The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රීඩිකාව සිපගැනීම: තෙවසරක තහනමේ ඇපෑලෙන් හිටපු ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා පරාදයි

T

The Leader Desk

February 22, 2025 • 9:57 AM

ක්‍රීඩිකාව සිපගැනීම: තෙවසරක තහනමේ ඇපෑලෙන් හිටපු ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා පරාදයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ සියලු ක්‍රියාවන්ගේ තහනමට එරෙහිව හිටපු ස්පාඤ්ඤ පාපන්දු ප්‍රධානී ලුවීස් රීබියල්ස් ඉදිරිපත් කර තිබූ ඇපෑල ගෝලීය ක්‍රීඩාවේ ඉහළම අධිකරණය විසින් ඊයේ ඉවතට විසිකළා.
  • ලෝක පාපන්දු පාලකයන් වන ජගත් පාපන්දු සම්මේලනය (FIFA) 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී රීබියල්ස් ට තෙවසරක තහනමක් පැනවූ අතර අභියාචන කමිටුවක් ද ඔහුගේ ඇපෑල පසුගිය වසරේ ජනවාරියේදී ඉවත දැමුවා.
  • කෙසේ වෙතත්, පදක්කම් ප්‍රදානෝත්සවයේදී ඔහුගේ හැසිරීම මගින් FIFA විනය ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝණය කර ඇති බවට තීරණය කළ CAS මඬුල්ල, රීබියල්ස් ට පනවා තිබෙන තහනම අහෝසි කිරීමට හේතුවක් තමන්ට නොපෙනෙන බව කියා සිටියා.
  • හමර්සෝව ඇගේ කැමැත්ත නැතිව සිපගැනීම නිසා රීබියල්ස් කාන්තා හිංසනයට වරදකරු බවට පෙරේදා තීරණය කළ ස්පාඤ්ඤයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ඩොලර් 10,000කට වැඩි දඩයක් නියම කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ සියලු ක්‍රියාවන්ගේ තහනමට එරෙහිව හිටපු ස්පාඤ්ඤ පාපන්දු ප්‍රධානී ලුවීස් රීබියල්ස් ඉදිරිපත් කර තිබූ ඇපෑල ගෝලීය ක්‍රීඩාවේ ඉහළම අධිකරණය විසින් ඊයේ ඉවතට විසිකළා.

ලෝක පාපන්දු පාලකයන් වන ජගත් පාපන්දු සම්මේලනය (FIFA) 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී රීබියල්ස් ට තෙවසරක තහනමක් පැනවූ අතර අභියාචන කමිටුවක් ද ඔහුගේ ඇපෑල පසුගිය වසරේ ජනවාරියේදී ඉවත දැමුවා. 47 හැවිරිදි රීබියල්ස් ට මේ තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා බේරුම්කාර උසාවිය (CAS) හමුවේ අභියාචනය කිරීමේ විකල්පය තිබුණා.

කෙසේ වෙතත්, පදක්කම් ප්‍රදානෝත්සවයේදී ඔහුගේ හැසිරීම මගින් FIFA විනය ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝණය කර ඇති බවට තීරණය කළ CAS මඬුල්ල, රීබියල්ස් ට පනවා තිබෙන තහනම අහෝසි කිරීමට හේතුවක් තමන්ට නොපෙනෙන බව කියා සිටියා.

skysports luis rubiales world cup 6261259

හමර්සෝව ඇගේ කැමැත්ත නැතිව සිපගැනීම නිසා රීබියල්ස් කාන්තා හිංසනයට වරදකරු බවට පෙරේදා තීරණය කළ ස්පාඤ්ඤයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ඩොලර් 10,000කට වැඩි දඩයක් නියම කළා.

මීට අමතරව, හමර්සෝගෙන් මීටර් 200කින් දුරස්ව සිටින ලෙසට ද එම ශ්‍රේෂ්ඨාධිකරණය ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයාට නියෝග කළා.

 




සබැඳි පුවත :
ස්පාඤ්ඤ ක්‍රීඩිකාවගේ තොල් සිපගැනීමේ සිද්ධියට හිටපු පාපන්දු ලොක්කා වැරදිකරු වෙයි

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...