The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අශ්වයා පිටින් වැටී මිය ගිය ජොකියාගේ අවමඟුල ශෝකවන්නන්ගේ කඳුළු ගංගාවෙන් තෙත් වෙයි

T

The Leader Desk

February 20, 2025 • 12:43 PM

අශ්වයා පිටින් වැටී මිය ගිය ජොකියාගේ අවමඟුල ශෝකවන්නන්ගේ කඳුළු ගංගාවෙන් තෙත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැවිරිදි ඔසලිවන්ගේ ඛේදජනක මරණය තහවුරු කෙරුනු පසුගිය ඉරිදා සිට තුරඟ තරග ලෝකය දැඩි ශෝකයට පත්ව සිටිනවා.
  • අයර්ලන්තයේ තර්ලස් (Thurles) තුරඟ තරග පිටියේදී පෙබරවාරි 6 වැනිදා අශ්වයාගේ පිටෙන් වැටීමෙන් පසුව ඔසලිවන් යළි ප්‍රකෘති තත්ත්වයට පත්වූයේ නැහැ.
  • ‘වී චාලි’ (Wee Charlie) නමැති අශ්වයා පිට නැග තරග කළ සැතපුම් 2 බාධක තරගයේ අවසන් කඩුල්ලේදී ඔලිවන් බිම ඇද වැටී දරුණු තුවාල ලැබූ අතර වහාම ඔහුව ගුවනින් කෝක් සරසවි රෝහලට රැගෙන ගියා.
  • දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔසලිවන් තුරඟ තරග ලෝකය කම්පාවට පත් කරමින් මිය ගියේ ඔහුගේ 25 වැනි උපන්දිනයට දින පහක් ඉතිරිව තිබියදී.
අකුරු ප්‍රමාණය (Font Size):

24 හැවිරිදි ඔසලිවන්ගේ ඛේදජනක මරණය තහවුරු කෙරුනු පසුගිය ඉරිදා සිට තුරඟ තරග ලෝකය දැඩි ශෝකයට පත්ව සිටිනවා.

අයර්ලන්තයේ තර්ලස් (Thurles) තුරඟ තරග පිටියේදී පෙබරවාරි 6 වැනිදා අශ්වයාගේ පිටෙන් වැටීමෙන් පසුව ඔසලිවන් යළි ප්‍රකෘති තත්ත්වයට පත්වූයේ නැහැ. ඔහු මිය ගියේ අනතුර සිදුව දින දහයකට පසුව.

 

Marking: XX /EE: 19/02/2025: Michael O'Sullivan’s funeral procession led by friends and family and one of his beloved horses outside St. John the Baptist Church,In Lombardstown, Co Cork. Picture Chani Anderson

‘වී චාලි’ (Wee Charlie) නමැති අශ්වයා පිට නැග තරග කළ සැතපුම් 2 බාධක තරගයේ අවසන් කඩුල්ලේදී ඔලිවන් බිම ඇද වැටී දරුණු තුවාල ලැබූ අතර වහාම ඔහුව ගුවනින් කෝක් සරසවි රෝහලට රැගෙන ගියා. ඔහු සමග තවත් ජොකියන් සිවු දෙනෙකු ද ගැටුණු අතර ඔවුන්ට හා අශ්වයන්ට තුවාල සිදුවුනේ නැහැ.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔසලිවන් තුරඟ තරග ලෝකය කම්පාවට පත් කරමින් මිය ගියේ ඔහුගේ 25 වැනි උපන්දිනයට දින පහක් ඉතිරිව තිබියදී.

 

loi

පසුගිය දින හතරේදී අයර්ලන්තයේ අශ්ව රේස් පැවැත්වුනේ නැහැ. අයර්ලන්තයේ කෝක් (Cork) නුවර සාන්ත ජෝන් බැප්ටිස්ට් දේවස්ථානයේ ඊයේ පැවති අවමංගල දේව මෙහෙය පුරාවෘත්ත අශ්ව පුහුණුකරු විලී මලින්ස්  (Willie Mullins) ඇතුළු ශෝකවන්නන්ගෙන් පිරී තිබූ අතර ඔවුන් අවසන් ගමන් යන ගෞරවනීය අසරුවෙක්, පුතෙක්, පෙම්වතෙක් හා සොහොයුරෙක් පිළිබඳ මතකය අවදි කර ගත්තේ මහත් වේදනාවෙන්.

ඔසලිවන් මෙලොව තනිකර යන ඔහුගේ පෙම්වතිය වන ශාලට් (Charlotte), ඇගේ පෙම්වතාගේ ගුණ සිහිකරමින් කතා කළේ කඳුළු සලමින්.

 

skysports michael osullivan 6833788
ඔසලිවන්ගේ දේහය රැගත් මිනීපෙට්ටිය දේවස්ථානය දොරකඩදී පිළිගනු ලැබුවේ ඔහු තරග කළ ජොකියන් දුසිමකගේ ගෞරව ආචාර මැද. අවමඟුල් රිය පැමිණියේ අශ්වයෙක් පෙරටු කරගෙන.

නැගී එන ජොකියෙකුව සිටි මයිකල් ඔසලිවන් පසුගිය තුරඟ තරග වාර පහේදී තරග 1,037කින් ජයග්‍රහණ 87ක් වාර්තා කළේ පවුම් මිලියන 1.5කට ආසන්න ත්‍යාග මුදලක් ලබා ගනිමින්. ඔහු 2023 චෙල්ටනම් තුරඟ තරගාවලියේ එකම දිනයකදී තරග දෙකක් ජය ගැනීමට සමත් වුණා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...