The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩොනල්ඩ් ට්‍රම්ප් ට විරෝධය පාමින් කැනඩා ජාතික ගීයේ පද වෙනස් කරයි

T

The Leader Desk

February 24, 2025 • 3:02 PM

ඩොනල්ඩ් ට්‍රම්ප් ට විරෝධය පාමින් කැනඩා ජාතික ගීයේ පද වෙනස් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රෙවිඈසක් (Chantal Kreviazuk) කැනඩා ජාතික ගීතයේ පද රචනය වෙනස් කළේ දෙරට අතර දැනටමත් හටගෙන තිබෙන දේශපාලන නොඉවසුම් ගතිය තවත් අවුළවා තබමින්.
  • ක්‍රෙවිඈසක් ගායිකාව මේ වෙනස්කම සිදුකර තිබෙන්නේ කැනඩාව එක්සත් ජනපදයේ 51 වැනි ප්‍රාන්තය බවට හැරවීම පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විරෝධය පළ කිරීම සඳහා බවට වාර්තා වනවා.
  • මට කලාව යනු අපේ සත්‍යයේ ප්‍රකාශනයක්.
  • මේ ඉතාමත් අරුම පුදුම හා වැදගත් මොහොතේ අප එකට එක්ව නැගී සිටිමින් අපේ හඬ උපයෝගී කරගෙන අපව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ යුතු බව මම ඇත්ත වශයෙන්ම විශ්වාස කරනවා.” “බලය අනිසි ලෙස පාවිච්චි කිරීම හමුවේ අපි අපේ දැඩි කෝපය ප්‍රකාශ කළ යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රෙවිඈසක් (Chantal Kreviazuk) කැනඩා ජාතික ගීතයේ පද රචනය වෙනස් කළේ දෙරට අතර දැනටමත් හටගෙන තිබෙන දේශපාලන නොඉවසුම් ගතිය තවත් අවුළවා තබමින්.

තරගයට පෙර ඇගේ රංගනයේදී ක්‍රෙවිඈසක් “O Canada” නමැති කැනඩාවේ ජාතික ගීතයේ “අපි සියලු දෙනා‌ පාලනය කරන” - “in all of us command” යන පද පෙළ “අපි පමණක් පාලනය කරන” - “that only us command” - යනුවෙන් වෙනස් කළා. පසුව ඇය, ඇගේ අතේ ලියා තිබූ වෙනස් කරන ලද පද රචනයේ ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් හි පෝස්ට් කළා.

ක්‍රෙවිඈසක් ගායිකාව මේ වෙනස්කම සිදුකර තිබෙන්නේ කැනඩාව එක්සත් ජනපදයේ 51 වැනි ප්‍රාන්තය බවට හැරවීම පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විරෝධය පළ කිරීම සඳහා බවට වාර්තා වනවා.

රටවල් දෙක අතර තිබෙන ඝට්ටනය පිළිබඳව ව්‍යංගයෙන් කියමින් ක්‍රෙවිඈසක් ඉන්ස්ටග්‍රෑම් හි මෙසේ සටහන් කර තිබෙනවා:

 

“අපේ රට එකතු කළොත් අපිට හොඳයි කියලා ඔබ සිතනවා නම් මම ඒ ගැන දුක්වනවා. මට කලාව යනු අපේ සත්‍යයේ ප්‍රකාශනයක්. මේ ඉතාමත් අරුම පුදුම හා වැදගත් මොහොතේ අප එකට එක්ව නැගී සිටිමින් අපේ හඬ උපයෝගී කරගෙන අපව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ යුතු බව මම ඇත්ත වශයෙන්ම විශ්වාස කරනවා.”

“බලය අනිසි ලෙස පාවිච්චි කිරීම හමුවේ අපි අපේ දැඩි කෝපය ප්‍රකාශ කළ යුතුයි. සංගීතය මගේ හැදී වැඩීමේ එක් කොටසක්. එය පොළඹවනු ලැබුවේ සාමකාමී විරෝධයේ අධිෂ්ඨානයන්ට කැපවුනු නිර්භීත හඬවලින්.”

“යුක්රේනය මෙන් නොව කැනඩාව ස්වෛරී රටක්. එච්චරයි. අනෙක් අයට වඩා විශේෂ වූ සංස්කෘතියක් අපට තියෙනවා. අපේ වටිනාකම්වලින් අපි එක්සත්. අපි, අපි ගැන බලාගන්නවා. අපි කරුණාවන්තයි. අපි ශක්තිමත්.”


සිය ජනාධිපති ධූරය ආරම්භයේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් , කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්වනවා දැකීමට තමාට  තිබෙන ආශාව නැවත නැවත ප්‍රකාශ කර තිබෙනවා. කැනඩා අගමැති ජස්ටින් ට්රූඩෝ ට එරෙහිව දොඩවමින් කැනඩාවේ ආර්ථිකයට විනාශකාරී බලපෑමක් සිදුවිය හැකි විශාල බදු පනවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනය කර තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෑතක පටන් කැනඩාව පුරා පැවැත්වෙන ජාත්‍යන්තර අයිස් හොකී තරගවලදී අමෙරිකානු ජාතික ගීය වාදනය වන විට කැනේඩියානු ක්‍රීඩා ලෝලීන් දිගටම “හූ” කියනවා.

බ්‍රහස්පතින්දා පැවති තරගයේදී කැනඩාව ගෝල් 3-2කින් අමෙරිකාව පරාජය කරමින් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තා. තරගයෙන් පසුව ක්‍රෙවිඈසක් ඇයගේ පිංතූරයක් ඉන්ස්ටග්‍රෑම් හි පෝස්ට් කරමින්, “යුක්තිය ජයගන්නවා!” යනුවෙන් කැප්ෂනයක් ඊට එක්කර තිබුණා.

කැනඩා අගමැතිවරයා ද ජයග්‍රාහී තරගයෙන් පසුව අමෙරිකාව සහ කැනඩාව අතර මෑතක පටන් තිබෙන අමනාපය අවධාරණය කරමින් X සමාජ මාධ්‍යයේ මෙසේ සටහන් කළා.

“උඹලාට අපේ රට අයිතිකර ගන්න බැහැ...උඹලාට අපේ ක්‍රීඩාව උදුර ගන්නත් බැහැ!”


(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...