The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ගාසා තීරය විකිණීමට නොවේ’: පලස්තීන විරෝධතාකරුවන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටර්න්බෙරී ගොල්ෆ් පිටිය වනසයි

T

The Leader Desk

March 9, 2025 • 3:06 PM

'ගාසා තීරය විකිණීමට නොවේ’: පලස්තීන විරෝධතාකරුවන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටර්න්බෙරී ගොල්ෆ් පිටිය වනසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ද්වේෂ සහගතව විනාශ කර තිබෙනවා.
  • ‘ගාසා තීරය විකිණීමට නොවේ’ (GAZA IS NOT 4 SALE) යනුවෙන් ද තණ පිට්ටනිය හරහා ස්ප්‍රේ කර තිබෙන්නේ ඉඩමේ වලවල් ගණනාවක් හාරමින්.
  • ටර්න්බෙරී ගොල්ෆ් පිටිය ට්‍රම්ප් මිලදී ගත්තේ 2014 වසරේ.
  • මෙහි එක ගොල්‌ෆ් වටයක් ක්‍රීඩා කිරීම සඳහා පවුම් 1,000ක් වැයවනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ද්වේෂ සහගතව විනාශ කර තිබෙනවා.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා වෙත එල්ල කරන ලද විස්මය දනවන හා නින්දා සහගත අපහාස කිරීම් රතු තීන්තවලින් ස්ප්‍රේ කර තිබෙන අයුරු දිස්වන ඡායාරූප ලොව පුරා පැතිර ගොස් තිබෙන්නේ ඉතාමත් වේගයෙන්.

 එහි තිබෙන සමාජ නිවහන සහ තණ නිල්ලේ තැන් කිහිපයක්ම මේ පලස්තීන ක්‍රියාවෙන් හානියට පත්ව තිබෙනවා.

ගොල්ෆ් පිටියේ බිම සහ ගොඩනැගිලිවල රතු තීන්ත උඩිංපල්ලෙන් තවරා තිබෙනු දක්නට ලැබෙනවා.

‘ගාසා තීරය විකිණීමට නොවේ’ (GAZA IS NOT 4 SALE) යනුවෙන් ද තණ පිට්ටනිය හරහා ස්ප්‍රේ කර තිබෙන්නේ ඉඩමේ වලවල් ගණනාවක් හාරමින්.

ටර්න්බෙරී ගොල්ෆ් පිටිය ට්‍රම්ප් මිලදී ගත්තේ 2014 වසරේ. මෙහි එක ගොල්‌ෆ් වටයක් ක්‍රීඩා කිරීම සඳහා පවුම් 1,000ක් වැයවනවා.

drrdd
දැන් ‘ට්‍රම්ප් ටර්න්බෙරී’ (Trump Turnberry) ලෙසින් ජනප්‍රියව තිබෙන මෙය ලෝකයේ තිබෙන එක් හොඳම ගොල්ෆ් නිකේතනයක් වශයෙන් පිළිගනු ලබනවා.

fre344
මේ සංකේතාත්මක ගොල්ෆ් පිටියට පලස්තීන ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයා ගාසා තීරය ‘මැද පෙරදිග රිවියේරාව’ (Riviera of the Middle East) ලෙස වැඩිදියුණු කිරීමට සැලසුම් කිරීම නිසා.

ට්‍රම්ප්ගේ මතය අනුව ගාසා තීරය දුප්පත්කමේ ගිලී සිටිමින් ඊශ්‍රායලය ට එරෙහිව සටන් කරන ප්‍රදේශයකට වඩා දේශීය පුද්ගලයන් හා නිවාඩුව ගතකරන්නන් පොහොසත් ආකාරයට විනෝදයෙන් ජීවත් වන ඉතා අලංකාර සංචාරක ගමනාන්තයක් විය යුතුව තිබෙනවා.

රටක් තුළ රැඳුණු තවත් කුඩා රටක් බඳු මේ ප්‍රදේශය වෙනුවෙන් තිබෙන තමාගේ මතභේදාත්මක සැලසුම්වල කෘතිම බුද්ධියේ ඡායාරූප පවා ට්‍රම්ප් මීට පෙර සමාජ මාධ්‍යයේ පළකර තිබුණා.

ctrtg
පුද්ගලයන් 48,000ක් පමණ මිය ගිය බවට වාර්තා වන ගාසා ප්‍රදේශය අලංකාර කෙරුණු නිවාඩු නිකේතනයක් ලෙස නැවත ගොඩනැගී තිබෙන අයුරු දිස්වන විස්මිත වීඩියෝවකින් පෙන්නුම් කරන්නේ බෝම්බවලින් විනාශයට පත් ගාසා තීරය පිළිබඳව ට්‍රම්ප්ගේ දැක්ම.

ගාසා තීරය ‘කඩා දමන ලද ස්ථානයක්’ ලෙස මීට පෙර හඳුන්වා දී ඇති ට්‍රම්ප්, ගාසා තීරය අමෙරිකාවේ පාලනය යටතේ පවතින ‘මැද පෙරදිග නදී තීරය’ බවට හැරවිය හැකි බවට ප්‍රකාශ කළා.

මේ භූමියේ තිබෙන අනතුරුදායක නොපිපිරුණු බෝම්බ හා අනෙකුත් ආයුධ ගලවා ඉවත් කිරීමේ වගකීම බාර ගන්නා අමෙරිකාව විනාශයට පත් ගොඩනැගිලිවල සුන්බුන් එම ස්ථානයෙන් ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා කියා තිබුණා.

ට්‍රම්ප්ගේ සැලැස්ම වී තිබෙන්නේ ගාසා තීරයේ වෙසෙන මිලියන දෙකක පලස්තීනුවන් අසල්වැසි අරාබි රටවල නැවත පදිංචි කර ගාසා ප්‍රදේශය යළි ගොඩනැගීම.

“ඒ ප්‍රදේශය අපි අයිති කර ගන්නවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ, මිලියන දෙකක පලස්තීන ජනතාව ඊජිප්තුව හා ජෝර්දානය ඇතුළු රටවල නැවත පදිංචි කරවනු ඇති බව සඳහන් කරමින්.

එහෙත් පසුව ට්‍රම්ප් නැවත ප්‍රකාශයක් කරමින් අමෙරිකාව එම භූමියේ කිසිම ආයෝජනයක් සිදු නොකරණ බව හා අමෙරිකානු හමුදාව එහි නොයවන බව කියා සිටියා.


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...