The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ඉන්දියාව එකම ක්‍රීඩාංගණයක පමණක් ක්‍රීඩා කිරීමෙන් චැම්පියන්ස් කුසලානය විහිළුවක් බවට පත්වෙලා' - ක්‍රිකට් විශාරදයින්

T

The Leader Desk

February 28, 2025 • 3:06 PM

'ඉන්දියාව එකම ක්‍රීඩාංගණයක පමණක් ක්‍රීඩා කිරීමෙන් චැම්පියන්ස් කුසලානය විහිළුවක් බවට පත්වෙලා' - ක්‍රිකට් විශාරදයින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පියාසර කිරීමට සිදුව තිබියදී ඉන්දියාව පමණක් ඔවුන්ගේ සියලු තරග ඩුබායි හි ක්‍රීඩා කිරීමෙන් ලැබෙන ප්‍රතික්ෂේප කළ නොහැකි වාසිය පිළිබඳව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රිකට් විශාරදයින් තදින් විවේචනය කරනවා.
  • මේ අනුව, ඉන්දියාව මේ තරගාවලියේ අවසාන මහා තරගයට පිවිසියහොත් එම තරගය මාර්තු 9 වැනිදා පැවැත්වෙන්නේ ද ඩුබායි රටේ මිස චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සත්කාරක රට වන පාකිස්තානයේ නෙවෙයි.
  • “මේ මොහොතේ ඉන්දියාව ට සලකන ආකාරය ගැන මට දැනෙන්නේ මහත් අපහසුවක්’ යනුවෙන් හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක හා ජනප්‍රිය තරග විස්තර නිවේදක ජොනතන් ඇග්නිව් ප්‍රකාශ කරනවා.
  • මෙය මේ තරගාවලිය විහිළුවක් බවට පත් කරනවා” යනුවෙන් ඇග්නිව් පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පියාසර කිරීමට සිදුව තිබියදී ඉන්දියාව පමණක් ඔවුන්ගේ සියලු තරග ඩුබායි හි ක්‍රීඩා කිරීමෙන් ලැබෙන ප්‍රතික්ෂේප කළ නොහැකි වාසිය පිළිබඳව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රිකට් විශාරදයින් තදින් විවේචනය කරනවා.

ආරක්ෂක හේතුන් මත පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඔවුන්ගේ තරග සියල්ලම ක්‍රීඩා කරන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ.

මේ අනුව, ඉන්දියාව මේ තරගාවලියේ අවසාන මහා තරගයට පිවිසියහොත් එම තරගය මාර්තු 9 වැනිදා පැවැත්වෙන්නේ ද ඩුබායි රටේ මිස චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සත්කාරක රට වන පාකිස්තානයේ නෙවෙයි. ඉන්දියා කණ්ඩායම දැනටමත් තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිස සිටිනවා.

zxdfgt4
ප්‍රබල ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජේ ෂා පසුගිය දෙසැම්බර් මාසයේදී ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) සභාපති ධූරයට පත්වූ අතර ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම විශාල වශයෙන් පාලනය කරන්නේ ඉන්දියාව.  ICCයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ ද ඩුබායි රාජ්‍යයේ.

 

Jonathan Agnew“මේ මොහොතේ ඉන්දියාව ට සලකන ආකාරය ගැන මට දැනෙන්නේ මහත් අපහසුවක්’ යනුවෙන් හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක හා ජනප්‍රිය තරග විස්තර නිවේදක ජොනතන් ඇග්නිව් ප්‍රකාශ කරනවා.

“මේක හරිම වැරදියි. ඔබ ජාත්‍යන්තර තරගාවලියක් ක්‍රීඩා කරන්න යනවා නම්, ඔබ ක්‍රීඩා කරන්නේ කොහේද... ඔබ ක්‍රීඩා කරන්නේ නැත්තේ කොහේද කියා තෝරා ගන්න බැහැ.”

“මේක තව කොච්චර කාලයක් කරගෙන යන්න පුළුවන්ද කියලා මට පේන්නේ නැහැ. මෙය මේ තරගාවලිය විහිළුවක් බවට පත් කරනවා” යනුවෙන් ඇග්නිව් පවසනවා.


ඩුබායි ක්‍රීඩාංගණය සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර්, රාවල්පින්ඩි ක්‍රීඩාංගණයන්හි තණතීරුවල ක්‍රීඩා කිරී‌මේ තත්ත්වයන් අතර ප්‍රබල වෙනස්කම් තිබෙනවා.

lkstf
ඉන්දියාවේ පළමු ජයග්‍රහණ දෙකේදී ඩුබායි හි පිනි වැටීමක් නොතිබූ අතර මන්දගාමී තණතීරුවක පාකිස්තානයේ ලකුණු 242 ඉන්දියාව හඹා ගියේ ලකුණු 244ක ඉහළම මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින්.

මේ තරගාවලියේ පාකිස්තානයේ පැවති තරගවල වාර්තා වූ මුළු ලකුණු ප්‍රමාණයන් ඊට වඩා බොහෝ වැඩිවී තිබුනේ පින්න ද කාර්යභාරයක් ඉටු කරමින් සිටි නිසා. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ ජොෂ් ඉන්ග්ලිස් ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී එංගලන්තයේ 352 මුළු ලකුණු සංඛ්‍යාව වාර්තාගත අයුරින් හඹා යාමේදී නොදැවී ලකුණු 120ක් රැස් කිරීමට සමත් වුණා.

 

Michael Atherton“ඩුබායිවල පමණක් ක්‍රීඩා කිරීමෙන් ඉන්දියාව ට ලැබෙන වාසිය සංඛ්‍යාත්මක ලෙස ප්‍රකාශ කිරීම අපහසු වුනත් එය නැතැයි කිව නොහැකි තරමේ වාසියක්” යනුවෙන් හිටපු එංගලන්ත නායක මයිකල් ඇතර්ටන් සඳහන් කරනවා.

“ඔවුන් ක්‍රීඩා කරන්නේ එකම ක්‍රීඩාංගණයක පමණයි. ඒ නිසා, සෑම තේරීමක් ම ඩුබායිවල තත්ත්වයන් මත කේන්ද්‍ර කරගන්න පුළුවනි.”


ආබාධයට ලක්වීම හේතුවෙන් පැට් කමින්ස් ට මේ තරගාවලියේදී ඔස්ට්‍රේලියාව ට නායකත්වය දීමට නොහැකි වූවත් ඔහු ද මේ විවාදයට එක්වෙමින්, එකම පිටියක ක්‍රීඩා කිරීමෙන් ඉන්දියාව ට විශාල වාසියක් අත්වන බව කියා සිටියා.

හිටපු පාකිස්තාන කඩුලු රකින්නකු වන කම්රාන් අක්මාල් ද මීට එකඟ වෙමින් මෙසේ කියනවා: “ඔවුන් පාකිස්තානය ට එන්නේ නැත්නම්, ඉන්දියාව අවම වශයෙන් ඔවුන්ගේ තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ තුනක ක්‍රීඩා කරන්න තිබුණා.”

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...