The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චැම්පියන්ස් කුසලානයට පැමිණි විදේශිකයන් පැහැර ගැනීමේ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් ගැන බුද්ධි අංශ අනතුරු අඟවයි

T

The Leader Desk

February 26, 2025 • 10:29 AM

චැම්පියන්ස් කුසලානයට පැමිණි විදේශිකයන් පැහැර ගැනීමේ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් ගැන බුද්ධි අංශ අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ Tehrik-e Taliban Pakistan (TTP), ISIS හා පාකිස්තානයේ විශාලතම මෙන්ම අඩුම ජනගහණයක් තිබෙන බෙලෝචිස්ටාන් ප්‍රාන්තය මූලස්ථානය කර ගත් රහස්‍ය කණ්ඩායම් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක් සම්බන්ධයෙන් බව වාර්තා වනවා.
  • ‌මේ බුද්ධි අංශ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර වශයෙන්, පාකිස්තානයේ ආරක්ෂක බලධාරීන් විසින් සන්නද්ධ භට කණ්ඩායම් හා දේශීය පොලිසිය ඇතුළු ඉහළ මට්ටමේ ආරක්ෂක කණ්ඩායම් යොදවමින් ක්‍රීඩකයන් හා ඔවුන් සමග සිටින කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.
  • පාකිස්තානයේ ෂැංලා ප්‍රාන්තයේදී චීන ඉංජිනේරුවන්ට 2024 වසරේ එල්ල වූ ප්‍රහාරය හා ලාහෝර් නගරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 වසරේ එල්ල වූ ප්‍රහාරය වැනි විදෙස් ජාතිකයන්ට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් හි වැදගත්කම අඩු කර පෙන්වීමේ ඉතිහාසයක් පාකිස්තානය ට තිබෙනවා.
  • ආරක්ෂක වළල්ල මෙසේ සිදුරු කිරීමට එරෙහිව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය දැඩි පියවර ගෙන තිබෙන්නේ මේ පුද්ගලයාට පාකිස්තානය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයක තරග නැරඹීම නිත්‍ය වශයෙන් තහනම් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ Tehrik-e Taliban Pakistan (TTP), ISIS හා පාකිස්තානයේ විශාලතම මෙන්ම අඩුම ජනගහණයක් තිබෙන බෙලෝචිස්ටාන් ප්‍රාන්තය මූලස්ථානය කර ගත් රහස්‍ය කණ්ඩායම් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක් සම්බන්ධයෙන් බව වාර්තා වනවා.

‌මේ බුද්ධි අංශ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර වශයෙන්, පාකිස්තානයේ ආරක්ෂක බලධාරීන් විසින් සන්නද්ධ භට කණ්ඩායම් හා දේශීය පොලිසිය ඇතුළු ඉහළ මට්ටමේ ආරක්ෂක කණ්ඩායම් යොදවමින් ක්‍රීඩකයන් හා ඔවුන් සමග සිටින කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.

 

gettyimages 2199829832

පාකිස්තානයේ ෂැංලා ප්‍රාන්තයේදී චීන ඉංජිනේරුවන්ට 2024 වසරේ එල්ල වූ ප්‍රහාරය හා ලාහෝර් නගරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 වසරේ එල්ල වූ ප්‍රහාරය වැනි විදෙස් ජාතිකයන්ට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් හි වැදගත්කම අඩු කර පෙන්වීමේ ඉතිහාසයක් පාකිස්තානය ට තිබෙනවා.

ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂක හේතුන් මත පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ චැම්පියන්ස් කුසලාන තරග ක්‍රීඩා කරන්නේ ඩුබායි රාජ්‍යයේ.

පිටියට කඩාවැදුනු පුද්ගලයෙක් අත්අඩංගුවට

 

rachin ravindra pitch invader AP 2025 02 67c7830d0fc8e30eb35a5e84bb34534c 16x9

මේ අතර, බංග්ලාදේශය හා නවසිලන්තය අතර රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරගය පැවැත්වෙන අතරතුර පිටියට කඩාවැදුනු නරඹන්නෙක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබෙන අතර මේ පුද්ගලයා පිටිය තුළදී නවසිලන්තයේ රචින් රවින්ද්‍ර වැළඳ ගැනීමට උත්සාහ කර තිබෙනවා.


ආරක්ෂක වළල්ල මෙසේ සිදුරු කිරීමට එරෙහිව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය දැඩි පියවර ගෙන තිබෙන්නේ මේ පුද්ගලයාට පාකිස්තානය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයක තරග නැරඹීම නිත්‍ය වශයෙන් තහනම් කරමින්.

මේ සිද්ධිය බොහෝ දෙනාගේ දැඩි අවධානයට යොමුව තිබෙන්නේ පාකිස්තානය ඔවුන්ගේ භූමියේ ජගත් ක්‍රිකට් කවුන්සල තරගාවලියක් පවත්වන්නේ වසර 29කට පසුව නිසා. එවන් පසුබිමක, පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන්‌ගේ ඇස් වසා පිටියට ඇතුළු වීමට හැකිවීමේ ආරක්ෂක දෝෂයෙන් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සැලකියු යුතු විවේචන එල්ල වී තිබෙනවා.

 

CRICKET PAK NZL ODI 41 1740450548024 1740450561084

ආරක්ෂාවේ සිදුවූ මේ වරද පිළිබඳව බරපතළ ලෙස අවධානය යොමු කරන පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය, මෙවැනි සිදුවීමක් යළි ඇති වීම වැළැක්වීම පිණිස තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල මුරකාවල් වඩාත් තරකර තිබෙනවා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චැම්පියන්ස් කුසලානයට පැමිණි විදේශිකයන් පැහැර ගැනීමේ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් ගැන බුද්ධි අංශ අනතුරු අඟවයි | The Leader