The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චෙල්ටනම් අශ්ව රේස් මංගල්‍යයට ගිනස් ස්ටවුට් හිඟයකින් තොරව

T

The Leader Desk

March 11, 2025 • 1:53 PM

චෙල්ටනම් අශ්ව රේස් මංගල්‍යයට ගිනස් ස්ටවුට් හිඟයකින් තොරව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගිනස් පයින්ට් (Guinness) මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
  • මේ සිවුදින උත්සවයට රොක්වන 250,000ක නරඹන්නන්ට මේ ජනප්‍රිය ස්ටවුට් පානය හිඟයකින් තොරව සැපයීමට ගිනස් ස්ටවුට් පානයේ අයර්ලන්ත නිෂ්පාදකයින් කටයුතු කර තිබෙනවා.
  • නත්තල් සමයේදී එංගලන්තයේ ඇතිවූ මේ ස්ටවුට් පයින්ටවල හිඟය හේතුවෙන් මේ වසරේ චෙල්ටනම් අශ්ව රේස් උත්සවයේදී එම පානයේ හිඟයක් පවතිනු ඇති බවට එංගලන්තයේ රේස් ඔට්ටු අල්ලන්නන් සහ මත්පැන් හල් බිය පළකර තිබුණා.
  • එංගලන්තයේ මත්පැන් පානය කරන්නන්ට තිබූ ගිනස් ස්ටවුට් හිඟයෙන් පසුව අයර්ලන්තයේ ගිනස් නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමට වැඩි කර තිබෙන බව වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගිනස් පයින්ට් (Guinness) මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ සිවුදින උත්සවයට රොක්වන 250,000ක නරඹන්නන්ට මේ ජනප්‍රිය ස්ටවුට් පානය හිඟයකින් තොරව සැපයීමට ගිනස් ස්ටවුට් පානයේ අයර්ලන්ත නිෂ්පාදකයින් කටයුතු කර තිබෙනවා.

නත්තල් සමයේදී එංගලන්තයේ ඇතිවූ මේ ස්ටවුට් පයින්ටවල හිඟය හේතුවෙන් මේ වසරේ චෙල්ටනම් අශ්ව රේස් උත්සවයේදී එම පානයේ හිඟයක් පවතිනු ඇති බවට එංගලන්තයේ රේස් ඔට්ටු අල්ලන්නන් සහ මත්පැන් හල් බිය පළකර තිබුණා.

cfgyh5
එංගලන්තයේ මත්පැන් පානය කරන්නන්ට තිබූ ගිනස් ස්ටවුට් හිඟයෙන් පසුව අයර්ලන්තයේ ගිනස් නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමට වැඩි කර තිබෙන බව වාර්තා වනවා.

තුරඟ තරග සැණකෙළියට පෙර චෙල්ටනම් වෙත යැවෙන ආශ්චර්යමත් ගිනස් තොගවල ඡායාරූප පළව තිබෙන අතර එම කළු පැහැති ස්ටවුට් පානය අඩංගු දහස් ගණන් කුඩා පීප්ප අයර්ලන්තයේ අගනුවර වන ඩබ්ලින් හි ඇති ගිනස් ඩිපෝවේ පෝලිමට තබා තිබෙන අයුරු එහි දිස්වනවා.

පසුගිය වසරේ චෙල්ටනම් උත්සවයට සහභාගි වූ රේස් ඔට්ටු අල්ලන්නන් විසින් ගිනස් ස්ටවුට් පයින්ට් 265,000කට වැඩි ප්‍රමාණයක් පානය කර තිබූ අතර එය ඔලිම්පික් පිහිනුම් තටාක තුනක් පිරවිය හැකි ප්‍රමාණයක්. මෙතරම් විශාල ගිනස් බීම ප්‍රමාණයක් අලෙවි වී තිබුණේ එහි පයින්ටයක මිල පවුම් 7.50ක් ලෙස මිල නියම කර තිබියදීත් වීම විශේෂත්වයක්.

මේ සතියේ ද චෙල්ටනම් තුරඟ තරග පිටියේ තිබෙන ‘ගිනස් ගම්මානය’ (Guinness Village) තමන්ගේ ප්‍රියතම ‘කළු රත්තරං’ පානයෙන් උතුරා යනු ඇති බවට රේස් ඔට්ටු අල්ලන්නන්ට විශ්වාසය තබන්න පුළුවන්.

set345
ගිනස් ස්ටවුට් පානයට තිබෙන ඉල්ලුම වැඩිවෙමින් තිබෙන බැවින් එංගලන්තයේ තොග ප්‍රමාණය ඉහළ දැමීමට නිෂ්පාදකයින් තීරණය කර තිබෙන්නේ ඒවායේ සැපයීම යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ අරමුණින්. මේ හේතුවෙන් ඉදිරි කාලයේදී ගිනස් ස්ටවුට් හිඟයක් ඇතිවීමේ බියකින් තොරව එම බීම පානය කිරීමේ අවස්ථාව එංගලන්ත ජනතාවට ලැබී තිබෙනවා.

ඉල්ලුමට සරිලන සැපයුම පවත්වා ගෙන යාම පිණිස පැය 24 පුරාම වෙහෙසෙමින් සිටින බව ගිනස් මවු ආයතනය පවසන අතර එංගලන්තය ට පිටත් කර යැවූ ගිනස් ස්ටවුට් ගැලුම් පිට ගැලුම් රැගෙන යන ට්‍රක් රථවල ඡායාරූප ද දක්නට ලැබෙනවා.

චෙල්ටනම් උත්සවය යනු විශාල ආකර්ෂණයක් තිබෙන ‘පැනීමේ අශ්ව රේස්’ කැලැන්ඩරයේ ලොකුම සැණකෙළිය යි. 1860 වසරේදී ප්‍රථම වතාවට පැවැත්වුනු මේ උත්සවය කඩුලු පැනීමේ අශ්ව රේස් තරග වාරයේ තිබෙන ප්‍රධානතම දින හතර යි. වසරේ හොඳම අශ්වයන් තීරණය වන ශූරතා තරගමාලාවක් මෙහි පැවැත්වෙනවා.

drte456
මේ අශ්ව රේස් මංගල්‍යයේ තිබෙන ප්‍රධානතම තරග වනුයේ අඟහරුවාදා පැවැත්වෙන Champion Hurdle, බදාදා පැවැත්වෙන Champion Chase, බ්‍රහස්පතින්දා පැවැත්වෙන Stayers’ Hurdle සහ සිකුරාදා පැවැත්වෙන Cheltenham Gold Cup.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...