The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘දික්කසාද ක්‍රිකට් කණ්ඩායම’ට අක්‍රම්ගේ නම ඇතුළත් කිරීම නිසා බිරිඳ කෝපයෙන්

T

The Leader Desk

March 1, 2025 • 1:25 PM

 ‘දික්කසාද ක්‍රිකට් කණ්ඩායම’ට අක්‍රම්ගේ නම ඇතුළත් කිරීම නිසා බිරිඳ කෝපයෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිත්‍යනුකූලව තමන්ගේ බිරින්දෑවරුන්ගෙන් වෙන්වූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් ‘දික්කසාද කණ්ඩායම’ (Divorced XI) යනුවෙන් නම් කෙරුනු පෝස්ටුවක් X (කළින් Twitter) පිටුවක බෙදා ගෙන තිබෙනවා.
  • ඉන්දියාවේ කීර්තිමත් ක්‍රීඩකයින් වන රවි ශාස්ත්‍රි, ජවගල් ශ්‍රීනාත්, ඩිනේෂ් කර්තික්, ෂිඛර් ධවාන් වැන්නවුන් මේ දික්කසාද වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කර තිබෙන අතර දඟ පන්දු යවන යුස්වේන්ද්‍ර චහාල් ‘impact player’ (IPL තරගවල ආදේශ ක්‍රීඩක) ලෙස නම් කර තිබෙනවා.
  • මේ හිටපු ක්‍රීඩකයන්ට අමතරව, පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසිම් අක්රම්ගේ නම ද ලැයිස්තුවට ඇතුළත් කර තිබීම නිසා ඔහුගේ බිරිඳ වන ෂැනීරා අක්රම් තුළ හටගෙන තිබෙන්නේ දැඩි කෝපයක්.
  • හරිහැටි තොරතුරු නොදැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව කියමින් ඇය එම පිටුව තදින් විවේචනය කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නිත්‍යනුකූලව තමන්ගේ බිරින්දෑවරුන්ගෙන් වෙන්වූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් ‘දික්කසාද කණ්ඩායම’ (Divorced XI) යනුවෙන් නම් කෙරුනු පෝස්ටුවක් X (කළින් Twitter) පිටුවක බෙදා ගෙන තිබෙනවා. ඉන්දියාවේ කීර්තිමත් ක්‍රීඩකයින් වන රවි ශාස්ත්‍රි, ජවගල් ශ්‍රීනාත්, ඩිනේෂ් කර්තික්, ෂිඛර් ධවාන් වැන්නවුන් මේ දික්කසාද වූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කර තිබෙන අතර දඟ පන්දු යවන යුස්වේන්ද්‍ර චහාල් ‘impact player’ (IPL තරගවල ආදේශ ක්‍රීඩක) ලෙස නම් කර තිබෙනවා.

මේ හිටපු ක්‍රීඩකයන්ට අමතරව, පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසිම් අක්රම්ගේ නම ද ලැයිස්තුවට ඇතුළත් කර තිබීම නිසා ඔහුගේ බිරිඳ වන ෂැනීරා අක්රම් තුළ හටගෙන තිබෙන්නේ දැඩි කෝපයක්.

හරිහැටි තොරතුරු නොදැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව කියමින් ඇය එම පිටුව තදින් විවේචනය කර තිබෙනවා.

වසිම් අක්රම් ප්‍රථමයෙන් විවාහ වූයේ හුමා මෆ්ටී (Huma Mufti) සමග 1995 වසරේ. එම යුවලගේ වසර 14ක විවාහ දිවියෙන් ඔවුන්ට පුතුන් දෙදෙනෙක් සිටියා. අවාසනාවකට, ශරීරයේ අවයව බොහොමයක් දුර්වල වීම හේතුවෙන් මෆ්ටී ඉන්දියාවේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේදී 2009 වසරේ මිය ගියා.

පසුව 2013 වසරේදී, අක්රම් මෙල්බර්න් නගරයේදී ඔහුට මුණගැසුනු ඔස්ට්‍රේලියාවේ උපන් ෂැනීරා තොම්සන් (Shaniera Thompson) විවාහ කර ගත්තා. මේ ජෝඩුවට 2014 වසරේ දෙසැම්බරයේදී දියණියක ලැබුණු අතර යුවල සතුටින් කල් ගෙවනවා.

සමාජ මාධ්‍ය පෝස්ටුවේ සඳහන් ‘දික්කසාද ක්‍රිකට් කණ්ඩායම’: ෂිකර් ධවාන්, මොහමඩ් අසරුදීන්, විනෝද් කම්බ්ලි, රවි ශාස්ත්‍රි, හාඩික් පාන්ඩ්‍යා, ඩිනේෂ් කර්තික්, වසිම් අක්රම්, අනිල් කුම්බ්ලේ, ෂේන් වෝන්, ජවගල් ශ්‍රීනාත්, මොහමඩ් ෂාමි, යුස්වේන්ද්‍ර චහාල්.

warnan Gunasekara
 (සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
 gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘දික්කසාද ක්‍රිකට් කණ්ඩායම’ට අක්‍රම්ගේ නම ඇතුළත් කිරීම නිසා බිරිඳ කෝපයෙන් | The Leader