The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

සෞදි අරාබිය ක්‍රිකට් ක්‍රීඩාවටත් කඩා වදී

T

The Leader Desk

October 3, 2025 • 12:50 PM

සෞදි අරාබිය ක්‍රිකට් ක්‍රීඩාවටත් කඩා වදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞදි අරාබියත් දැන් සැලකිලිමත් විය යුතු අයුරින් ක්‍රිකට් ක්‍රීඩාවට හදිස්සියෙන් කඩා වැදී සිටිනවා.
  • පිරිමි තරගවලින් ඔබ්බට යන මේ හවුලට සෞදි භූමියේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දෙයක් වන කාන්තා තරග පැවැත්වීමේ සැලසුමක් ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
  • මේ හවුල්කාර සම්බන්ධය හරහා ILT20 තරගාවලිය SACF හා එහි වාණිජ අංශය වන ක්‍රිකට් ආයෝජන සමාගම (CIC – Cricket Investment Company) සමග කටයුතු කරනු ඇත්තේ සෞදි අරාබියේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම හා කුසලතාවන් වර්ධනය කිරීම පිණිස.
  • මේ සම්බන්ධය දෙසැම්බර් 2 වැනිදා ඇරැඹෙන තරගාවලියෙන් ක්‍රියාත්මක වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අනෙකුත් ක්‍රීඩාවන් මෙන් ක්‍රිකට් ක්‍රීඩාවත් අවුල් කිරීමට සෞදි රියාල් මුදලට තිබෙන හැකියාව පිළිබඳව මාස ගණනක් තිස්සේ තිබූ අනුමාන කිරීම්වලින් පසුව, ඉන්ධනවලින් පොහොසත් මේ රට දැන් කතාව පසෙක ලා ක්‍රියාවට බසිමින් ජාත්‍යන්තර ලීග් විස්සයි20 (ILT20 – International League T20) සමග සහයෝගීත්වයක් හරහා ඔවුන්ගේ අසල්වැසියන් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අත්වැල් බැඳගෙන සිටිනවා.

මේ ලීගය සෞදි අරාබි ක්‍රිකට් සම්මේලනය (SACF) සමග උපායශීලී ගිවිසුමකට එළඹ සිටින්නේ ILT20 තරග සෞදි රාජධානියේ පැවැත්වීමට මං විවර කර ගනිමින්. පිරිමි තරගවලින් ඔබ්බට යන මේ හවුලට සෞදි භූමියේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දෙයක් වන කාන්තා තරග පැවැත්වීමේ සැලසුමක් ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

මේ හවුල්කාර සම්බන්ධය හරහා ILT20 තරගාවලිය SACF හා එහි වාණිජ අංශය වන ක්‍රිකට් ආයෝජන සමාගම (CIC – Cricket Investment Company) සමග කටයුතු කරනු ඇත්තේ සෞදි අරාබියේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම හා කුසලතාවන් වර්ධනය කිරීම පිණිස. මේ සම්බන්ධය දෙසැම්බර් 2 වැනිදා ඇරැඹෙන තරගාවලියෙන් ක්‍රියාත්මක වනවා.

 

uawen6i
‌මේ හවුල හරහා සෞදි අරාබි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද මේ තරගාවලියට කෙලින්ම සහභාගි වීමේ මඟ විවෘත වන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු එම ලීගය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.

ILT20 තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ සිවු වැනි වතාවට. එහි ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 1 වැනිදා සිදුකෙරුනා. එහිදී සෑම කණ්ඩායමක් ම අවම වශයෙන් සෞදි අරාබියෙන් එක් ක්‍රීඩකයෙකු බඳවා ගත යුතු බවට නීතියක් පනවා තිබුනා. ඉදිරි වසරවලදී, ලෝක ILT20 තරග ද සෞදි අරාබියේ ක්‍රීඩා කරනු ඇතැයි එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරනවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සෞදි අරාබිය ක්‍රිකට් ක්‍රීඩාවටත් කඩා වදී | The Leader