The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

ඉන්දියානු අභියෝගය හමුවේ නොසැලී ආසියානු කුසලානය රැකගත් නක්වි ට පාකිස්තානයෙන් ගෞරවනීය රන් පදක්කමක්

T

The Leader Desk

October 4, 2025 • 9:03 AM

ඉන්දියානු අභියෝගය හමුවේ නොසැලී ආසියානු කුසලානය රැකගත් නක්වි ට පාකිස්තානයෙන් ගෞරවනීය රන් පදක්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කුසලානය හා පදක්කම් පිරිනැමීමේ උත්සවයේදී මෝසින් නක්වි ප්‍රදර්ශනය කළ අචල සහ අභිමානි ආකල්පය විශේෂ රන් පදක්කමකින් අගැයීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.
  • ඔහුට මේ පදක්කම පිරිනැමෙන්නේ ආසියානු කුසලාන අවසාන තරගයෙන් පසුව ඉන්දියාවේ බලවත් ඉල්ලීම්වලට එරෙහිව දැක්වූ ස්ථිර හා ප්‍රතිපත්තිමය මතය ට ගරු කිරීමක් ලෙස.
  • නක්වි ට මේ තිළිණය පිරිනමන බවට නිවේදනය කර තිබෙන්නේ කරච්චි බාස්කට්බෝල් සංගමයේ සභාපති නීතිඥ ගුලාම් අබ්බාස් ජමාල් විසින්.
  • පාකිස්තාන ජනතා පක්ෂයේ සභාපති බිලවාල් භූතෝ සර්ඩාරි ප්‍රධාන අමුත්තා වනු ඇතැයි අපේක්ෂිත කරච්චි හි පැවැත්වෙන මහා උත්සවයකදී නක්වි ට මේ ගෞරවනීය පදක්කම ප්‍රදානය කෙරෙනු ඇතැයි වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව නක්වි ට කරච්චි නුවරදී ‘ෂහීඩ් සුල්‌ෆිකර් අලි භූතෝ විශිෂ්ටතා රන් පදක්කම’ - Shaheed Zulfiqar Ali Bhutto Excellence Gold Medal - ප්‍රදානය කෙරෙනු ඇතැයි වාර්තා වනවා. ඔහුට මේ පදක්කම පිරිනැමෙන්නේ ආසියානු කුසලාන අවසාන තරගයෙන් පසුව ඉන්දියාවේ බලවත් ඉල්ලීම්වලට එරෙහිව දැක්වූ ස්ථිර හා ප්‍රතිපත්තිමය මතය ට ගරු කිරීමක් ලෙස.

නක්වි ට මේ තිළිණය පිරිනමන බවට නිවේදනය කර තිබෙන්නේ කරච්චි බාස්කට්බෝල් සංගමයේ සභාපති නීතිඥ ගුලාම් අබ්බාස් ජමාල් විසින්. පාකිස්තාන ජනතා පක්ෂයේ සභාපති බිලවාල් භූතෝ සර්ඩාරි ප්‍රධාන අමුත්තා වනු ඇතැයි අපේක්ෂිත කරච්චි හි පැවැත්වෙන මහා උත්සවයකදී නක්වි ට මේ ගෞරවනීය පදක්කම ප්‍රදානය කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

india wc 250929

ආසියානු කුසලාන අවසාන තරගයේදී ඉන්දියාව කඩුලු පහකින් පාකිස්තානය පැරදවීමෙන් පසුව, ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති වන තමාගේ දෑතින් කුසලානය ලබා ගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ නිසා එම කුසලානය රැගෙන නක්වි ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් පිටව ගියේ මාධ්‍යයේ ප්‍රධාන සිරස්තල මවමින්.


ඉන්දියා කණ්ඩායමට ආසියානු ක්‍රිකට් කුසලානය අවශ්‍ය නම් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ ඩුබායි ප්‍රධාන කාර්යාලයට පැමිණ එය තමාගෙන් ලබා ගන්නා ලෙසට නක්වි දන්වා තිබෙනවා.

 



warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...