The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘හැට්-ට්‍රික්’ අහිමි කිරීමේ හිලව්වට ඉන්දියා නායකයාගෙන් පන්දු යවන්නාට රාත්‍රී භෝජන සංග්‍රහයක්

T

The Leader Desk

February 21, 2025 • 11:49 AM

‘හැට්-ට්‍රික්’ අහිමි කිරීමේ හිලව්වට ඉන්දියා නායකයාගෙන් පන්දු යවන්නාට රාත්‍රී භෝජන සංග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාමත් පහසු උඩ පන්දුවක් රැක ගැනීමට අසමත් වීමේ වරදට තමා ඔහුට රාත්‍රී භෝජනයකින් සංග්‍රහ කරන බව ඉන්දියා නායක රෝහිත් ෂර්මා කියා තිබෙනවා.
  • බංග්ලාදේශ ඉනිමේ 9 වැනි ඕවරයේදී අක්සාර් පටෙල් පිට පිට පන්දුවලින් ටන්සිඩ් හසන් හා මුෂ්ෆිකුර් රහිම් දවාලුවේ බංග්ලාදේශ කණ්ඩායම ඉතා දුෂ්කර තත්ත්වයට පත්කරමින්.
  • චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ඉන්දියානුවා බවට පත්වීමට අක්සාර් ට තිබූ අවස්ථාව ඒ සමග නැතිව ගියා.
  • ෂර්මාගේ අතින් ගිලිහුනු එම උඩ පන්දුව ඉන්දියාව ට බොහෝ සේ රිදවමින් ජේකර් අලි ලකුණු 68ක් දක්වා පිතිකරණයේ නියැලෙමින් ටෝහිඩ් රිඩෝයි සමග ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් බංග්ලාදේශයේ වැඩිම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (ODI) සබඳතාව වන ලකුණු 154ක් වාර්තා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතාමත් පහසු උඩ පන්දුවක් රැක ගැනීමට අසමත් වීමේ වරදට තමා ඔහුට රාත්‍රී භෝජනයකින් සංග්‍රහ කරන බව ඉන්දියා නායක රෝහිත් ෂර්මා කියා තිබෙනවා.

බංග්ලාදේශ ඉනිමේ 9 වැනි ඕවරයේදී අක්සාර් පටෙල් පිට පිට පන්දුවලින් ටන්සිඩ් හසන් හා මුෂ්ෆිකුර් රහිම් දවාලුවේ බංග්ලාදේශ කණ්ඩායම ඉතා දුෂ්කර තත්ත්වයට පත්කරමින්. ‌පටෙල්ගෙන් පිට පිට තවත් කඩුල්ලක ඉව වැටුනු නායක ෂර්මා, ඔහුට සහාය වීම  පිණිස ස්ලිප් ක්‍රීඩකයන් දෙදෙනෙක් හා ලෙග් ස්ලිප් ක්‍රීඩකයෙක් ස්ථානගත කළා. වමතින් දඟ පන්දු යවන්නාගේ එම ඕවරයේ හොඳම පන්දුව ජේකර් අලිගේ පිත්තේ අග ස්පර්ශ වී පළමු ස්ලිප් ස්ථානයට පැමිණිය ද එම පහසු උඩ පන්දුව අල්ලා ගැනීමට ෂර්මා අපොහොසත් වුණා.

 

ROHIT 13 1740046692546

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ඉන්දියානුවා බවට පත්වීමට අක්සාර් ට තිබූ අවස්ථාව ඒ සමග නැතිව ගියා. ෂර්මාගේ අතින් ගිලිහුනු එම උඩ පන්දුව ඉන්දියාව ට බොහෝ සේ රිදවමින් ජේකර් අලි ලකුණු 68ක් දක්වා පිතිකරණයේ නියැලෙමින් ටෝහිඩ් රිඩෝයි සමග ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් බංග්ලාදේශයේ වැඩිම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (ODI) සබඳතාව වන ලකුණු 154ක් වාර්තා කළා. පවර් ප්ලේ ක්‍රීඩාවේ ෂර්මා පළමු ස්ලිප් ස්ථානයේ සිට උඩ පන්දුව රැකගත්තා නම් බංග්ලාදේශය ලකුණු 35 ට කඩුලු 6 දක්වා අඩු කිරීමට අවස්ථාව තිබුණා. එහෙත් ඒ වෙනුවට ඔවුන් 228ක තරගකාරී මුළු ලකුණු සංඛ්‍යාවක් කරා ගියා.

1200 675 23583628 285 23583628 1740046123707

 

කෙසේ වෙතත්, ෂුබ්මන් ගිල්ගේ 8 වැනි ODI ශතකයට ස්තූතිවන්ත වන්නට ඉන්දියාව කඩුලු හයක් අතැතිව ඉලක්කය හඹා යමින් චැම්පියන්ස් කුසලාන තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තා.

තරගයෙන් පසුව රෝහිත් ෂර්මාගෙන් ඔහු අතින් ගිලිහුනු උඩ පන්දුව ගැන විමසූ විට, තමා විසින් පිටියේ ස්ථානගත කළ උසස් තත්ත්වයේ පන්දු රැකීම සැලකිල්ලට ගත් විට තමා එම උඩ පන්දුව අල්ලා ගත යුතුව තිබූ බව ඔහු කියා සිටියා.

 

“මම සමහර විට අක්සාර්ව හෙට රාත්‍රී කෑමකට එළියට එක්ක යන්න ඉඩ තියෙනවා. එය ඉතාම පහසු කැච් එකක්. මා විසින් ස්ථානගත කළ පන්දු රැකීමත් එක්ක මම ඒ පන්දුව අල්ලා ගත යුතුව තිබුණා. නමුත් මෙවැනි දේවල් සිදුවිය හැකි බව මම දන්නවා. රිඩෝයි හා ජේකර්ගේ ක්‍රීඩාව අපූරුයි. ඔවුන් හොඳ කඩුලු සබඳතාවක් ගොඩනැගුවා.”

ඉන්දියා ඉනිමේදී කේ.එල්.රාහුල් දුන් උඩ පන්දුවක් අත්හරිමින් ජේකර් අලි ප්‍රතිඋපකාර දැක්වූ අවස්ථාවේ, ‘මම ඔයාගෙ කැච් එක අත්හැරියා’ කියමින් ඉන්දියා නායකයා විහිළු කරනු දිස්වුණා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...