The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මෝඩිගේ පුරවැසිභාවය අවලංගු කරයි

T

The Leader Desk

March 13, 2025 • 4:29 PM

මෝඩිගේ පුරවැසිභාවය අවලංගු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දූපත් දේශය විසින් නිකුත් කළ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කරන ලෙසට එරට අගමැතිවරයා නියෝග කර තිබෙනවා.
  • මේ නියෝගය නිකුත් කර තිබෙන්නේ මෝඩි වැනුආටු හි පුරවැසිභාවය ලබා ගෙන ඇති බවට ඉන්දියාව තහවුරු කර දින තුනකට පසුව.
  • වැනුආටු යනු පැසිෆික් සාගරයේ තිබෙන වැලක් මෙන් දිවෙන 80කට වැඩි දූපත්වලින් එකක්.
  • මෝඩි ඔහුගේ ඉන්දියා විදෙස් ගමන් බලපත්‍රය ලන්ඩනයේදී නිල වශයෙන් ආපසු බාර දීම සඳහා අයැදුම් කර තිබෙන බව ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධිර් ජයිස්වාල් ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දූපත් දේශය විසින් නිකුත් කළ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කරන ලෙසට එරට අගමැතිවරයා නියෝග කර තිබෙනවා.

මේ නියෝගය නිකුත් කර තිබෙන්නේ මෝඩි වැනුආටු හි පුරවැසිභාවය ලබා ගෙන ඇති බවට ඉන්දියාව තහවුරු කර දින තුනකට පසුව.

වැනුආටු යනු පැසිෆික් සාගරයේ තිබෙන වැලක් මෙන් දිවෙන 80කට වැඩි දූපත්වලින් එකක්.

Vanuatu

ඉන්දීය ප්‍රිමිය ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ හිටපු ප්‍රධානියා වූ ලලීට් මෝඩි, ලෝකයේ පොහොසත්ම ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානියාව සිටි කාලය තුළ සිදුකළේ යැයි කියන වංචා සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටිනවා.

2010 වසරේ සිට එංගලන්තයේ ජීවත් වෙමින් සිටින මෝඩි, සැමවිට ම මේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඔහු නැවත රටට ගෙන්වා ගැනීමට ඉන්දියාව ගත් උත්සාහයන් ගණනාවක් අසාර්ථක වී තිබෙනවා.

මෝඩි ඔහුගේ ඉන්දියා විදෙස් ගමන් බලපත්‍රය ලන්ඩනයේදී නිල වශයෙන් ආපසු බාර දීම සඳහා අයැදුම් කර තිබෙන බව ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධිර් ජයිස්වාල් ප්‍රකාශ කරනවා.

“ඔහු වැනුආටු රටේ පුරවැසිභාවය ලබා ගෙන තිබෙන බව ද අපට දැනගන්නට ලැබී තිබෙනවා. අපි ඔහුට එරෙහිව තිබෙන නඩුව නීතියට අනුව දිගටම ගෙන යනවා” ජයිස්වාල් කියනවා.

Lalit Modi IPL

ලලීට් මෝඩි වැනුආටු පුරවැසියෙක් බවට පත්වූ පුවත ඉන්දියාවේ සිරස්තල මවා තිබෙනවා. ඔහු ප්‍රබෝධමත් හා ධනවත් IPL තරගාවලියේ මුහුණත බවට කලක් පත්ව සිටියා. මෝඩි සමාජයේ ප්‍රසිද්ධ සිදුවීම් වන තැන්වල නිතර දකින චරිතයක් බවට පත්ව සිටියේ බොලිවුඩ් තරු හා ඉන්දියාවේ සුපිරි පැලැන්තිය සමග උරෙන් උර ගෑවෙමින්.

එහෙත් පසුගිය සඳුදා, වැනුආටු අගමැති Jotham Napat නිවේදනයක් නිකුත් කරමින්, තම රට මෝඩිගේ පුරවැසිභාවය අවලංගු කිරීමට තීරණය කළ බව කියා සිටියා.

වැනුආටු විදෙස් ගමන් බලපත්‍රය ‘වරප්‍රසාදයක්’ බවත් අයැදුම්කරුවන් පුරවැසිභාවය ඉල්ලා සිටිය යුත්තේ නිත්‍යානුකූල හේතුවකට බවත් අගමැතිවරයා පවසා තිබුණා.

“චූදිතයකු හෝ වරදකරුවකු සියරට භාරදීමෙන් වැළකීමට උත්සාහ කිරීම මේ නිත්‍යානුකූල හේතුවලට ඇතුළත් වන්නේ නැහැ. මෝඩිගේ අරමුණ මෙය බව මෑතකදී අනාවරණය වූ කාරණාවලින් පැහැදිලිව පෙනෙනවා” යනුවෙන් Napat ප්‍රකාශ කර තිබෙනවා.

e54rr
මෝඩිගේ විදෙස් ගමන් බලපත්‍ර අයැදුම් පත සම්බන්ධ පරීක්ෂණය අතරතුර කළ පසුබිම් හා ජාත්‍යන්තර පොලිස් (ඉන්ටපෝල්) නිරීක්ෂණවලදී ඔහුගේ සාපරාධී ක්‍රියාවන් කිසිවක් සොයා නොගත් බව වැනුආටු අගමැති සඳහන් කළා.

නමුත්, මෝඩි සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙසට සංඥාවක් නිකුත් කරන්නැයි ඉන්දියාව කළ ඉල්ලීම ඉන්ටපෝල් විසින් දෙවතාවක් ප්‍රතික්ෂේප කර තිබෙන බවට පසුගිය පැය 24 තුළ තමාව දැනුවත් කර ඇතැයි කී අගමැතිවරයා, ඔවුන් ඊට හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ ‘ස්ථිර පදනමක් සහිත අපක්ෂපාතී සාක්ෂි’ නැතිකම බව ප්‍රකාශ කළා.

“එවැනි ඕනෑම සංඥාවකින් මෝඩිගේ පුරවැසිභාවයේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වීම ඉබේ සිදුවනවා.”

මීට දිනකට පෙර මෝඩි X සමාජ මාධ්‍යයේ පළ කළ පෝස්ටුවකින්, ඉන්දියාවේ කිසිම අධිකරණයක තමාට එරෙහිව කිසිම නඩුවක් ගොනු කර නැති බව සඳහන් කරමින් තමා පිළිබඳව බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම ගැන මාධ්‍යට චෝදනා කළා.

IPL තරගාවලිය 2008 වසරේදී බිහි කිරීමට පුරෝගාමී වූයේ මෝඩි. එය දැන් ඩොලර් බිලියන ගණනින් උපයන කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා.

මෝඩි ට එරෙහිව නගා තිබෙන ප්‍රධාන චෝදනා වනුයේ 2010 වසරේ ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් ආයතන දෙකක ඉල්ලුම් කිරීම් වංචා සහගත ලෙස හසුරුවීම. තරග විස්තර විකාශය හා අන්තර්ජාල අයිතීන් අනුමැතියකින් තොරව විකිණීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

2013 වසරේදී ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිම ක්‍රියාවකට සම්බන්ධ වීම මෝඩි ට ජීවිතාන්තය දක්වා තහනම් කළා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෝඩිගේ පුරවැසිභාවය අවලංගු කරයි | The Leader