The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක බොක්සිං කිරුළ රැගෙන ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිපතිවරයාව ට්‍රම්ප් පලවා හරියි

T

The Leader Desk

March 1, 2025 • 3:04 PM

ලෝක බොක්සිං කිරුළ රැගෙන ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිපතිවරයාව ට්‍රම්ප් පලවා හරියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ පැවති තීරණාත්මක හමුව සඳහා යුක්රේන ජනාධිපතිවරයා ඕවල් කාර්යාලයට ඇතුළු වූයේ ඔලෙක්සැන්ඩ ඌසික් (Oleksandr Usyk) දිනා ගත් ලෝක හෙවිවේට් බොක්සිං ශූරතා පටිය ද සමග.
  • මේ හමුවට පෙර ධවල මන්දිරයට ඇතුල්වන ස්ථානයේදී සිලෙන්ස්කි, ට්‍රම්ප් හමුවීමෙන් පසුව දෙදෙනා අතට අත දුන්නා.
  • ඉක්බිති, මන්දිරයට ඇතුළට පිවිසීමෙන් පසුව සිලෙන්ස්කිගේ පරිවාර පිරිස පසුගිය වසරේ ටයිසන් ෆියුරී පරදවා ඌසික් දිනා ගත් ලෝක බොක්සිං කවුන්සලයේ අවිවාදිත හෙවිවේට් පටිය උසුලා ගෙන යන අයුරු දිස්වුණා.
  • යුක්රේනයේ වීරයා වන ඔලෙක්සැනඩ් ඌසික් ට ජයග්‍රහණ 23ක සාඩම්බර අපරාජිත වාර්තාවක් තිබෙන අතර එම ජයග්‍රහණවලින් 14ක් ම ඔහු අත්කර ගත්තේ ප්‍රතිවාදියා බිම හෙළමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ද රැගෙන.

ඊයේ පැවති තීරණාත්මක හමුව සඳහා යුක්රේන ජනාධිපතිවරයා ඕවල් කාර්යාලයට ඇතුළු වූයේ ඔලෙක්සැන්ඩ ඌසික් (Oleksandr Usyk) දිනා ගත් ලෝක හෙවිවේට් බොක්සිං ශූරතා පටිය ද සමග.

මේ හමුවට පෙර ධවල මන්දිරයට ඇතුල්වන ස්ථානයේදී සිලෙන්ස්කි, ට්‍රම්ප් හමුවීමෙන් පසුව දෙදෙනා අතට අත දුන්නා. ඉක්බිති, මන්දිරයට ඇතුළට පිවිසීමෙන් පසුව සිලෙන්ස්කිගේ පරිවාර පිරිස පසුගිය වසරේ ටයිසන් ෆියුරී පරදවා ඌසික් දිනා ගත් ලෝක බොක්සිං කවුන්සලයේ අවිවාදිත හෙවිවේට් පටිය උසුලා ගෙන යන අයුරු දිස්වුණා.

xcfg56

යුක්රේනයේ වීරයා වන ඔලෙක්සැනඩ් ඌසික් ට ජයග්‍රහණ 23ක සාඩම්බර අපරාජිත වාර්තාවක් තිබෙන අතර එම ජයග්‍රහණවලින් 14ක් ම ඔහු අත්කර ගත්තේ ප්‍රතිවාදියා බිම හෙළමින්. මීට තෙවසරකට පෙර, රුසියාවේ මහා පරිමාණ යුක්රේන ආක්‍රමණය ආරම්භයේදී ඌසික් ද යුද පෙරමුණට ගොස් සොල්දාදුවන් සමග එක්ව සටන් කළා.

xfdrye56
ධවල මන්දිරයේදී අමෙරිකා සහ යුක්රේන නායකයින් දෙදෙනා මාධ්‍යවේදීන් ඉදිරියේ කතා කරද්දී ඌසික්ගේ ලෝක හෙවිවෙට් බොක්සං ශූරතා පටිය මේසයක් මත තිබෙන අයුරු දැකීමෙන් බොක්සිං ලෝලීන් අන්දමන්ද වුණා.

“ඒක ආකෘතියක් පමණයි කියා මම අපේක්ෂා කරනවා” යනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙක් විස්මයෙන් X සමාජ මාධ්‍යයේ සටහන් කළ අතර තවෙකෙක්, “ඒක එතන තියෙන්නේ ඇයි?” කියා ප්‍රශ්න කර තිබුණා.

ට්‍රම්ප් හා සිලෙන්ස්කි අතර සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව තවත් කෙනෙක් මෙසේ පවසා තිබුණා: “සාකච්ඡාවෙන් පස්සේ එයා ඒක ආපහු අරං යන්න ඇති කියලා මම ප්‍රාර්ථනා කරනවා?”

සාකච්ඡාව ඉතාමත් සැරෙන් අවසන් වීමෙන් පසුව ට්‍රම්ප් විසින් සිලෙන්ස්කි ධවල මන්දිරයෙන් පලවා හරිනු ලැබුවේ ඔහු ගරුසරු නැති පුද්ගලයෙකු බවට හංවඩු ගසමින්. එම ප්‍රකාශයෙන් පසුව සිලෙන්ස්කි කියා සිටියේ ට්‍රම්ප් සමග ගැටුමක් ඇතිකර ගැනීම හොඳ දෙයක් නොවූ බව යි.

සිලෙන්ස්කි, ට්‍රම්ප් සහ අමෙරිකානු උප ජනාධිපති ජෙඩී ඩෑන්ස් අතර අනපේක්ෂිත තුන්කොන් කෑගැසුමක් ඇතිවීමෙන් පසුව සාකච්ඡා බිඳ වැටුනා. රුසියාව හා යුක්රේනය අතර වහාම සටන් විරාමයක් ඇතිකර ගන්නා ලෙසට ට්‍රම්ප් මෙහිදී තරයේ කියා සිටියා. එහෙත් පුටින් ට එරෙහි සටනේදී ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැතිව සාමයක් ඇති නොවනු ඇතැයි සිලෙන්ස්කි ප්‍රකාශ කළා.

xsrt456
දරුණු සාකච්ඡාවෙන් පසුව යුක්රේන ජනාධිපතිවරයා ට්‍රම්ප් ට, කොන්ග්‍රසය ට සහ අමෙරිකානු ජනතාවට ඔවුන් ලබා දෙන සහයෝගයට ස්තූතිය පළ කරමින් තමා සාමයට සූදානම් බව පැවසුවා.

සාකච්ඡාව උණුසුම් මුහුණුවරකින් අවසන් වූව ද, ජනාධිපති ට්‍රම්ප් සමග තිබෙන තමාගේ සම්බන්ධතාව යළි ගොඩනගා ගැනීමට හැකි බවත් ට්‍රම්ප් මීට වඩා යුක්රේනය පැත්තේ සිටීම තමාට අවශ්‍ය බවත් සිලෙන්ස්කි කියා සිටියා. ඔහු එසේ කීවේ මැද මාවතේ සිටීම තමාගේ උවමනාව බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්.

අමෙරිකාව විසින් ලබා දී තිබෙන හමුදා සහයෝගයට ස්තූතිවන්ත නොවූ බව කියමින් සිලෙන්ස්කි ට බැණ වැදුනු ට්‍රම්ප්, යුක්රේන ජනාධිපතිවරයා සාමයට සූදානම් නැති බවට චෝදනා කළා.

අමෙරිකානු ජනාධිපතිවරයා සිලෙන්ස්කි ට මෙසේ කෑගැසුවා: “ඔබ සෙල්ලම් කරන්නේ මිලියන ගණන් ජනතාවගේ ජීවිත සමග. ඔබ කටයුතු කරන්නේ තුන්වන ලෝක යුද්ධයක් ඇතිවන ආකාරයට.”

අමෙරිකානු ජනතාව ආදරයෙන් රැකබලා ගන්නා ඕවල් කාර්යාලය තුළ සිලෙන්ස්කි අමෙරිකාව ට අගෞරව කළ බව ට්‍රම්ප් කියා සි‌ටියා.

යුක්රේන ජනාධිපතිවරයා සිටින්නේ ගනුදෙනු කළ හැකි තත්ත්වයක නොවන බව ද ට්‍රම්ප් පෙන්වා දුන්නා.

සිලෙන්ස්කි ට ධවල මන්දිරයෙන් පිටව යාමට බලකෙරුනු නිසා, සාකච්ඡාවෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව අහෝසි කෙරුනු අතර ඒ හේතුවෙන් යුක්රේන ජනාධිපතිවරයා ට අමෙරිකාවෙන් පිටව යාමට සිදුවූයේ ඛනිජ ගිවිසුමක් නැතිව.

xfgte46
රුසියානු ජනාධිපති පුටින් සමග සාමයට සූදානම් වීමෙන් පසුව සිලෙන්ස්කි ට නැවත ධවල මන්දිරයට පැමිණිය හැකි බවට ට්‍රම්ප් පසුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

“අමෙරිකාව සම්බන්ධ වුනොත් ජනාධිපති සිලෙන්ස්කි සාමය සඳහා සූදානම් නැති බව මට තහවුරු වී තිබෙනවා. අපේ සහභාගිත්වය නිසා සාකච්ඡාවලදී ලොකු වාසියක් ලැබෙන බවට ඔහු සිතීම ඊට හේතුවයි” ට්‍රම්ප් පවසනවා.

“මට වාසියක් උවමනා නැහැ. මට අවශ්‍ය කරන්නේ සාමය!”

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක බොක්සිං කිරුළ රැගෙන ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිපතිවරයාව ට්‍රම්ප් පලවා හරියි | The Leader