The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ස්පාඤ්ඤ ක්‍රීඩිකාවගේ තොල් සිපගැනීමේ සිද්ධියට හිටපු පාපන්දු ලොක්කා වැරදිකරු වෙයි

T

The Leader Desk

February 21, 2025 • 10:46 AM

ස්පාඤ්ඤ ක්‍රීඩිකාවගේ තොල් සිපගැනීමේ සිද්ධියට හිටපු පාපන්දු ලොක්කා වැරදිකරු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම හාදුව දුන්නේ හමර්සෝගේ කැමැත්තෙන් බවට සැමවිටම කියා සිටි රීබියල්ස් ට, යුරෝ 10,800ක (පවුම් 8,942) දඩ මුදලක් නියම කෙරුණා.
  • මේ මුදල දිනකට යුරෝ 20 බැගින් මාස 18ක කාලයක් පුරා ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය රීබියල්ස් ට නියෝග කළා.
  • මීට අමතරව වසරක කාලයක් ගතවන තුරු ඇයගෙන් මීටර් 200ක දුරකින් ඈත්ව සිටින ලෙසට රීබියල්ස් ට නියෝග කළ උසාවිය ඇය සමග සන්නිවේදනයේ යෙදීම ද ඔහුට තහනම් කළා.
  • තමාට පැනවූ දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව රීබියල්ස් කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

2023 අගෝස්තු මාසයේ ස්පාඤ්ඤය කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව පැවති පදක්කම් ප්‍රදානෝත්සවයේදී ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයා විසින් ස්පාඤ්ඤ ඉදිරිපෙල ක්‍රීඩිකා ජෙනි හමර්සෝ (Jenni Hermoso) ඇගේ කැමැත්තක් නැතිව සිපගත් බවට ස්පාඤ්ඤයේ ඉහළ උසාවිය බ්‍රහස්පතින්දා (ඊයේ) තීන්දු කළා.

එම හාදුව දුන්නේ හමර්සෝගේ කැමැත්තෙන් බවට සැමවිටම කියා සිටි රීබියල්ස් ට, යුරෝ 10,800ක (පවුම් 8,942) දඩ මුදලක් නියම කෙරුණා. මේ මුදල දිනකට යුරෝ 20 බැගින් මාස 18ක කාලයක් පුරා ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය රීබියල්ස් ට නියෝග කළා. මීට අමතරව වසරක කාලයක් ගතවන තුරු ඇයගෙන් මීටර් 200ක දුරකින් ඈත්ව සිටින ලෙසට රීබියල්ස් ට නියෝග කළ උසාවිය ඇය සමග සන්නිවේදනයේ යෙදීම ද ඔහුට තහනම් කළා.

ක්‍රීඩිකාවක් බලෙන් සිපගත් ස්පාඤ්ඤ හිටපු පාපන්දු ලොක්කාට එංගලන්තයෙනුත් චෝදනා
තමාට පැනවූ දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව රීබියල්ස් කියනවා.

එම සිපගැනීම කැමැත්තෙන් සිදුවූවක් බවට ප්‍රසිද්ධියේ කියන ලෙසට හමර්සෝ ට බල කළේ යැයි කියන චෝදනාවෙන් රීබියල්ස් නිදහස් කෙරුණා.

හාදුව වෙනුවෙන් වසරක් හා බල කිරීම වෙනුවෙන් මාස 18ක් වශයෙන් රීබියල්ස් ට වසර දෙක හමාරක සිරදඬුවමක් පැමිණිල්ල මුලින් ඉල්ලා සිටියද ඔහු සිරගෙට යැවීමක් සිදුවන්නේ නැහැ. මීට අමතරව, අලාභහානී වෙනුවෙන් යුරෝ 50,000ක (පවුම් 41,400) ගෙවීමක් සහ ක්‍රීඩා නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම රීබියල්ස් ට තහනම් කිරීමක් ද හමර්සෝ හා ස්පාඤ්ඤයේ ක්‍රීඩිකාවන්ගේ සංගමය ඉල්ලා තිබුණා.

Samuel Luiz 46.pngJorge Vilda, Albert Luque, Ruben Rivera

 

ස්පාඤ්ඤ කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකරු හෝහේ විල්ඩා (Jorge Vilda), ස්පාඤ්ඤයේ පිරිමි පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ අල්බර් ලූක (Albert Luque) සහ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ හිටපු වෙළඳ ප්‍රධානී රූබන් රීවේරා (Ruben Rivera) යන අයටද නඩු පවරා තිබුණා. එම සිපගැනීම කැමැත්තෙන් සිදුවූ බවට කියන ලෙසට හමර්සෝව බලයෙන් නම්මා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව ඔවුන්ට එල්ල වී තිබුන ද ඔවුන් එම චෝදනාවලින් නිදහස් වුණා.


රීබියල්ස් තමා සමීපයට පැමිණීම ගැන තමා කිසිවිටකත් කැමැත්තක් දැක්වූයේ නැති බවට පෙබරවාරි 3 වැනිදා ඇරඹුනු නඩු විභාගයේදී හමර්සෝ තර්ක කළා. “මට කිසිම දෙයක් ඇහුනේත් නැහැ, තේරුණේත් නැහැ. ඊළඟට ඔහු කළේ මාව කන්වලින් බලයෙන් අල්ලා ගෙන මගේ මුව සිපගැනීම” යනුවෙන් ඇය කියා සිටියා.

ඒ මොහොත “මගේ ජීවිතයේ සතුටුම දවස්වලින් එකක් කිළිටි කළා” යනුවෙන් හමර්සෝ පැවසුවා.

skysports luis rubiales world cup 6261259

ස්පාඤ්ඤ පාපන්දු සභාපති තනතුරෙන් ඉවත් වීමට බල කෙරුනු හා ජගත් පාපන්දු සම්මේලනයේ තහනමට ලක්වූ රීබියල්ස් කිසිම වැරදි ක්‍රියාවක් සිදු කිරීම ප්‍රතික්ෂේප කරමින්, එම හාදුව කැමැත්තෙන් සිදුවූවක් බව හා තමා ‘ව්‍යාජ ස්ත්‍රී සමානත්වවාදීන්’ගේ ‘මායාකාරි දඩයමක’ ගොදුරක් බව ප්‍රකාශ කළා.

හමර්සෝ හාදුවට කැමැත්ත දුන් බව තමාට හොඳටම සහතික බව රීබියල්ස් කීවා.

“මම ඇගෙන් ඇහුවා: ‘මට ඔයාට පුංචි කිස් එකක් දෙන්න පුළුවන්ද?’ කියලා. ඇය කීවා: ‘හොඳයි’ කියලා. ඒක තමයි සිද්ධ වුනේ” යනුවෙන් රීබියල්ස් උසාවියට පැවසුවා.

හාද්ද කැමැත්තෙන් දුන් බවට තරයේ කියා සිටින අතර ම තමා තමාගේ විනිශ්චයේ වැරැද්දක් කර තිබෙන බව ද ඔහු පිළිගත්තා.

 

2025 02 11t122832z 1739371872 up1el2b0ynjf3 rtrmadp 3 soccer spain kiss trial“මම එදා කළේ වැරැද්දක් බව මට දැන් පැහැදිලියි” ඔහු කීවා. “එය ඉබේ සිදුවූවක්. මම ක්‍රියා කළේ ක්‍රීඩා පුද්ගලයෙක් විදියට. හරියට මම ඒ කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් ලෙසට. මම මීට වඩා දරුණු හා ආයතනික වේශයක් තෝරාගත යුතුව තිබුණා.”

“මම එදා කළේ වැරැද්දක් බව මට දැන් පැහැදිලියි” ඔහු කීවා. “එය ඉබේ සිදුවූවක්. මම ක්‍රියා කළේ ක්‍රීඩා පුද්ගලයෙක් විදියට. හරියට මම ඒ කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් ලෙසට. මම මීට වඩා දරුණු හා ආයතනික වේශයක් තෝරාගත යුතුව තිබුණා.”

එංගලන්තය ට එරෙහි ස්පාඤ්ඤයේ තීරණාත්මක තරගය එදා මිලියන ගණනින් නැරඹූ බැවින් මේ සිපගැනීම ලෝක වේදිකාවේ මනාව ප්‍රදර්ශනය වුණේ ගෝලීයව ව්‍යාප්ත වූ දැඩි කෝපයක් ආරම්භ කරමින්. පදක්කම් ප්‍රදානය කෙරුනු අවස්ථාවේ ස්පාඤ්ඤයේ රැජින ලෙටීශියා (Letizia) හා කුමරිය සොෆියා (Sofia) අසල සිටගෙන සිටි රීබියල්ස් ඔහුගේ කලිසමේ කරුව මිරිකන අයුරු ද දිස්වුණා.

මේ නොමනා හැසිරීම හා තොල් සිපගැනීම නිසා රීබියල්ස්ගේ උපන් නගරය වන මොට්රිල් ඇතුළුව රට පුරා විරෝධතා ගණනාවක් ආරම්භ වූ අතර මෙය තම පුතාට එරෙහිව ගෙන යන ‘අනුකම්පා විරහිත දඩයමක්’ බව කියමින් ඔහුගේ මව ඇන්ජලිස් බෙහා (Angeles Bejar) උපවාසයක නිරත වන බවට නිවේදනය කළා.

wold cup

ස්පාඤ්ඤය කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනා ගත්තේ ඔවුන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට. නමුත් ඉක්බිතිව පැමිණියේ මේ ආන්දෝලනාත්මක හාදුව. මේ හේතුවෙන් ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවන්ගේ ජීවිතවල වඩාත්ම වැදගත් අවස්ථාව ඔවුන්ගෙන් පැහැර ගැණුනා.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...