බිඳ දැමීමට ප්‍රංශයේදී සමත් වුණා.
ද්විත්ව ඔලිම්පික් රිටි පැනීමේ ශූරයා වන ඔහු සිකුරාදා සිය පළමු උත්සාහයේදී මීටර් 6.27ක උසක් රිටි පනිමින් පසුගිය අගෝස්තු මාසයේ පෝලන්තයේ පිහිටුවා තිබූ මීටර් 6.26ක ඔහුගේ ම ගෝලීය වාර්තාව මකා දැමුවා.
ඩුප්ලාන්ටිෂ් 2020 වසරේ සිට මේ දක්වා වන ඔහුගේ වාර 11න් සෑම අවස්ථාවකදීම රිටි පැනීමේ ලෝක වාර්තාව ඉක්මවා ගොස් තිබෙන්නේ සෙන්ටිමීටරයක් බැගින් වීම විශේෂත්වයක්. පසුගිය මාස 11 තුළ පමණක් ඔහු ඔහුගේ ලෝක වාර්තාව සිවු වතාවක් බිඳ දමා තිබෙනවා.
මේ ස්වීඩන ශූරයා ශිල්ප දැක්වීම ආරම්භ කිරීමට පෙර මීටර් 6.16ක රිටි පැනීමේ ලෝක වාර්තාව 2014 වසරේදී පිහිටුවා තිබුණේ ප්‍රංශයේ Renaud Lavillenie.
2020 වසරේ පෙබරවාරි මාසයේදී මීටර් 6.17ක උසකට පිවිසෙමින් ඩුප්ලාන්ටිෂ් ඔහුගේ ප්‍රථම ලෝක වාර්තාව පිහිටුවූයේ වයස අවුරුදු 20දී.
නමුත් එය මේ ඉසව්වේ ඩුප්ලාන්ටිෂ්ගේ අවිවාදිත ආධිපත්‍යය පැතිරවීමේ ආරම්භය පමණක් වූ අතර මේ ඔලිම්පික් හා ලෝක ශූරයා දැන් ඔහුගේ වර්ණවත් ක්‍රීඩා දිවිය තුළ 11 වැනි වතාවටත් රිටි පැනීමේ ලෝක වාර්තාව බිඳ දමා තිබෙනවා.
පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළුව 2024 වසරේදී තෙවතාවක් තම වාර්තාව අලුත් කිරීමෙන් පසුවයි ඩුප්ලාන්ටිෂ් ප්‍රංශයේ සිකුරාදා පැවති තරගාවලියේදී ඔහුගේ පළමු උත්සාහයේදීම මීටර් 6.27 නව ලෝක වාර්තාව බිහි කළේ.

ඩුප්ලාන්ටිෂ් මෙන් නිරායාසයෙන් දිගටම ලෝක වාර්තාව බිඳ දැමීමට වෙනත් කිසිම ක්‍රීඩකයෙකුට හැකිවී නැහැ. අනාගතයේදීත් ඔහු මේ ආකාරයෙන්ම තරග කරනු ඇතැයි ඔ්නෑම කෙනෙකුට ඔට්ටු අල්ලන්න පුළුවනි. එහෙත් තමාට මීට වඩා බොහෝ උසට පැනීමේ හැකියාව තිබියදීත් ඩුප්ලාන්ටිෂ් ඔහුගේ ලෝක වාර්තාව වරකට එක සෙන්ටිමීටරයක් බැගින් පමණක් දියුණු කරන්නේ ඇයි?
ලෝක වාර්තාවක් බිඳ දමන සෑම අවස්ථාවකම ක්‍රීඩකයෙකුට ඩොලර් 100,000ක බෝනස් මුදලක් ලැබෙනවා. ඩුප්ලාන්ටිෂ් ඔහුගේ රිටි පැනීමේ ලෝක වාර්තාගත උස ප්‍රමාණය ස්ථිර ලෙස වැඩි කරමින් යාමට ප්‍රධානතම හේතුව මේ වාසිදායක දීමනාව යි.
‘ෆෝබ්ස්’ සඟරාව විසින් වාර්තා කර තිබෙන පරිදි, කොන්දේසියට අනුව ක්‍රීඩකයෙකුට මේ බෝනස් මුදල ලැබෙන්නේ ඔහු තරග කරන තරගාවලියේ එක් වරක් පමණයි.
ඒ අනුව, ඩුප්ලාන්ටිෂ් තරගාවලියක දෙවතාවක් ලෝක වාර්තාව බිඳ දැමුවොත්, ඒත් ඔහුට හිමිවන්නේ ඩොලර් 100,000ක් පමණයි. ඩොලර් 200,000ක් නෙවෙයි.

මීටර් 6.17 සිට වර්තමාන ලෝක වාර්තාව වන මීටර් 6.27 දක්වා පැමිණි ආකාරය දෙස බලන විට දෙවතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගත් ඩුප්ලාන්ටිෂ් ඔහුගේ මීළඟ අභියෝගය ලෙස මීටර් 6.28 බාර ගැනීම පිළිබඳව සැකයක් නැති අතර ම මේ වසරේ ගෘහස්ථ හා එළිමහන් ලෝක ශූරතාවලියන්ට ද සහභාගි වෙමින් පිට පිට රන් පදක්කම් තුනක් (හැට්-ට්‍රික්) ලබා ගැනීමේ අවස්ථාව ද ඔහු ඉදිරියේ තිබෙනවා.
සෙන්ටිමීටරයෙන් සෙන්ටිමීටරය අහස සමීපයේ පාවී යමින්, ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම රිටි පනින්නා වශයෙන් සිය උරුමය සුරක්ෂිත කරමින් සිටින 25 හැවිරිදි ආමන්ඩ් ඩුප්ලාන්ටිෂ්ගේ අලුත්ම ලෝක වාර්තාව බිහිවූයේ ගායන ශිල්පියෙකු ලෙස ඔහුගේ “Bop” නමැති මංගල ගී තැටිය නිකුත් වූ දිනයේ ම යි. ඔහු, ඔහුගේ ලෝක වාර්තාගත පැනීම සිදුකරන විට ක්‍රීඩාංගණයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් ඔහුගේ ගීතය වාදනය වුණා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



