The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'චැම්පියන්ස් කුසලානය ලෝකෙ කොහේ ක්‍රීඩා කළත් ඉන්දියාව දිනනවා' - වසිම් අක්රම්

T

The Leader Desk

March 11, 2025 • 8:32 AM

'චැම්පියන්ස් කුසලානය ලෝකෙ කොහේ ක්‍රීඩා කළත් ඉන්දියාව දිනනවා' - වසිම් අක්රම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‌මේ තරගාවලිය සඳහා සත්කාරක පාකිස්තානය ට සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඉන්දියා කණ්ඩායම ඔවුන්ගේ සියලු තරග ක්‍රීඩා කළේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ.
  • මෙය ඉන්දියාව ට ලබා දුන් අසාධාරණ වාසියක් බව ක්‍රිකට් විශාරදයින් කිහිප දෙනෙකු ම පවසා තිබුණා.
  • කෙසේ වෙතත්, ක්‍රිකට් ලෝකයේ ඉන්දියාවේ පරම ප්‍රතිවාදියා වන පාකිස්තානයේ පුරාවෘත්ත ක්‍රීඩක වසිම් අක්රම් ප්‍රකාශයක් කරමින්, චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ඉන්දියා කණ්ඩායම පාකිස්තානය ට පැමිණිය ද ප්‍රතිඵලයේ කිසිම වෙනසක් සිදු නොවනු ඇති බව කියා තිබෙනවා.
  • “ඔව්, ඉන්දියාව ඔවුන්ගේ සෑම තරගයක් ම ඩුබායිවල ක්‍රීඩා කරන බවට තීරණය වීමෙන් පසුව ලොකු කතාබහක් ඇතිවුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

‌මේ තරගාවලිය සඳහා සත්කාරක පාකිස්තානය ට සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඉන්දියා කණ්ඩායම ඔවුන්ගේ සියලු තරග ක්‍රීඩා කළේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. මෙය ඉන්දියාව ට ලබා දුන් අසාධාරණ වාසියක් බව ක්‍රිකට් විශාරදයින් කිහිප දෙනෙකු ම පවසා තිබුණා.

කෙසේ වෙතත්, ක්‍රිකට් ලෝකයේ ඉන්දියාවේ පරම ප්‍රතිවාදියා වන පාකිස්තානයේ පුරාවෘත්ත ක්‍රීඩක වසිම් අක්රම් ප්‍රකාශයක් කරමින්, චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ඉන්දියා කණ්ඩායම පාකිස්තානය ට පැමිණිය ද ප්‍රතිඵලයේ කිසිම වෙනසක් සිදු නොවනු ඇති බව කියා තිබෙනවා.

 

“මේ තරගාවලිය ලෝකයේ කොහේ තිබුණත් මේ ඉන්දියා කණ්ඩායම එය ජයග්‍රහණය කරනවා” යනුවෙන් අක්රම් පවසනවා.

“ඔව්, ඉන්දියාව ඔවුන්ගේ සෑම තරගයක් ම ඩුබායිවල ක්‍රීඩා කරන බවට තීරණය වීමෙන් පසුව ලොකු කතාබහක් ඇතිවුණා. නමුත් ඔවුන් එම තරගාවලිය පාකිස්තානයේ ක්‍රීඩා කර තිබුනා නම් එහිදීත් ඔවුන් එය ජය ගන්නවා” අක්රම් කියනවා.

t20 2024in

 

අක්රම් අවධානය යොමු කළේ ඉන්දියාව 2024 විස්සයි20 ලෝක කුසලානය සහ 2025 චැම්පියන්ස් කුසලානය යන තරගාවලියන් දෙක ම ජයග්‍රහණය කළේ එකම තරගයක් හෝ පරාජය නොවී යන කාරණාව ට. ඒ අනුව ඔවුන් මේ තරගාවලිය කුමන ස්ථානයක ක්‍රීඩා කළ ද එය ජයග්‍රහණය කිරීමේ හොඳ තත්ත්වයක සෑම අවස්ථාවකම සිටි බව ඔහු සඳහන් කරනවා.

“ඔවුන් එක ම තරගයක්වත් පරදින්නේ නැතුව 2024 T20 ලෝක කුසලානය දිනුවා. ඊට පස්සේත්, එකම තරගයක් හෝ පරාජය නොවී චැම්පියන්ස් කුසලානය දිනා ගත්තා. එයින් ඔවුන්ගේ කණ්ඩායමේ ගැඹුර හා නායකත්වය ප්‍රදර්ශනය වනවා” යැයි අක්රම් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

 

g45y5

2025 චැම්පියන්ස් කුසලාන ජයග්‍රහණය පැමිණෙන්නේ ඉන්දියාව ඔවුන්ගේ රටේදී නවසිලන්තය ට එරෙහිව 0-3කින් ද, රටෙන් පිටදී ඔස්ට්‍රේලියාව ට එරෙහිව 1-3කින් ද ලැබූ නින්දාසහගත ටෙස්ට් පරාජයන්ගෙන් පසුව. කෙසේ වෙතත්, ඉන්දියා කණ්ඩායම රෝහිත් ෂර්මා ඔවුන්ගේ නායකයා ලෙස සහ ගෞතම් ගම්භීර් ප්‍රධාන පුහුණුකරුවා ලෙස තබා ගනිමින් විරුද්ධකම් හා බාධක මැද දිගටම ඉදිරියට ගියේ සියුම් පරීක්ෂාවකට ලක්ව සිටියදී.

නුවණැති තීරණයක් ගැනීම පිළිබඳව ඉන්දියාව ට ප්‍රශංසාව පුද කළ අක්රම්, අවසානයේ ජයග්‍රහණය ලබා ගැනීමට එම තීරණය ඔවුන්ට උපකාරයක් වූ බව කියා සිටියා.

 



“ඔබට මතක නම්, ඉන්දියාව ඔවුන්ගේ රටේදී නවසිලන්තය ට 3-0කින් ටෙස්ට් තරගමාලාව පැරදුනා. ඔස්ට්‍රේලියාවේදී බෝඩර්-ගවස්කාර් කුසලානය පැරදුනා. ශ්‍රී ලංකාවේදී තරගමාලාව පරාජය වුණා. ඔවුන් නායකයා හා පුහුණුකරු ඉවත් කරන ලෙසට එල්ල වූ බලපෑම්වලට මුහුණ දී සිටියා. නමුත් සිහි නුවණ ජයගත්තා. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ‘මේ අපේ නායකයා, මේ අපේ පුහුණුකරුවා’ යැයි කියමින් ඔවුන්ගේ පැත්තේ හිටගත්තා. දැන් ඔවුන් ශූරයන්ගෙත් ශූරයෝ බවට පත්වෙලා” අක්රම් පෙන්වා දෙනවා.

ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම දැන් ජාත්‍යන්තර එක්දින තරග අටක් එකදිගට ජයග්‍රහණය කර තිබෙනවා. එංගලන්තය ට එරෙහිව 3-0 තරගමාලා ජයග්‍රහණයකින් ආරම්භ කර ඉන්දියාව එම ජයග්‍රාහී රැල්ල චැම්පියන්ස් කුසලාන තරගාවලියට ගෙන ගියා. එහිදී ඔවුන් ශූරතාව කරා ගිය ගමනේදී බංග්ලාදේශය, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව හා නවසිලන්තය (දෙවතාවක්) පරාජය කළා.


(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...