The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආසියානු රයිෆල්/පිස්තෝල කුසලානය: ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

T

The Leader Desk

February 19, 2025 • 10:34 AM

ආසියානු රයිෆල්/පිස්තෝල කුසලානය: ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්තයේ බැංකොක් අගනුවර මේ දිනවල පැවැත්වෙන ‘ආසියානු රයිෆල්/පිස්තෝල කුසලානය 2025’ තරගාවලියේ කාන්තා කණිෂ්ඨ මීටර් 10 ගුවන් පිස්තෝල කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකාව ට ලෝකඩ පදක්කම හිමිවුණා.
  • ශ්‍රී ලංකාව මුළු ලකුණු 1640-23x සටහන් කරමින් තෙවැනි ස්ථානයට පත්වූ අතර ඊට බොහෝ ඉදිරියෙන් සිටිමින් ලකුණු 1674-34xක් ලබා ගෙන තායිලන්තය රන් පදක්කමත්, කසකස්තානය ලකුණු 1643-23xක් ලබා රිදී පදක්කමත් දිනා ගත්තා.
  • ඇය ඇගේ තෙවැනි උත්සාහයේදී ලකුණු 96ක හොඳම දක්ෂතාවක් දැක්වූ අතර මෙය අනෙක් තරගකාරියන් අතර වාර්තා වූ හොඳම හැකියාව යි.
  • තිසංගි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටින අතර රෙයින්යා රණසිංහ මහනුවර තිබෙන කොළඹ ජාත්‍යන්තර පාසලේ ශිෂ්‍යාවක්.
අකුරු ප්‍රමාණය (Font Size):


තායිලන්තයේ බැංකොක් අගනුවර මේ දිනවල පැවැත්වෙන ‘ආසියානු රයිෆල්/පිස්තෝල කුසලානය 2025’ තරගාවලියේ කාන්තා කණිෂ්ඨ මීටර් 10 ගුවන් පිස්තෝල කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකාව ට ලෝකඩ පදක්කම හිමිවුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ තිසංගි ගීත්මා, රෙයින්යා රණසිංහ හා විනුත්මී සෙනවිරත්නගෙන් සමන්විත කණ්ඩායම.

මීට අමතරව, නව ජාතික වාර්තාවක් පිහිටුවීමට උමායා කුමාරසිරි සමත් වුණා.

ශ්‍රී ලංකාව මුළු ලකුණු 1640-23x සටහන් කරමින් තෙවැනි ස්ථානයට පත්වූ අතර ඊට බොහෝ ඉදිරියෙන් සිටිමින් ලකුණු 1674-34xක් ලබා ගෙන තායිලන්තය රන් පදක්කමත්, කසකස්තානය ලකුණු 1643-23xක් ලබා රිදී පදක්කමත් දිනා ගත්තා.

Bronze
ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් අතරින් කැපී පෙනුනු ක්‍රීඩිකාව වූයේ තිසංගි ගීත්මා. ඇය ඇගේ තෙවැනි උත්සාහයේදී ලකුණු 96ක හොඳම දක්ෂතාවක් දැක්වූ අතර මෙය අනෙක් තරගකාරියන් අතර වාර්තා වූ හොඳම හැකියාව යි.

තිසංගි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටින අතර රෙයින්යා රණසිංහ මහනුවර තිබෙන කොළඹ ජාත්‍යන්තර පාසලේ ශිෂ්‍යාවක්. විනුත්මී සෙනවිරත්න ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ ඉගෙනුම ලබනවා.

මේ අතර, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවේ නැගී එන ක්‍රීඩිකාවක වන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරණ උමායා කුමාරසිරි ලකුණු 618.3/654ක් ලබා ගත්තේ කළින් තිබූ 616.2/654 ශ්‍රී ලංකා කණිෂ්ඨ කාන්තා මීටර් 10 ගුවන් රයිෆල් වාර්තාව මකා දමමින්.

ආසියානු කලාපයේ ඉහළින්ම ශ්‍රේණිගතව සිටින ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන මෙම ‘ආසියානු රයිෆල්/පිස්තෝල කුසලානය 2025’ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක් සහභාගි වෙමින් සිටිනවා. පෙබරවාරි 9 වැනිදා ඇරඹුනු තරගාවලිය පෙබරවාරි 22 දක්වා පැවැත්වෙනවා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආසියානු රයිෆල්/පිස්තෝල කුසලානය: ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් | The Leader