The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

මාරක රිය අනතුරකින් දිවි ගලවා ගත් හෙල්ල විසිකිරීමේ ශූරිය පිතිකාරිනියක වී නව ලෝක වාර්තා පිහිටුවයි

T

The Leader Desk

October 8, 2025 • 11:56 AM

මාරක රිය අනතුරකින් දිවි ගලවා ගත් හෙල්ල විසිකිරීමේ ශූරිය පිතිකාරිනියක වී නව ලෝක වාර්තා පිහිටුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකාරිනී ටස්මීන් බ්‍රිට්ස් ‌(Tazmin Brits) ෙඑතිහාසික ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.
  • ඇගේ මේ ඉනිමට හතරේ පහර 15ක් සහ දැවැන්ත හයේ පහරක් ඇතුළත්ව තිබුණා.
  • මෙය 2025 වසරේ බ්‍රිට්ස්ගේ පස්වැනි ජාත්‍යන්තර එක්දින (ODI) ක්‍රිකට් ශතකය වූ අතර මෙය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ කැලැන්ඩර වසරකදී මෙතෙක් වාර්තා වූ වැඩිම ශතක ප්‍රමාණයයි.
  • මීට පෙර මේ වාර්තාව උසුලමින් සිටියේ 2024 හා 2025 යන වසර දෙකේදී ම දෙවතාවක් ශතක හතරක් සටහන් කළ ඉන්දියා ආරම්භක පිතිකාරිනී ස්ම්‍රිටි මන්ධානා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, නවසිලන්තය ට එරෙහිව ඉන්දූර් හි හොල්කා ක්‍රීඩාංගණයේ සඳුදා පැවති තරගයේදී පන්දු 86කින් ශතකයක් ලබා ගනිමින්. ඇගේ මේ ඉනිමට හතරේ පහර 15ක් සහ දැවැන්ත හයේ පහරක් ඇතුළත්ව තිබුණා.

මෙය 2025 වසරේ බ්‍රිට්ස්ගේ පස්වැනි ජාත්‍යන්තර එක්දින (ODI) ක්‍රිකට් ශතකය වූ අතර මෙය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ කැලැන්ඩර වසරකදී මෙතෙක් වාර්තා වූ වැඩිම ශතක ප්‍රමාණයයි. මීට පෙර මේ වාර්තාව උසුලමින් සිටියේ 2024 හා 2025 යන වසර දෙකේදී ම දෙවතාවක් ශතක හතරක් සටහන් කළ ඉන්දියා ආරම්භක පිතිකාරිනී ස්ම්‍රිටි මන්ධානා. දැන් තවමත් ගෙවී යන්නේ ඔක්තෝබර් මාසය. කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දීර්ඝ තරගාවලියක්. එබැවින් පිතිකරණයේ ඉතාමත් හොඳ තත්ත්වයක සිටින මේ පිතිකාරිනියන් දෙදෙනා අතර තියුණු සටනක් ඉදිරියේදී දැක බලා ගැනීම පිණිස ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාවක් ලැබීමට ඉඩ තිබෙනවා.

 

බ්‍රිට්ස් බිඳ දැමූ එකම වාර්තාව එය නෙවෙයි. මෙය ඇගේ හත් වැනි ODI ශතකයයි. ඒ වෙනුවෙන් ඇය ක්‍රීඩා කර තිබෙන්නේ ඉනිම 41ක් පමණයි. මෙය වැඩිම වේගයෙන් ලබා ගත් ශතක 7 බවට ද වාර්තා වනවා. හිටපු ඔස්ට්‍රේලියානු නායිකා මෙග් ලැනිං ට මේ සඳහා ගතවූ ඉනිම සංඛ්‍යාව 44ක්. වෙනත් කිසිම පිතිකාරිනියක ඉනිම 50කදී පවා ශතක හතක් ලබා ගෙන නැති අතර පෝලිමේ ඊළඟට සිටින්නේ එංගලන්තයේ ටැමී බෝමොන්ට් (ඉනිම 62) සහ නවසිලන්තයේ සුසී බේට්ස් (81). බ්‍රිට්ස් ඇගේ වාර්තාගත ශතකය සැමරුවේ දුන්නයි ඊතලයක ලස්සන අංග චලනයකින්.

කැලැන්ඩර වසරක් තුළ ශතක පහක් වාර්තා කරමින් ඉතිහාසය අලුතින් ලියූ බ්‍රිට්ස් මෑත වසරවලදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට විප්ලවීය වෙනසක් කර තිබෙනවා. එහෙත්, හිණිපෙත්තට පිවිසි ඇගේ ගමන කෙලින්ම සිදුවූවක් හෝ පහසු එකක් වුනේ නැහැ.

බ්‍රිට්ස් ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ හිටපු හෙල්ල විසිකිරීමේ ලෝකඩ පදක්කම්ලාභිනියක්. 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගත් ඇය එම වික්‍රමය සැමරීම පිණිස රිය පදවමින් සිටියදී භයානක අනතුරකට ලක්වුනා. සුක්කානම ගෙන සිටින අතරතුර තමාගේ ජංගම දුරකථනයට එබිකම් කිරීමට යාමේදී ඇය මේ අනතුරට පත්වූ අතර එයින් ඇගේ උකුල් පෙදෙසේ තැන් කිහිපයක් බිඳී, මුත්‍රාශය පුපුරා අභ්‍යන්තර ලේ ගැලීමක් හටගත්තා.

bteyryt

 

ඇයගේ මව්පියන්, භෞතචිකිත්සකයින් හා මානසික වෛද්‍යවරුන්ගේ ආධාර කිරීම්වලට ස්තූතිවන්ත වන්නට බ්‍රිට්ස් ප්‍රාතිහාර්යමය සුවයක් ලබා ගනිමින් වසරක ප්‍රතිකාරවලින් පසුව නැවත ඇවිදින්නට පටන් ගත්තා.

ශරීර යෝග්‍යතාවේ පෙර තිබූ තත්ත්වයට නැවත පිවිසීමෙන් පසුව බ්‍රිට්ස් ක්‍රිකට් පිත්ත සමග දැක්වූ වෘත්තීයතාව ඇයට දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායමට 2018 වසරේදී ඇතුළු වීමට උපකාරයක් වුනා. එතැන් සිට මේ ඔලිම්පික් වළලු පච්චය සහිත පිතිකාරිනිය ඉදිරියටම ගියේ එක පිට එක දස්කම් ප්‍රදර්ශනය කරමින්.

බංග්ලාදේශය ට එරෙහිව ප්‍රථම වරට දකුණු අප්‍රිකාව නියෝජනය කළ බ්‍රිට්ස් මේ වන විට ජාත්‍යන්තර විස්සයි20 තරග 14කදී රට වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. ‘ඇත්තෙන්ම තමා ජීවත්ව සිටිය යුතු කෙනෙක් නොවේ’ යනුවෙන් අනතුරෙන් පසුව මතයක් දැරූ ටස්මීන් බ්‍රිට්ස් තමාට ලැබුනු දෙවැනි වරමෙන් නැවත ජිවිතය ගොඩනගා ගෙන සිටින්නේ මහත් සේ මවිතයට පත්වෙන ආකාරයෙන්.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාරක රිය අනතුරකින් දිවි ගලවා ගත් හෙල්ල විසිකිරීමේ ශූරිය පිතිකාරිනියක වී නව ලෝක වාර්තා පිහිටුවයි | The Leader