The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අන්තර් සමාජ පාපන්දු ලෝක කුසලානයේ ත්‍යාග මුදල ඩොලර් බිලියනයක්

T

The Leader Desk

March 6, 2025 • 12:23 PM

අන්තර් සමාජ පාපන්දු ලෝක කුසලානයේ ත්‍යාග මුදල ඩොලර් බිලියනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ මුදල පසුගිය පිරිමි හෝ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියන් හි ප්‍රදානය කෙරුනු ත්‍යාග මුදලට වඩා සැලකිය යුතු මට්ටමේ වැඩිවීමක්.
  • කණ්ඩායම් 32ක සහභාගිත්වයෙන් පළමු වරට පවත්වනු ලබන මේ තරගාවලිය මින් ඉදිරියට සෑම සිවු වසරකට වරක් ම පැවැත්වෙනු ඇතැයි ලෝක පාපන්දු පාලක මණ්ඩලය පවසනවා.
  • කණ්ඩායම් සහභාගිත්වය වැඩි කරන ලද මේ තරගාවලියෙන් ඩොලර් බිලියන දෙකක ආදායමක් බලාපොරොත්තු වන බව FIFA නිවේදනයක දැක්වෙනවා.
  • වසරේ සිට මෙහි කාන්තා තරගාවලියක් ද පැවැත්වෙනු ඇති බව එම නිවේදනයේ සඳහන්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ මුදල පසුගිය පිරිමි හෝ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියන් හි ප්‍රදානය කෙරුනු ත්‍යාග මුදලට වඩා සැලකිය යුතු මට්ටමේ වැඩිවීමක්.

කණ්ඩායම් 32ක සහභාගිත්වයෙන් පළමු වරට පවත්වනු ලබන මේ තරගාවලිය මින් ඉදිරියට සෑම සිවු වසරකට වරක් ම පැවැත්වෙනු ඇතැයි ලෝක පාපන්දු පාලක මණ්ඩලය පවසනවා.

කණ්ඩායම් සහභාගිත්වය වැඩි කරන ලද මේ තරගාවලියෙන් ඩොලර් බිලියන දෙකක ආදායමක් බලාපොරොත්තු වන බව FIFA නිවේදනයක දැක්වෙනවා. 2028 වසරේ සිට මෙහි කාන්තා තරගාවලියක් ද පැවැත්වෙනු ඇති බව එම නිවේදනයේ සඳහන්.

ජියානි ඉන්ෆන්ටීනෝ: 'ලොව හොඳම ක්‍රීඩකයා තෝරන්නේ FIFA'FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ

 

“FIFA Club World Cup තරගාවලිය ලොව පාපන්දු සමාජ තරග බිමේ මුදුන් පෙත්ත වනවා පමණක්‌ නොව එය වෙනත් කිසිම තරගාවලියක් සිදු නොකළ මට්ටමකින් පාපන්දු ක්‍රීඩා සමාජවලට ප්‍රයෝජනයක් ලැබෙන සහයෝගිතාවක ප්‍රබෝධමත් ප්‍රදර්ශනයක් වේවි” යනුවෙන් FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ප්‍රකාශ කරනවා.

“මේ තරගාවලියෙන් උපදවන ආදායම තරගාවලියට සහභාගි වන සියලුම සමාජවලට සහ සමාජ සහයෝගිතාව හරහා ලෝකය පුරා බෙදා හරින්නේ මෙයින් එක ඩොලරයක්වත් FIFA තබා ගන්නේ නැතුව” යනුවෙන් ඉන්ෆන්ටීනෝ කියනවා.

 

fifa council

තරග 63ක් දක්වා වැඩි කෙරුනු අන්තර් සමාජ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජූනි 14 සිට ජූලි 13 දක්වා. මයාමි නගරයෙන් ආරම්භ වන තරගාවලියේ අවසාන තරගය පැවැත්වෙන්නේ නිව් ජර්සි නගරයේ.

කටාර් රාජ්‍යයේ පැවති 2022 පිරිමි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පිරිනැමුනු සමස්ත ත්‍යාග මුදල වූයේ ඩොලර් මිලියන 440ක්. නවසිලන්තය හා ඔස්ට්‍රේලියාවේ පැවති 2023 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ත්‍යාග මුදල ඩොලර් මිලියන 110ක්.

 

fifa99234
පාපන්දු සමාජ 36කින් යුත් මේ ක්‍රීඩා වාරයේ UEFA චැම්පියන්ස් ලීග් නව ක්‍රමවේදය මගින් එම තරගාවලියට සම්බන්ධ වන පාපන්දු සමාජ සඳහා ඩොලර් බිලියන 2.66ක සමස්ත ගෙවීමක් සිදු කරනවා.  

අන්තර් සමාජ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 7 සිට 32 දක්වා මේ වසරේ ව්‍යාප්තව තිබෙන අතර මේ නව ක්‍රමවේදය ආරම්භයේ පටන් ම මතභේදයට ලක්ව තිබෙනවා. ජගත් පාපන්දු සම්මේලනය ඔවුන්ගේ සමාජ හා දේශීය තරගාවලියන් දෙක ම එකම වෙලාවේ ව්‍යාප්ත කරමින් සිටින්නේ සුපිරි ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් වැඩි බරක් පැටවෙන මේ තරග කැලැන්ඩරය විවේචනය කරමින් හෝ ඒවායින් විවේක ගනිමින් හෝ සිටින අවස්ථාවක. යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ UEFA චැම්පියන්ස් ලීගය ද දැන් ව්‍යාප්ත කර තිබෙනවා. ගෝලීය පාපන්දු පාලක මණ්ඩලය විසින් යුරෝපීය සංගමයේ තරගාවලි නීතිය උල්ලංඝනය කරන බවට තර්ක කරමින් ගෝලීය පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමය පසුගිය වසරේදී FIFA ට එරෙහිව චෝදනාවක් ගොනු කළා.


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අන්තර් සමාජ පාපන්දු ලෝක කුසලානයේ ත්‍යාග මුදල ඩොලර් බිලියනයක් | The Leader