The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'අපි ජීවත් වෙන්නේ මාෆියාවට බයෙන්' - මැරඩෝනාගේ දුව

T

The Leader Desk

March 3, 2025 • 10:31 AM

'අපි ජීවත් වෙන්නේ මාෆියාවට බයෙන්' - මැරඩෝනාගේ දුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ සිදුවූ ආජන්ටිනා පාපන්දු පුරාවෘත්ත ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් ආරම්භ වීමට නියමිත නඩු විභාගයට පෙර මෙසේ ප්‍රකාශ කරමින් 37 හැවිරිදි ඩැල්මා මැරඩෝනා (Dalma Maradona) යුක්තිය ඉල්ලා සිටිනවා.
  • ඔහුගේ වෛද්‍ය මණ්ඩලයේ නොසැලකිල්ල මේ මරණයට හේතු වූ බවට මැරඩෝනාගේ පවුලේ සාමාජිකයින් චෝදනා කර තිබෙනවා.
  • මාර්තු 11 වැනිදා ආරම්භ වන නඩු විභාගයට පෙර පැවති විස්මයජනයක සාකච්ඡාවකදී ඩැල්මා කඳුළු වගුරවමින්, මැරඩෝනාගේ මරණය පිළිබඳ සත්‍යය දැනගන්නා ලෙසට ජනතාවට ආයාචනය කළා.
  • ජනතාව ඇත්ත දැන ගැනීම අපට අවශ්‍යයි.” “මගේ මව මට හැමවෙලේම කියනවා, ‘කට වහ ගනින්, කිසිම දෙයක් කියන්න එපා, මට බයයි’ කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):


2020 වසරේ සිදුවූ ආජන්ටිනා පාපන්දු පුරාවෘත්ත ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් ආරම්භ වීමට නියමිත නඩු විභාගයට පෙර මෙසේ ප්‍රකාශ කරමින් 37 හැවිරිදි ඩැල්මා මැරඩෝනා (Dalma Maradona) යුක්තිය ඉල්ලා සිටිනවා.

ආජන්ටිනාවේ බුවනොස් අයිරස් අගනුවර සිය නිවසේදී මැරඩෝනා මාරක හෘදයාබාධයකින් මිය ගොස් දැනට වසර පහකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. ඔහුගේ වෛද්‍ය මණ්ඩලයේ නොසැලකිල්ල මේ මරණයට හේතු වූ බවට මැරඩෝනාගේ පවුලේ සාමාජිකයින් චෝදනා කර තිබෙනවා.


මාර්තු 11 වැනිදා ආරම්භ වන නඩු විභාගයට පෙර පැවති විස්මයජනයක සාකච්ඡාවකදී ඩැල්මා කඳුළු වගුරවමින්, මැරඩෝනාගේ මරණය පිළිබඳ සත්‍යය දැනගන්නා ලෙසට ජනතාවට ආයාචනය කළා.

“මගේ අම්මා ඉන්නේ හරිම බයෙන්” යනුවෙන් ඇය කියා සිටියා.

“අම්මා බයවෙලා ඉන්නේ මාෆියාවට. ඔවුන් තමයි හැම දෙයක්ම පාලනය කරන්නේ. මුදල් හා බලය තියෙන්නේ මාෆියාවට.”

“නමුත් මම ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. මම දන්නවා මම එරෙහි වෙලා ඉන්නේ කාටද කියලා. නමුත් මට නිහඬව ඉන්න බැහැ. ජනතාව ඇත්ත දැන ගැනීම අපට අවශ්‍යයි.”

“මගේ මව මට හැමවෙලේම කියනවා, ‘කට වහ ගනින්, කිසිම දෙයක් කියන්න එපා, මට බයයි’ කියලා. නමුත් මට එහෙම ඉන්න බැහැ. මම ඒ දෙය එයා (මැරඩෝනා) වෙනුවෙන් කිරීමට බැඳී සිටිනවා” යනුවෙන් දියණිය අවධාරණය කරනවා.



තම පියාගේ මරණයට මාෆියා ඝාතකයන් සම්බන්ධ බවත් පියාගේ මරණය තහවුරු කිරීම පිණිස ඔවුන් උවමනාවෙන්ම පියාගේ වෛද්‍ය සත්කාරය නොසලකා හැරිය බවත් ඩැල්මා මීට කළින් චෝදනා කර තිබුණා.  

මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් 2021 වසරේ පැවති පරීක්ෂණයකදී ඔහුගේ වෛද්‍ය කණ්ඩායම නුසුදුසු, අසම්පූර්ණ හා නොසැලකිලිමත් ලෙස කටයුතු කළ බවට නිගමනය කෙරුණා.

ඊට වසරකට පසුව, නිවේදනය කෙරුණේ වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු අට දෙනෙක් නඩු විභාගයකට පෙනී සිටිනු ඇති බව. එම නඩුව මාර්තු 11 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මැරඩෝනා ඔහුගේ ජීවිත කාලය තුළ මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහිව සිටි අතර 2020 වසරේදී මොළයේ සැත්කමකට ද බඳුන් වුණා.

එහෙත් ඔහුට ප්‍රමාණවත් වෛද්‍ය සත්කාර ලැබුණා නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වැඩි අවස්ථාවක් තිබුණු බවට පරීක්ෂණයෙන් හෙළිවුණා.

 

photoAgustina Cosachov
නඩුවට පෙනී සිටින වෛද්‍ය කණ්ඩායම වැරදිකරුවන් ලෙස තීන්දු කෙරුනොත් ඔවුන්ට වසර 25ක් දක්වා වන සිර දඬුවමක් නියම වීමට ඉඩ තිබෙනවා.

මැරඩෝනාගේ ස්නායු ‌වෛද්‍යවරයා, මනෝචිකිත්සකයා, හෙදියන් තිදෙනෙක් හා මනෝවිද්‍යාඥයින් දෙදෙනෙකු විත්ති කූඩුවට නැගීමට නියමිතයි. මැරඩෝනාගේ පෞද්ගලික මනෝචිකිත්සකවරිය වන Agustina Cosachov ද මීට ඇතුළත්.

මැරඩෝනාගේ මරණයට හේතු දෙකක් තිබිය හැකි බවත් එකක් ස්වාභාවික වන අතර දෙවැන්න විස ද්‍රව්‍යයක අධිග්‍රහණයක් බවත් ඇගේ නීතිඥවරයා පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශ කර තිබුණා.


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...