The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

වියට්නාම් යුද සමයේ මොහමඩ් අලි අත්සන් නොකළ හමුදා කාඩ්පත අද සිට වෙන්දේසියේ

T

The Leader Desk

October 10, 2025 • 9:45 AM

වියට්නාම් යුද සමයේ මොහමඩ් අලි අත්සන් නොකළ හමුදා කාඩ්පත අද සිට වෙන්දේසියේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වියට්නාම් යුද සමයේදී තමාට ලබා දුන් හමුදා අණකර කාඩ්පතට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් මොහමඩ් අලි බොක්සිං ශූරයාගේ ජීවිතය උඩු යටිකුරු වූවා පමණක් නොව එයින් යුද විරෝධී ව්‍යාපාරයට ප්‍රබල හඬක් ද එක්වුනා. දැන් ඒ ඉතිහාසගත ලියවිල්ල අලෙවියට තැබීමට කටයුතු යොදා තිබෙනවා.
  • එයින් ඔහුගේ ජනප්‍රිය බොක්සිං දිවිය අවුල් කරන සිද්ධි දාමයක් ආරම්භ වූව ද බොක්සිං වළල්ලෙන් පිටත අලිව සාමය හා සමාජ සාධාරණය වෙනුවෙන් ශූරයෙකු ලෙස අමරණීය තත්ත්වයට පත්කළා.
  •   “මගේ පියාගේ නිර්භීතකම හා දැඩි විශ්වාසයේ පණිවුඩය මතක් කිරීම පෙරට වඩා අද ඉතාමත් වැදගත් කාර්යයක් බවට පත්ව තිබෙනවා.
  • අද ඔක්තෝබර් 10 සිට 28 දක්වා ‌මේ ‌ෙඑතිහාසික කාඩ්පතේ මාර්ගගත අලෙවි කිරීමක් සිදුකරන බව ප්‍රකාශ කරන ක්‍රිස්ටීස් වෙන්දේසිකරුවන්, එම කාඩ්පත ලැබුනේ අලිගෙන් පැවත එන්නන්ගෙන් බව කියා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 ali 1 335x500

1967 වසරේදී එම කාඩ්පතේ අලි අත්සන් කිරීමට නියමිතව තිබූ එහෙත් එසේ කිරීම ප්‍රතික්ෂේප කළ ස්ථානයේ තිබෙන්නේ හිස් රේඛාවක්. ඒ ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාව වියට්නාම් යුද්ධය උග්‍ර වෙද්දී ප්‍රදර්ශනය කළ එඩිතර විරෝධයක් වුනා. එයින් ඔහුගේ ජනප්‍රිය බොක්සිං දිවිය අවුල් කරන සිද්ධි දාමයක් ආරම්භ වූව ද බොක්සිං වළල්ලෙන් පිටත අලිව සාමය හා සමාජ සාධාරණය වෙනුවෙන් ශූරයෙකු ලෙස අමරණීය තත්ත්වයට පත්කළා.

ali 3

 

“මගේ පියාගේ නිර්භීතකම හා දැඩි විශ්වාසයේ පණිවුඩය මතක් කිරීම පෙරට වඩා අද ඉතාමත් වැදගත් කාර්යයක් බවට පත්ව තිබෙනවා. ඔහුගේ හමුදා කාඩ්පත ක්‍රිස්ටීස් ආයතන වෙන්දේසියේ විකිණීම අලිගේ උරුමය ලෝකය සමග බෙදා ගැනීමේ බලවත් ක්‍රමයක්” යනුවෙන් අලිගේ දියණියක වන රෂීඩා අලි වොල්ෂ් වෙන්දේසි නිවහන නිකුත් කළ නිවේදනයක් මගින් කියනවා.

අද ඔක්තෝබර් 10 සිට 28 දක්වා ‌මේ ‌ෙඑතිහාසික කාඩ්පතේ මාර්ගගත අලෙවි කිරීමක් සිදුකරන බව ප්‍රකාශ කරන ක්‍රිස්ටීස් වෙන්දේසිකරුවන්, එම කාඩ්පත ලැබුනේ අලිගෙන් පැවත එන්නන්ගෙන් බව කියා සිටිනවා. කාඩ්පතේ මහජන ප්‍රදර්ශනයක් නිව්යෝක් නුවර Rockefeller Center හි පසුගිය මස අග භාගයේ ආරම්භ වූ අතර එය ඔක්තෝබර් 21 දක්වා පැවැත්වෙනවා. මේ ලේඛනය ඩොලර් මිලියන 3 සිට 5 අතර මුදලකට අලෙවි වනු ඇති බවට වෙන්දේසි නිවහන තක්සේරු කර තිබෙනවා.

තෙවරක් ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වූ මොහමඩ් අලි 74 වැනි වියේ පසුවෙමින් සිටියදී 2016 වසරේ මිය ගියේ දශක ගණනාවක් තිස්සේ පාකින්සන් රෝගයෙන් පීඩා විඳීමෙන් පසුව. ඔහුගේ දේහය අවමඟුල් රියකින් කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිවල් නමැති ඔහු උපන් නගරයේ සොහොන් බිම වෙත රැගෙන යද්දී මඟ දෙපස රොක්ව සිටි 100,000ක ජනතාව “අලි! අලි!” යනුවෙන් හඬ නැගුවා. ඔහුගේ සැමරුම් දේව මෙහෙය කීර්තිමත් පුද්ගලයින්, ක්‍රීඩකයින් හා දේශපාලනඥයින්ගෙන් පිරී තිබුනා.

 

ali37

කොටසක් යතුරු ලියනයෙන් ලියා තිබෙන හමුදා කාඩ්පත අත්සන් නොකිරීම නිසා අලි හමුදා සේවය පැහැර හැරීමට වැරදිකරු කරමින් ඔහු හිමි කරගත් ශූරතා ඔහුගෙන් උදුරා ගෙන බොක්සිං ක්‍රීඩාව ඔහුට තහනම් කළා. තමා මුස්ලිම් පූජකයෙක් බව පවසමින් අලි එම දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කළා. “මට වියට්නාමයත් එක්ක කිසිම රණ්ඩුවක් නැහැ” යනුවෙන් අලි ඒ අවස්ථාවේ කළ ප්‍රකාශය ලොව පුරා ජනප්‍රිය වුනා. වසර තුනකට පසුව මොහමඩ් අලි ට නැවත බොක්සිං වළල්ලට පිවිසීමට අවසර ලැබුනා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...