The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චැම්පියන්ස් කුසලානය: ඔස්ට්‍රේලියා - එංගලන්ත තරගයට පෙර ඉන්දියානු ජාතික ගීය වාදනය වෙයි

T

The Leader Desk

February 23, 2025 • 3:03 PM

චැම්පියන්ස් කුසලානය: ඔස්ට්‍රේලියා - එංගලන්ත තරගයට පෙර ඉන්දියානු ජාතික ගීය වාදනය වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඉන්දියා ජාතික ගීය වැරදි සහගත අයුරින් මොහොතකට වාදනය වීම ඊට හේතුව යි.
  • මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) ඉල්ලා තිබෙනවා.
  • මේ වැරැද්ද පිළිබඳව අසතුටට පත්ව සිටින PCBය ඒ සම්බන්ධයෙන් ICCයට දොස් පවරණ බවට වාර්තා වනවා.
  • මෙය ICC තරගාවලියක් වන බැවින් ජාතික ගී වාදනය කිරීමේ ලැයිස්තුව ලියා බෙදා දෙනු ලබන්නේ ICCය බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඉන්දියා ජාතික ගීය වැරදි සහගත අයුරින් මොහොතකට වාදනය වීම ඊට හේතුව යි. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) ඉල්ලා තිබෙනවා.

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ඊයේ පැවති තරගයට පෙර එංගලන්තයේ ජාතික ගීය සිද්ධියකින් තොරව වාදනය වුණා. කෙසේ වෙතත්, ඉන්පසුව ඔස්ට්‍රේලියා ජාතික ගීය වාදනය කරනවා වෙනුවට ආරම්භ වූයේ ඉන්දියා ජාතික ගීතයේ පටිගත කිරීමක්. වහාම ඒ වාදනය නතර කර වෙනස් කෙරුණා.

මේ වැරැද්ද පිළිබඳව අසතුටට පත්ව සිටින PCBය ඒ සම්බන්ධයෙන් ICCයට දොස් පවරණ බවට වාර්තා වනවා. මෙය ICC තරගාවලියක් වන බැවින් ජාතික ගී වාදනය කිරීමේ ලැයිස්තුව ලියා බෙදා දෙනු ලබන්නේ ICCය බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසනවා.

තරග ආරම්භ වීමට පෙර කණ්ඩායම් දෙකේ ජාතික ගී වාදනය බාරව සිටින්නේ ජගත් ක්‍රිකට් කවුන්සලය යි. ඉන්දියාව ඔවුන්ගේ සියලු තරග ක්‍රීඩා කරන්නේ පාකිස්තානයේ නොව ඩුබායි දේශයේ වන බැවින් ඉන්දියා ජාතික ගීය මේ ලැයිස්තුවට පැමිණියේ කෙසේදැයි PCBය ප්‍රශ්න කරනවා. මෙය තාක්ෂණික දෝෂයක් බවට විශ්වාස කරන ICCය මේ කාරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පවත්වන බව කියා සිටිනවා.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පාකිස්තානයේ නිල සත්කාරක තත්ත්වයට හානිකළ බවට හැ‌ඟෙන සිද්ධීන් පැහැදිලි කරන ලෙසට ICCයෙන් විමසා සිටීමට පසුගිය දින කිහිපය තුළ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට සිදුවූ දෙවැනි අවස්ථාවයි ‌මේ. ඩුබායි හි  පැවති තරගාවලියේ දෙවැනි තරගය වූ ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගයේ නිල විකාශයේ ලාංජනයෙන් පාකිස්තානයේ නම අත්හැර තිබුණා.

පාකිස්තානය හා නවසිලන්තය අතර පැවති තරගාවලියේ ආරම්භක තරගය ඇතුළු මේ දක්වා පැවති අනෙකුත් තරගවල නිල විකාශයේදී පාකිස්තානයේ නම තිරයේ ලාංජනයේ සඳහන්ව තිබුණා.

පාකිස්තානයේ නම ප්‍රදර්ශනය නොවීම හදිසියේ සිදුවූ ක්‍රියා විරහිතවීමක් බව ICCය ප්‍රකාශ කළ ද එම පැහැදිලි කිරීමෙන් PCBය සෑහීමට පත්වුනේ නැහැ. තරග කුමන ස්ථානයේ ක්‍රීඩා කළ ද එවැනි දෙයක් යළි ඇති නොවන බවට ICCය සහතික වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවති තරගය මේ තරගාවලියේ මෙතෙක් වැඩිම සෙනඟක් ආකර්ෂණය කරගත් තරගය වූ අතර එය මේ තරගාවලියේ මෙතෙක් පැවති වඩාත්ම තියුණු තරගය බවට ද පත්වූයේ පන්දු 15ක් ඉතිරිව තිබියදී එංගලන්තය කඩුලු පහකින් පරාජය කිරීම පිණිස ඔස්ට්‍රේලියාව ලකුණු 351ක වාර්තාගත හඹායාමක නිරත වූ බැවින්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...