර දඟ පන්දු යවන්නන් විසින් යවනු ලැබූවේ මෙතෙක් පැවති ජාත්‍යන්තර එක්දින (ODI) ක්‍රිකට් තරග 4,671දී වේග පන්දුවක් නොයැවුනු පළමු අවස්ථාව සටහන් කරමින්.
  • මෙහිදී අමෙරිකාව ඕවර 35.3ක් ඇතුළත ලකුණු 122කට දැවී යාමෙන් පසුව සත්කාරක ඕමානය ලකුණු 57කින් පරාජය කළේ සම්පූර්ණ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිරිමි තරගයක සාර්ථකව ආරක්ෂා කළ අඩුම මුළු ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.
  • බාධාවකින් තොරව පූර්ණ වශයෙන් පැවති තරගයක් සඳහා මීට පෙර තිබූ වාර්තාව වූයේ 1985 වසරේදී පාකිස්තානය ට එරෙහිව ඉන්දියාව මුළු ලකුණු 125ක් ආරක්ෂා කර ගනිමින් ලකුණු 38කින් ජය ගැනීම.
අකුරු ප්‍රමාණය (Font Size):

 

තරගය පිලකට ඕවර 50 බැගින් වූවද සම්පූර්ණ තරගය ක්‍රීඩා කෙරුනේ ඕවර 61ක් පමණයි. ‌මේ සියලු ඕවර දඟ පන්දු යවන්නන් විසින් යවනු ලැබූවේ මෙතෙක් පැවති ජාත්‍යන්තර එක්දින (ODI) ක්‍රිකට් තරග 4,671දී වේග පන්දුවක් නොයැවුනු පළමු අවස්ථාව සටහන් කරමින්.

මෙහිදී අමෙරිකාව ඕවර 35.3ක් ඇතුළත ලකුණු 122කට දැවී යාමෙන් පසුව සත්කාරක ඕමානය ලකුණු 57කින් පරාජය කළේ සම්පූර්ණ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිරිමි තරගයක සාර්ථකව ආරක්ෂා කළ අඩුම මුළු ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

 

බාධාවකින් තොරව පූර්ණ වශයෙන් පැවති තරගයක් සඳහා මීට පෙර තිබූ වාර්තාව වූයේ 1985 වසරේදී පාකිස්තානය ට එරෙහිව ඉන්දියාව මුළු ලකුණු 125ක් ආරක්ෂා කර ගනිමින් ලකුණු 38කින් ජය ගැනීම.

අමෙරිකානු පන්දු යවන ක්‍රීඩක Nosthush Kenjige ලකුණු 11කට කඩුලු 5ක් ලබා ගනිමින් ඔහුගේ ක්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ අතර ඕමානය ඕවර 25.3ක් ඇතුළත ලකුණු 65කට දැවී ගියා.

 

Shakeel Ahmad 1024x683

මේ තරගයේදී දඟ පන්දු හමුවේ බිඳ වැටුනු කඩුලු 19, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක දඟ පන්දු යවන්නන් විසින් වැඩිම කඩුලු ලබා ගත් වාර්තාව සම කරනවා. කළින් වාර්තාව පිහිටුවා තිබුණේ 2011 වසරේ බංග්ලාදේශය හා පාකිස්තානය අතර පැවති තරගයේ. අනෙක් කඩුල්ල බිඳ වැටුනේ දුවද්දී දැවී යාමෙන්.

Milind Kumar MoM Oman v USA 1024x683

 

තරගයේ දෙපිලේම මුළු ලකුණු සංඛ්‍යාවන්ගේ එකතුව වූ ලකුණු 187 පූර්ණ පිරිමි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක සටහන් වූ දෙවැනියට අඩුම සමස්ත ලකුණු ප්‍රමාණය යි. 2014 වසරේදී ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවති තරගයේදී සමස්ත ලකුණු 163ක් සටහන් වුණා.

දඟ පන්දු යවන්නන් විසින් තරගයක සියලුම ඕවර යැවූ මේ සිද්ධිය ඇසෙන්නේ, ජනවාරි මාසයේ පැවති දකුණු අප්‍රිකානු විස්සයි20 (SA20) තරගයක ප්රුටෝරියා කැපිටල්ස් (Pretoria Capitals) කණ්ඩායමට එරෙහිව ලබා ගත් ජයග්‍රහණයේදී පාල් රෝයල්ස් (Paarl Royals) කණ්ඩායම T20 තරගයක ඕවර 20 ම දඟ පන්දු යැවූ පළමු කණ්ඩායම බවට ඉතිහාසගත වීමෙන් පසුව. ඔවුන් මේ ජයග්‍රහණය ලබා ගත්තේ මුළු ලකුණු 140ක් ආරක්ෂා කර ගනිමින්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...