The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩිකාවන්ට අපහාස කළ ගුවන් විදුලි නිවේදකයා රැකියාවෙන් නෙරපයි

T

The Leader Desk

March 2, 2025 • 3:56 PM

ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩිකාවන්ට අපහාස කළ ගුවන් විදුලි නිවේදකයා රැකියාවෙන් නෙරපයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු තමා කළ ප්‍රකාශයන්ට සමාව ඉල්ලා සිටිය ද නැවත වැඩසටහන ඉදිරිපත් කිරීමට පැමිණියේ නැහැ.
  • ෂියේගෝල්ඩ් හා Triple M ගුවන් විදුලිය එකිනෙකාගෙන් වෙන්වීමට එකඟ වූ බව එම ගුවන් විදුලියේ මව් ආයතනය වන Southern Cross Austereo (SCA) පසුව නිවේදනය කළා.
  • | මාටී ෂියේගෝල්ඩ් 2023 කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායමක අතිවිශිෂ්ට ජයග්‍රාහී ක්‍රියාව මේ ප්‍රකාශවලින් අවතක්සේරු කළ බව පාපන්දු ක්‍රීඩාවේ පාලක සම්මේලනය ප්‍රකාශ කළා.
  • වසරේ කෙල්ලන්” යනුවෙන් ෂියේගෝල්ඩ් සඳහන් කළේ ඔහුගේ සම නිවේදකවරුන්ගේ සිනහව මධ්‍යයේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දැමුනා.

SheBelieves Cup තරගාවලියේ ජපානය හා අමෙරිකාව වෙතින් පරාජය වී සිටි ‘මෙටිල්ඩර්ස්’ (Matildas) නමින් හැඳින්වෙන ඔස්ට්‍රේලියානු කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම Triple M ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කරන මාටී ෂියේගෝල්ඩ් (Marty Sheargold) ගේ විකාර හා සිත් රිදවන ප්‍රලාපයන්ගේ විෂය බවට පත්වුණා.

Matildas| මෙටිල්ඩර්ස් ක්‍රීඩිකාවන්
මෙටිල්ඩර්ස් ක්‍රීඩිකාවන් දෙස බැලූ විට තමන්ට සිහිවන්නේ 10 වැනි වසරේ කෙල්ලන් බවත් ඔවුන්ගේ ක්‍රීඩාව නීරස එකක් බවත් ෂියේගෝල්ඩ් ඔස්ට්‍රේලියාව පුරා විකාශය වන තම වැඩසටහනෙන් කියා සිටියේ, “අපට කතා කළ හැකි පිරිමි ක්‍රීඩා මොනවා හරි තියෙනවාද?” යනුවෙන් වැඩසටහනේ ඔහුගේ සම-නිවේදකගෙන් විමසා සිටිමින්.

ඔහු තමා කළ ප්‍රකාශයන්ට සමාව ඉල්ලා සිටිය ද නැවත වැඩසටහන ඉදිරිපත් කිරීමට පැමිණියේ නැහැ.

ෂියේගෝල්ඩ් හා Triple M ගුවන් විදුලිය එකිනෙකාගෙන් වෙන්වීමට එකඟ වූ බව එම ගුවන් විදුලියේ මව් ආයතනය වන Southern Cross Austereo (SCA) පසුව නිවේදනය කළා.

xfge56| මාටී ෂියේගෝල්ඩ්
2023 කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායමක අතිවිශිෂ්ට ජයග්‍රාහී ක්‍රියාව මේ ප්‍රකාශවලින් අවතක්සේරු කළ බව පාපන්දු ක්‍රීඩාවේ පාලක සම්මේලනය ප්‍රකාශ කළා.

ෂියේගෝල්ඩ් ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩිකාවන් පහත් මට්ටමට ඇද දමමින් කතා කළේ SheBelieves කුසලාන තරගාවලියේ පිට පිට දෙවැනි පරාජය ලබමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම අමෙරිකාව ට පරාජය වීම පිළිබඳව සාකච්ඡා වෙමින් තිබූ ක්‍රීඩා වැඩසටහනක.

“ඔවුන් මට මතක් කරන්නේ කාවද කියා ඔබ දන්නවාද? 10 වසරේ කෙල්ලන්” යනුවෙන් ෂියේගෝල්ඩ් සඳහන් කළේ ඔහුගේ සම නිවේදකවරුන්ගේ සිනහව මධ්‍යයේ.

fye46| ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ඇමතිනී Anika Wells
මේ ප්‍රකාශයන් අවිනීත, නීරස හා වැරදි ඒවා බව ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ඇමතිනී Anika Wells ප්‍රකාශ කරනවා.

හොකී ක්‍රීඩාවෙන් සිය රට නියෝජනය කළ ඔස්ට්‍රේලියානු ඔලිම්පික් ක්‍රීඩිකා Ambrosia Malone ද, ෂියේගෝල්ඩ්ව විවේචනය කළා.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩාව හා සමාජයට ඇතිවිය හැකි තියුණු බලපෑම හඳුනා ගැනීමට අසමත් වූ මේ පිළිගත නොහැකි ප්‍රකාශයන්ගෙන් තමන් මහත් කලකිරීමට පත්ව සිටින බව ඔස්ට්‍රේලියා පාපන්දු බලධාරීන් ප්‍රකාශ කළා.


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩිකාවන්ට අපහාස කළ ගුවන් විදුලි නිවේදකයා රැකියාවෙන් නෙරපයි | The Leader