The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

‘කොළඹ මැරතන්’ ජාත්‍යන්තර තරගයේ කෙන්යානු ආධිපත්‍ය බිඳ වැටෙයි: පළමු ස්ථාන තුනෙන් දෙකක් ශ්‍රී ලංකාවට

T

The Leader Desk

October 6, 2025 • 4:43 AM

‘කොළඹ මැරතන්’ ජාත්‍යන්තර තරගයේ කෙන්යානු ආධිපත්‍ය බිඳ වැටෙයි: පළමු ස්ථාන තුනෙන් දෙකක් ශ්‍රී ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයග්‍රාහිකාවෝ - ජයග්‍රාහකයෝ
  • ඔහූ වාර්තා කළ කාලය පැය 2යි මිනිත්තු 25යි තත්පර 35ක්.
  •   කාලතුවක්කු රෙජිමේන්තුවේ කේ ෂන්මුගේෂ්වරන් දෙවනි ස්ථානය හිමිකර ගත්තේ පැය 2යි මිනිත්තු 26යි තත්පර 30ක කාලයක් සටහන් කරමින්.
  • විජයබා රෙජිමේන්තුවේ උදාර චානක රූපසිංහ ට තෙවැනි ස්ථානයට පත්වීමට පැය 2යි මිනිත්තු 27යි තත්පර 02ක් ගතවුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කෙන්යාවේ 32 හැවිරිදි ඉලියාස් යෝගා මුතෝනි කොළඹ සිට මීගමුව දක්වා ඊයේ පැවති 19 වැනි ‘කොළඹ මැරතන්’ ජාත්‍යන්තර තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඔහූ වාර්තා කළ කාලය පැය 2යි මිනිත්තු 25යි තත්පර 35ක්.

මීට පෙර පැවති ‌මේ මැරතන් තරගවල කෙන්යානු ආධිපත්‍යය මෙවර පළමු ස්ථානයට පමණක් සීමා වීම විශේෂත්වයක් වූයේ දෙවැනි හා තෙවැනි ස්ථාන දෙක ම ශ්‍රී ලාංකිකයන් විසින් හිමිකර ගැනීම නිසා. මේ ස්ථාන දෙක අත්කර ගත්තේ යුද හමුදාව නියෝජනය කළ මැරතන් ක්‍රීඩකයන්.

LR 4

 

කාලතුවක්කු රෙජිමේන්තුවේ කේ ෂන්මුගේෂ්වරන් දෙවනි ස්ථානය හිමිකර ගත්තේ පැය 2යි මිනිත්තු 26යි තත්පර 30ක කාලයක් සටහන් කරමින්. විජයබා රෙජිමේන්තුවේ උදාර චානක රූපසිංහ ට තෙවැනි ස්ථානයට පත්වීමට පැය 2යි මිනිත්තු 27යි තත්පර 02ක් ගතවුනා.

කොළඹ මැරතන් තරගයේ ජයග්‍රාහිකාව ද කෙන්යානු ජාතිකයෙක්. පැය 2යි මිනිත්තු 58යි තත්පර 09කින් කාන්තා තරගය ජය ගත්තේ කැරොලයින් චෙරෝනෝ. පිරිමි තරගයේ මෙන්ම කාන්තා තරගයේ ද දෙවැනි හා තෙවැනි ස්ථන හිමිකර ගත්තේ ශ්‍රී ලාංකිකයින්.

LR 5

 

එච්.එම්.හේරත් පැය 3යි මිනිත්තු 03යි තත්පර 20ක් සටහන් කරමින් දෙවැනි ස්ථානයට ද, එම්.චමිලා සිරිවර්ධන පැය 3යි මිනිත්තු 26යි තත්පර 12ක් ගත කරමින් තෙවැනි ස්ථානයට ද පත්වුනා.

මීගමුව වෙරළ උද්‍යානයේදී පදක්කම් ප්‍රදානය සිදු කෙරුනේ ‌මේ තරගය සංවිධානය කළ ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

marathon 1LR 8

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :
රටවල් 35කින් තරගකරුවන් 1200කට වැඩි පිරිසක්: හය වසරක නිහැඬියාවකින් පසුව ‘කොළඹ මැරතන්’ ජාත්‍යන්තර තරගය ඉරිදා (05) මීගමුවට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...