පෙබරවාරියේ සිට රෝහල්ගතව සිටින 88 හැවිරිදි පාප් වහන්සේගේ X ගිණුමේ ‘අළු බදාදා’ දිනය සමරණ ප්‍රකාශයක් පෝස්ට් කර තිබුණා.

ඊට ප්‍රතිචාර වශයෙන්, එංගලන්ත ක්‍රිකට් සමාජ මාධ්‍ය ගිණුම මෙසේ සටහන් කර තිබුණා: “රෝමයේ ප්‍රධාන බිෂොප්වරයාත් අළුවලට කැමතියි.”
එම පෝස්ටුව දැන් ඉවත් කර තිබෙනවා.
මෙය අඥාන පෝස්ටුවක් බවත් එය වහාම ඉවත් කළ බවත් පවසන ECBය, “වරදක් සිදුවූවා නම් අපට සමාවෙන්න” යනුවෙන් ලියා තිබෙනවා.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සමාජ මාධ්‍ය ගිණුම බදාදා මෙසේ පෝස්ටුවක් තැබුවා: අපි කවුද කියලා අළු විසින් අපට මතක් කර දෙනවා. එයින් අපට සිද්ධ වෙන්නේ හොඳක්.”
“එය අපව අපේ තැනේ තබනවා. එය අපේ ආත්මරාගයේ ගොරෝසු මායිම් මටසිලුටු කරමින්, අපව නැවත යථාර්ථයට ගෙන එමින් අපව වඩාත් නිහතමානී කර අපව එකිනෙකාට විවෘත කරනවා. අපි කවුරුවත් දෙවියන් වහන්සේ නෙවෙයි. අපි සියල්ලෝම සිටින්නේ ගමනක් යමින්.”
‘අළු බදාදා’ සංකේතවත් කරන්නේ කිතුනුවන් පාස්කු ඉරිදා ට සූදානම් වෙමින් ගත කරන දින 40ක උපවාස කාලයේ ආරම්භය.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



