The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පෙනල්ටියේදී දෙවරක් පන්දුව ස්පර්ශ කිරීමේ නාටකයෙන් පාපන්දුවේ නීති වෙනස් වන ලකුණු

T

The Leader Desk

March 14, 2025 • 10:46 AM

පෙනල්ටියේදී දෙවරක් පන්දුව ස්පර්ශ කිරීමේ නාටකයෙන් පාපන්දුවේ නීති වෙනස් වන ලකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදියර දෙකකින් සමන්විත තරගය සමව අවසන් වීමෙන් පසුව පැවති පෙනල්ටි සටනෙන් ජයගෙන රේආල් මෙඩ්රිඩ් කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිය ද එය සිදුවූ ආකාරය ප්‍රශ්න සහගත එකක් වුනා.
  • මේ මතභේදයට හේතුව වූයේ ත්‍රාසයෙන් පිරුණු පෙනල්ටි ලකුණු උරගා බැලීමේ සටනේදී ඇට්ලටිකෝ මෙඩ්රිඩ් කණ්ඩායමේ ජූලියන් ඇල්වරෑස් (Julian Alvarez) ඔහුගේ උත්සාහයේ දෙවතාවක් පන්දුවට පහර දුන් බවට වීඩියෝ සහායක විනිසුරු (VAR) විසින් තීරණය කිරීම.
  • පළමු අදියර තරගයේදී රේආල් මෙඩ්රිඩ් කණ්ඩායම ගෝල් 2-1කින් ජයගෙන තිබුන ද, ඊයේ පැවති දෙවැනි අදියර තරගයේ පළමු මිනිත්තුව ඇතුළත ඇට්ලටිකෝ මෙඩ්රිඩ් කණ්ඩායම ගෝලයක් ලබා ගැනීම නිසා අදියර දෙකේ ගෝල් එකතුව සම වුනා.
  • එහිදී පෙනල්ටි උත්සාහයන් තුනක් සාර්ථකව අවසන් වීමෙන් පසුව 25 හැවිරිදි ඇල්වරෑස් ඔහුගේ කණ්ඩායමේ දෙවැනි පෙනල්ටිය එල්ල කිරීමට පැමිණියා.
අකුරු ප්‍රමාණය (Font Size):


රේආල් මෙඩ්රිඩ් (Real Madrid) සහ ඇට්ලටිකෝ මෙඩ්රිඩ් (Atletico Madrid) යන දේශීය ප්‍රතිවාදීන් එකිනෙකා මුණගැසෙන සෑම අවස්ථාවකදීම ඉතාමත් තියුණු තරගයක් අපේක්ෂා කළ හැකි වූව ද මේ දෙපිල අතර ඊයේ පැවති චැම්පියන්ස් ලීග් (Champions League) අවසාන 16 දෙනාගේ වටයේ තරගය අවසන් වූයේ ආන්දෝලනාත්මක ප්‍රතිඵලයකින්.

අදියර දෙකකින් සමන්විත තරගය සමව අවසන් වීමෙන් පසුව පැවති පෙනල්ටි සටනෙන් ජයගෙන රේආල් මෙඩ්රිඩ් කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිය ද එය සිදුවූ ආකාරය ප්‍රශ්න සහගත එකක් වුනා.

a472884acdcd1b0f54aa60210cecf7e8

මේ මතභේදයට හේතුව වූයේ ත්‍රාසයෙන් පිරුණු පෙනල්ටි ලකුණු උරගා බැලීමේ සටනේදී ඇට්ලටිකෝ මෙඩ්රිඩ් කණ්ඩායමේ ජූලියන් ඇල්වරෑස් (Julian Alvarez) ඔහුගේ උත්සාහයේ දෙවතාවක් පන්දුවට පහර දුන් බවට වීඩියෝ සහායක විනිසුරු (VAR) විසින් තීරණය කිරීම.

පළමු අදියර තරගයේදී රේආල් මෙඩ්රිඩ් කණ්ඩායම ගෝල් 2-1කින් ජයගෙන තිබුන ද, ඊයේ පැවති දෙවැනි අදියර තරගයේ පළමු මිනිත්තුව ඇතුළත ඇට්ලටිකෝ මෙඩ්රිඩ් කණ්ඩායම ගෝලයක් ලබා ගැනීම නිසා අදියර දෙකේ ගෝල් එකතුව සම වුනා. ඉන්පසු දෙපිලම තීරණාත්මක ගෝලය ලබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුව ද, තරගය තියුණු මුහුණුවරක් ගත් අතිරේක කාලය දක්වා දීර්ඝ වීමෙන් පසුවත් ගෝලයක් වාර්තා නොවූ බැවින් ජයග්‍රාහකයන් තීරණය කිරීම සඳහා පෙනල්ටි ප්‍රහාරයකට යාමට සිදුවුනා.

 

2025 03 12T232929Z 1764083339 RC2YBDA4DHWA RTRMADP 3 SOCCER CHAMPIONS ATM RMA REPORT
එහිදී පෙනල්ටි උත්සාහයන් තුනක් සාර්ථකව අවසන් වීමෙන් පසුව 25 හැවිරිදි ඇල්වරෑස් ඔහුගේ කණ්ඩායමේ දෙවැනි පෙනල්ටිය එල්ල කිරීමට පැමිණියා. ඔහු පන්දුව සාර්ථකව දැල තුළට එල්ල කළ අතර එම උත්සාහයේදී ඔහු ලිස්සන අයුරු දිස්වුනා.

පෙනල්ටි ප්‍රහාරය දිගටම පැවැත්වෙමින් රේආල් කණ්ඩායම ඔවුන්ගේ ඊළඟ පෙනල්ටිය ලබා ගැනීමට පැමිණියා. එහෙත්, එම පෙනල්ටිය එල්ල කිරීමට අවස්ථාව ලබා දීමට පෙර, තරග විනිසුරුවරයා හදිසියේම සංඥාවක් කරමින් ඇල්වරෑස් දෙවතාවක් පන්දුවට පහර දුන් බව VAR විසින් හඳුනා ගෙන ඇති බැවින් එම පෙනල්ටිය අවලංගු කරන බව දන්වා සිටියා.

GettyImages 2204793880.jpg

සිදුවූයේ කුමක් ද යන්න ක්‍රීඩාංගණයේ සිටි සෑම කෙනෙකුම දුටුවේ නැහැ. කෙසේ වෙතත්, රූපවාහිනී තිරයෙන් නැවත නිරීක්ෂණය කිරීමේදී ඇල්වරෑස් ඔහුගේ පෙනල්ටි ප්‍රහාර උත්සාහයේදී නොදැනුවත්ව දෙවරක් පන්දුව ස්පර්ශ කරන බව පෙන්නුම් කළා. ඔහු පහර එල්ල කිරීමට දිවයද්දී ලිස්සා ගිය ඔහුගේ වම් පාදය යන්තමින් පන්දුව සමග ස්පර්ශ වී තිබෙන්නේ දකුණු පාදයෙන් පන්දුවට පහර දීමට පෙර.

43155e6bded342f0e228b1f877a2b9f5

පෙනල්ටියේ අවසන් ප්‍රතිඵලයට මේ සියුම් ස්පර්ශයෙන් ඇතිවූයේ ඉතාම පොඩි වෙනසක් වූව ද ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්ඩලයේ - International Football Association Board – (IFAB) - නීතිවලට අනුව මෙය වරදක්. අවසානයේ ඇට්ලටිකෝ මෙඩ්රිඩ් කණ්ඩායම පෙනල්ටි ප්‍රහාරයෙන් පරාජය වෙමින් තරගාවලියෙන් ඉවතට විසිවුනා.

විනිසුරු කණ්ඩායම විසින් නිවැරදි තීරණය ගෙන තිබෙන බවට යුරෝපීය පාපන්දුවේ පාලක මණ්ඩලය වන UEFA තහවුරු කළ ද, පන්දුව දෙවරක් ස්පර්ශ කිරීම වැරදීමකින් සිදුවූ බවට ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබියදී මේ වර්තමාන නීතිය ක්‍රියාත්මක කළ යුතුද, නැත්නම් එය වෙනස් කළ යුතුද යන්න පිළිබඳව IFAB සහ ජගත් පාපන්දු සම්මේලනය (FIFA) සමග සාකච්ඡා කරන බව UEFA කියා සිටිනවා.

 

 


warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පෙනල්ටියේදී දෙවරක් පන්දුව ස්පර්ශ කිරීමේ නාටකයෙන් පාපන්දුවේ නීති වෙනස් වන ලකුණු | The Leader